චීනයේ Change චන්ද්‍ර ගවේෂණ යානයෙන් ගන්නා ලද සඳෙහි පැනොරාමා ඡායාරූපය......

චීනයේ ප්‍රථම සඳගමන සිහිවීම වෙනුවෙන් නිකුත්කරන ලද සමරු මුද්දර හා සමරු පදක්කම
චීනය දියත් කරන ලද "චැන්ගේ" නම් චන්ද්‍රයානය 2013 දෙසැම්බර් 14 වැනිදා සඳමතට ගොඩබසින ලදී. මෙම යානය චැන්ගේ ලෙස නම්කරන ලද්දේ චීන පුරාවෘත්තවලට අනුව සඳට අධිපති දෙවඟන වූ "චැන්ගේ" වෙනුවෙනි. කිලෝග්‍රෑම් 1200ක් බරින් යුතුවූ මෙය රොකට් මෝටර් ආධාරයෙන් සඳමතට සීරුවෙන් ගොඩබස්වන ලදී (soft landing). විද්‍යාත්මක උපකරණ හා කැමරාවලට අමතරව මෙම ලෑන්ඩරය කිලෝග්‍රෑම් 140 බර කුඩා සඳ ගවේෂණ රෝවරයක්ද රැගෙන ආ අතර එයට "යූ-ටූ" යනුවෙන් නම් තබා තිබේ.



යූ-ටූ යනු සඳ දෙවඟන වූ චැන්ගේ දෙව්දුවගේ සුරතල් හාපැටවාගේ නමවේ. යූ-ටූ යන චීන වදනේ තේරුම "jade rabbit" යන්නයි. ජේඩ් යනු කොළ පැහැති මැණික් ගල් විශේෂයකි.

මාස තුනක කාළයක් පුරා වර්ග කිලෝමීටර් 3ක ප්‍රදේශයක් ගවේෂණය කිරීම මෙහි ඉලක්කය වනවා. සූර්ය කෝෂ මගින් බලගැන්වෙන මෙය පෘථිවි දින 14ක් දිගු චන්ද්‍රයාගේ දිවා කාලයේ එක දිගටම ගවේෂණයේ යෙදෙනු ඇති අතර ඉන් පසුව එලබෙන පෘථිවි දින 14ක රාත්‍රීකාලයේදී "" හෙවත් නිද්‍රාශීලී ආකාරයෙන් ගත කරනු ඇත. එම කාලයේදී චන්ද්‍රයාගේ අධික ශීතලෙන් රෝවරයේ සූක්ශ්ම විද්‍යා උපකරණ හා පරිපථ ආරක්ශාකරමින් ඒවා උණුසුම්ව තබාගැනීමටත්, යානයේ අත්‍යවශ්‍ය පරිගණක වැනි උපකරණ ක්‍රියාත්මක කරවාගෙන තැබීමටත් අවශ්‍ය උණුසුම හා විදුලිබලය "radio isotope heater unit" හෙවත් විකිරණශීලී සමස්ථානික මගින් ක්‍රියාත්මක වන තාපකයක් මගින් ලබාදෙන ඇත.


Comments