Tuesday, January 21, 2014

නෙල්සන් මැන්ඩෙලාගේ කාර්යභාරය කුමක් ද?

"When the missionaries came to Africa they had the Bible and we had the land. They said Let us pray. We closed our eyes. When we opened them we had the Bible and they had the land." - Desmond Tutu

මිෂනාරීන් අප්‍රිකාවට පැමිණෙන විට ඔවුන් සතුව බයිබලය ද අප සතුව ඉඩම් ද තිබිණි. ඔවුන් අපට යාඥා කිරීමට යෝජනා කළ අතර අපි දෑස් වසාගෙන ඔවුන් සමඟ එක්වීමු. දෑස් හැර බලන විට අප අතේ බයිබලය ද ඔවුන් අතේ ඉඩම් ද තිබිණි. - ඩෙස්මන් ටුටු



මෙහිලා නෙල්සන් මැන්ඩෙලා විසින් ඉටු කළ කාර්යභාරය කුමක් ද? අප්‍රිකානුවන් නැවත ඇස් හැර බලන විට දුටු විපරිතය වෙනස් කිරීමට නායකත්ව දීමද? ඒ විපරිතය ඊනියා යථාර්ථය ලෙස පිළිගැනීමට අප්‍රිකානු ජාතිය මෙහෙය වීමද? 

සුදු අධිරාජ්‍යයට එරෙහිව සහ වර්ණභේදවාදයට එරෙහිව සටන් කළේ යැයි කියන නැතහොත් සුද්දාට එරෙහිව නැඟී සිටියේ යැයි සුද්දා විසින්ම මහත් ගෞරව බහුමානයෙන් පුදනු ලබන ගාන්ධි, මැන්ඩෙලා වැනි නායකයින් සැබවින් ම එකී නිදහස් සටන්වල රටවල වීරයින් ද? නැතහොත් ඒ රටවලට සුද්දා විසින් නිර්මාණය කරදුන් වීරයින් ද? නො එසේ නම් එක් පුද්ගලයෙකු එකවර යටත්විජිතහිමියාගේ සහ යටත්වැසියාගේ වීරයෙකු වන්නේ කෙසේ ද? වර්ණභේදවාදියාගේ සහ පීඩිතයාගේ වීරයා වන්නේ කෙසේ ද?

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !