නාඩි සෙට් එක

Thursday, January 16, 2014

සරණයි.. සරණා...යි....

සිරිපා කරුණා සමය සිතල උදුවප් මාසයේ නමෝ විත්තියෙන් පටන් ගත්තු වෙලේ ඉදන් අපේ උන් ලක ලැස්ති උනේ සිරිපා කරුණා කරන්න. කොහොමෙන් කොහොම හරි ඉස්පාසුවක් හොයා ගන්න පුළුවන් උනේ 14, 15 වැටිච්ච නිවාඩු දවස් දෙක! හරිම අමාරුවෙන් අනිත් වැඩ කටයුතු පස්සට දාල දවස් දෙක නිදහස් කර ගත්තා.
මේ කට්ටිය කිව්වේ අපේ විස්සවිද්‍යාලේ අතීසාර මිත්තරයෝ ටිකය!

13 වෙනිදා උදා විය! වෙනසක් නැත! අම්බානෙකට වැඩය!
මම - මේ හෙට නේද බං සිරිපාදේ යන්නේ..

පොලොස් මාමා - ඔව් ඔව් . හෙට රෑ නේ! හරි! මම වෙලාවට නගින්නම් කෝච්චියට!

මම - ඔව් උඹට රෑ නැගලා යන්න පුළුවන් &^%&*&!!

ඉතා සුන්දර ලෙස පොලොසා මේ සැරෙත් වෙලාව අනාගෙන තිබ්බේය! කොච්චර කට පාඩම් කරලා යැව්වත් ඌ ට වෙලාවල් මතක නැත! සාම්ප්‍රදනුකුලව ඌ මේ සැරෙත් train එක මිස් කරගෙන බස් එකක හැටන් ගෑටුවේය! ජොන්ටියා ද කොහේදෝ අවලමක ගොස් train එක මිස් කර ගත්තේය!

නාඩි උපදෙස් අංක 01 –
Trip එකක් යාමට දවසකටවත් කලින් අතමක ලෙඩේ තියන උන් සිහි බුද්ධිය ඇති උන් එක්ක නතර කල යුතුය! නැත්නම් ඌ නැගිටින්නේ කෝච්චි ගියාට පසුවය!

මංතුමා කල් වේලා ඇතිවම නුවරට ගියේ දළදා මාලිගාව වැද පුදාගෙනම සිරිපා කරුණා කිරීමටය! ඔන්න ඔය අහු පහු අස්සේ හෙන්ඩුවා...
හෙන්ඩු - මේ මචං කෝච්චිය නුවරට එන්නේ නෑලු!

මං - එහෙනම් කොහාටද යකෝ එන්නේ?

හෙන්ඩු - පේරාදෙණියට..
එහෙන් මෙහෙන් එන ඔක්කොම ටික එකතු පහදු කරගෙන GIC එකේ train time table database එක හදපු එකාට පින් දෙමින් අපි පේරාදෙණිය ට ගියෙමු!

නාඩි උපදෙස් අංක 02 –
ලංකාවේ train timetable කිසිදා විශ්වාස නොකරන්න! 

12.19 කෝච්චිය ආවේය! ආයේ පත්තරයක් එලා ගන්න ඉඩක් නැත! සූ ගෑවිල්ලේ සෙනගය! කොහොමෙන් කොහොම හරි අස්සේ පැක් වී හැටන් වලට පැමිණියෙමු!
 
හැටන් වල සිට ගමන නෝර්වුඩ් වලටය. අපේ සීනියර් අක්කා කෙනක් අසරණ අපිට කෑම වේලක් දීමට මග බලාගෙන සිටියාය! සහෝදරත්වය… පොංගල් බත් කුඩක් ඉතුරු නොකර ඉවර කිරීමට අපේ උන් වග බලා ගත්තෝය.

රෑ 8.30 විතර වෙන තුරු නෝර්වුඩ් ගෘගස්ථ ක්‍රීඩාංගනයේ විවේක ගත් අපි නල්ලතන්නි බස් එකක එල්ලී සිරිපා කරුණාවට පිටත් උනෙමු! අප්පේ.. බස් එකේ සැමන් අඩුක් කළාට දෙවැනි නැත! හරිම අමාරුවෙන් එල්ලී හිටිගඩු පිපෙන සීතලේ නල්ලතන්නියට ලඟා උනෙමු!

නඩේ ගුරා FM මහත්තයාය! ;) ඉතුරු 23 දෙනාගෙන් බහුතරය කෝඩු ය! කිරි කෝඩු නම් නෙවෙයි ය! දඩු කෝඩුය! පඬුරු ගැට ගසා රෑ 10 ට පමණ ඉහලට කරුණා කළෙමු.

දැන් සිරිපා කරුණාවේ තුන් සරණේ ඇහෙන්නේ හරිම අඩුවෙන්ය! එක් නඩයක් තුන් සරණේ කැසට් එකක් ටිකක් සද්දෙන් දමාගෙන යනවා මංතුමා දැක්කේය! නරකක් කියන්න බැරිය! නැතිනම් ඒ අපූරු රිද්මය සදහටම නැතිවී යා හැක!

නිවාඩු දවස් දෙක නිසා උඩ මළුවට යන හරිය වෙද්දී නම් ටිකක් සෙනගය! මහා ගිරි දඹ එහෙම නැග්ගේ අඩියෙන් අඩිය නැවතී නැවතිය! උදේ 5.30 විතර වෙද්දී අපි උඩ මලුවේ!

පහුගිය දොහේ හෙලිකොප්ටර් රාජයෝ උස්සාගෙන ආපු ගන්ටාර කුළුන ඇතුළු පුජා භාණ්ඩ මේ ටිකේ ලහි ලහියේ පිළියෙළ වෙනවාය.

සිරිපා පියුම වැද පුදා ටිකක් මහන්සි ඇරලා එහෙම පහලට එන ගමන පටන් ගත්තෙමු. කදුකර සදාහරිත වනාන්තරයකට උරුම අපූරු සුන්දරත්වය ආපසු ගමනේදී අඩුවක් නැතිවම විඳ ගත්තෙමු. 

ආපහු එන්න ලක ලැස්ති උනෙත් train එකේ. කරුමෙකට වගේ ට්‍රේන් එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ! නුවර ආපහු බස් එකේ ඇවිත් යාන්තම් රෑ දෙගොඩහරියේ ගෙදරට ආවා. මතක් කරලා ආයේ මේ වගේ ට්‍රිපක් යන්න එහෙම ඉන්නවනම් ට්‍රේන් බුක් කරලා යන එක තමයි හොඳම වැඩේ. අනිත් එක පුළුවන් නම් නිවාඩු දවස් මඟ අරින්න පුළුවන් තරම් උත්සාහ කරන්න. නැත්නම් අධික තදබදය හින්දා විඩාවට පත් වෙන්න වේවි නිකම්ම...

නාඩි උපදෙස් අංක 03 –
සිරිපා කරුණා කරද්දී ඒ සුන්දර පරිසරයේ අරුමැසිය විඳ ගැනීමට අමතක කරන්නෙපා! ලංකාවටම ආවේනික වෙච්චි කුරුළු විශේෂ, සත්ත්ව විශේෂ, සුළඟින් කුරු වෙච්චි අපූරු ගස්, මීදුමෙන් වහිච්චි කඳු වැටී, ගස් මත වැවුනු ලයිකන, පාසි වගේ සොබාදහමේ අපූරු නිර්මාණ ගොඩක් ටිකක් විමසිල්ලෙන් බැලුවොත් දකින්න ලැබෙයි. 
"තනිකම" : Captured from Nokia Lumia 820

 මතක් කරලා ඔයගොල්ලෝ අරගෙන යන හැම දෙයක්ම ආපහු ගේන්න. පොලිතින් ප්ලාස්ටික්, චුයින්ගම් තලි, සිගරට් කොට සිරිපා අඩවියට ඕනේ නෑ.. පිය සටහන් විතරක් තියලා එන්න.




නාඩියා with මෝබයිලා
අලුත් අවුරුද්දේ පොඩි ගැජට් බැජට් එකක් නාඩියා දෙන්න හිතුවා. කොයි කවුරුත් හරි හරියට දැන් ඔය smartphone පාවිච්චි කරනවනේ! ඔන්න android කස්ටියටයි windows phone උදවියටයි නාඩි බ්ලොග් එකේ app එකෙන්ම නාඩි වැටෙන හැටි බලන්න පුළුවන්! බා ගෙනම බලන්නකෝ!!! ඇපල් මල්ලිලා ට ළඟදීම දෙන්නම් ඈ!  

Android කස්ටියට

Windows උදවියට
   



    

61 comments:

  1. අපිත් යන්න ඉන්නේ ලඟදී. සිරීපාදේ නඟිනවා නම් රෑට තමයි එල....

    (සිරීපාදෙත් එක්ක බැඳුණ (අ)මිහිරි මතකයක් මට තියෙනවා. මේක බැලුවම ඒක මතක් වුණා.)

    ReplyDelete
    Replies
    1. අමිහිරි මතක අයින් කරලා මිහිටි මතක විතරක් තියා ගන්න,,,

      Delete
  2. සිරීපාදේ යන මිනිස්සුන්ටවත් වාඩිවෙලා යන්න තරම් මැදිරි සහිත කෝච්චි දාන්න බැරි ඇමතියා තාච්චියක දැමිය යුතුයි.

    ReplyDelete
  3. අපිත් ට්‍රේන් එකේ ගියේ අයියේ, අම්මයි මල්ලියි ,තාත්තයි මායි ,, නියමයි,ලිපියෙන් ඒක ආයේ මතක් උනා. app එක බගන්න් ඕනේ thanks

    ReplyDelete
    Replies
    1. යකෝ මේ මූට මල්ලි කීවොත් උබ . . . . අපිට . . . .සීය කියයි නේ බොල. . . සන්සාරේ සන්ස‍රේ. . ඉදගෙන . . .ඔදව්

      Delete
    2. හෑ.... අයියේ... ඔමයිය නිදිමතේ වෙන්ටැ... :P

      Delete
    3. ඒක තමා මමත් මේ බැලුවේ...

      Delete
    4. හුටා මේ දැන් දැක්කේ ඈ.. සොරි වෙන්ටලා ..මං දන්නේ නැහැ නාඩි

      Delete
  4. මමත් තාම එකම එක පාරයි ගිහින් තියෙන්නේ.. ආයේම යන්න ඕන කමක් තියෙනවා බලමුකෝ..

    ReplyDelete
  5. මෙන්න මූත් ඇප් එකක් දාලෝ..

    ReplyDelete
  6. මම නං සිරිපාදේ ආයේ එන්නෑ කියල මහ මළුවෙදිම සද්දේ දාලා කියල ආවේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. උබ ගිය තැන ඉවරනේ.බල අර නලියට තග දාල උගෙ නොහහොබිනා දෙයක් ලොකෙට කියනව කියල බය කොරල පත්තරේ දා ගත්තනෙ නෙහ්
      . , .හ්ව්හ් හේ

      Delete
    2. බලාපල්ලකෝ කරලා තියෙන වැඩ!

      Delete
  7. අපිත් ලබන මාසෙ යන්න ඉන්නෙ..

    ReplyDelete
  8. මම සිරීපාදෙ ගියොත් නම් ජර්සි ලොරියක් අරන් යන්න වෙයි හි හි....

    ReplyDelete
  9. ගිය පාර නං ගියා මේ පාර තාම නෑ.. ඊළග මාසෙ 1 නෙිද යනව...
    ///මතක් කරලා ඔයගොල්ලෝ අරගෙන යන හැම දෙයක්ම ආපහු ගේන්න. පොලිතින් ප්ලාස්ටික්, චුයින්ගම් තලි, සිගරට් කොට සිරිපා අඩවියට ඕනේ නෑ.. පිය සටහන් විතරක් තියලා එන්න.////

    මේ කතාවට නං මං එකෙන්ම එකග වෙනව
    හුගක් අය සිසරපාදෙ ගියාම හැසිරෙන්නෙ ආයෙ කෙනෙක් මෙහෙ නාවට කමක් නෑකියල වගේ

    ReplyDelete
    Replies
    1. ඒක තමා. වෙන්න නොයිඳුල් වනාන්තරයක් ඉඳුල් වෙන එක.

      Delete
  10. මම තාම ගිහින් නෑ ඕයි... හැම තූත්තු කුඩියෙම යනවා. මේකට යන්න වෙලාවක් නෑ :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. බලාපන්කෝ ඉතිං.. සෙට් වෙලා හරි යමු.

      Delete
  11. මාත් හය හත් පාරක්ම ගිහිල්ල තිබ්බත් ළඟකදි නං යන්න බැරි උනා. සිරීපාදෙ නෙමෙයි මොන පංසලක ගියත් පෝය දවසට/නිවාඩු දවස්වලට යන එකනං මම අකමැතිම වැඩක්. මොකද තමංගෙ පාඩුවෙ පරිසරය විඳගන්න ලැබෙන්නෙ නෑ සෙනග වැඩි නිසා.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත. ආයෙනම් ඒ වැරැද්ද කරන්න හොඳ නෑ.

      Delete
  12. මං නං දැන් යතොත් යන්නේ අවාරේ සිරිපාදේ තමා..

    ReplyDelete
    Replies
    1. අන්න බං බ්ලොග් ලියන උන් සැට්වෙලා ගියානම් මරු..!

      Delete
  13. සිරී පාදේ යන්න අපිත් හරිම ආසාවෙන් ඉන්නවා... ලස්සන් පින්තූර ටික...

    ReplyDelete
  14. මමත් දැන් හිතන් ඉන්නේ අවාරේ සිරිපාදේ යන්න

    ReplyDelete
    Replies
    1. එහෙනම් බ්ලොගියෝ ටික එකතු වෙලා යමු.

      Delete
  15. අඩේ මම තවම ගිහින් නෑ නොවෑ ,යන්න ඕනි ..මාර අසයි යන්න ,ඉක්මනින්ම වෙලාවක් හදා ගන්න ඕන ,

    ReplyDelete
  16. මාත් තාම ගිහින් නෑ බන්, මේ අවුරුද්දෙවත් යන්න ඕන..

    ReplyDelete
  17. අපි ගිය හොඳම ගමන නං ගියෙ එරත්න පාරෙ. අන්න පාරවල්. මා.......ර ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඒ පාරෙන් ලබන සැරේ කරුණා කරන්න ඕනේ බං

      Delete
  18. සික් මට තාම යන්න බැරි උනානෙ

    ReplyDelete
  19. ෂිට් මට තාම උපන්තේකට යන්න බැරි වුනානේ සිරි පාදේ :(

    ReplyDelete
  20. පින්තූරු මදි අනේ..........හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. මං වැඩිය කැමරාව එලියට ගත්තේ නෑ අනේ.. ඒකයි

      Delete
  21. නාඩියෝ උඹගේ තොරතුරැ හා උපදේස වලට පිං! කියන්නත් ලැජ්ජයි බං මම තාම එක පාරක්වත් කරැණා කරලා නෑ නොවැ. අවුරැදු 30 වෙනකනුත් ලංකාවේ හිටියා. යන්න
    හොඳම කාලේ මොකක්ද බං? උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. අවුරුදු 70 විතර උනාම නරක නැහැ :D
      මමත් එක වතාවක්වත් ගිහින් නැහැ. මටත් එක්කම පලයන්.

      Delete
    2. යන්න හොඳම මට හිතෙන විදිහටනම් ජනවාරි පෙබරවාරි වගේ කාලෙක සතියේ දවසක

      Delete
  22. කියන්න ලැජ්ජයි බං...මම තාම සිරීපාදෙ ගිහිල්ලා නෑ....සිරීපාදෙ ඇර ලංකාව පුරාම තියෙන ප්‍රධාන බෞද්ධ පූජා භූමි හැම එකකටම වගේ ගිහිල්ලා තියෙනවා උතුරු නැගෙනහිරත් ඇතුලුව....වතාවක් අපි කැළෑ මාර්ගයෙන් සිරිපා කරුණා කරන්න සැලසුම් කොලා...ඒ වතාවෙ සැලසුම ලත් තැනම ලොප් උනා....ආයෙත් දවසක් උදාවෙයි කියා සිතමි. තනිකම ෆොටෝ එක නම් පට්ටයි බං...මම සෑහෙන වෙලාවක් ඒ දිහා බලාන උන්නා....

    ReplyDelete
    Replies
    1. තනිකම.. මටත් අමුතු දෙයක් හිතුනා බං අයියේ....

      Delete
  23. මම තාම කිරිකෝඩු අනේ.... යන්න ඕනෙ ලඟදිම. නාඩි ඩ්‍රොයිඩ් ඇප් එක එල. මාත් හදන්න ඕනෙ එකක්.

    ReplyDelete
    Replies
    1. හයියෝ!!! එච්චර අමාරුවක් නෑ.. බස්සට කියන්නකෝ...

      Delete
  24. නියමයි නියමයි නාඩියා. අපි අන්තිමට ගියේ 2007දි. ඇත්තෙන්ම කෝච්චිය බුක් කරලා තිබ්බනම් වැඩේ ගොඩේ ගොඩ.

    ReplyDelete
  25. //කරුමෙකට වගේ ට්‍රේන් එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ! //
    මට කියපන් උබ මොකටද ඇගිලි ගහන්න ගියෙ.පඩුවෙ වාඩිවෙලා යන්නෙ නැතුව

    ReplyDelete
    Replies
    1. බස් එකෙ ඔක කොරල අන්න හසරැල්ල හිරේ.හොද වෙලාවට බොට ඉඩක් නොතිබුනෙ.

      Delete
    2. ඔය ඉතිං අපි ඇඟිලි ගහන්න ගියේ හොඳ හිතින්! ;)

      Delete
  26. අවුරුදු කීපයක් පිට පිටම සිරිපාදේ ගිය හැටි මතක් වුනා. දැන් නම් සෑහෙන කාලෙකින් යන්න බැරි වුනා බං. සැට් එක විසිරිලා දස අත...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. බ්ලොග් සෙට් එක මොකෝ කියන්නේ??

      Delete

Related Posts Plugin for WordPress, Blogger...