සැබෑ වූ සුරංගනා කතාවක්…
සැබෑ වූ සුරඟන කතාවකිනා
නවමු ඡේද ලියැවෙමින් තිබුණා
සුරඟන හදක් ළඟ නතර වීලා
රාක්ෂයෙක් පෙම් වරම් යැද්දා
සිහින් තොල් පෙති හැඩට සරසා
මෘදු හඩින් මුදු සිනහා පානා
හුරුබුහුටි කුමරියක් අබියස
රාක්ෂයෙක් පෙම් වරම් ලැබුවා
රකුස් අතැඟිලි අතර වෙලිලා
සිහින් අතැඟිලි රැදී තිබුණා
රාක්ෂයෙක් සාපයෙන් මිදුනා
ප්‍රේමයේ සුව මෙමට දැනුනා
කෙලිලෝල දෑසින් පාන සිනහා
නිමේෂයකි හද නතර කරනා
දෑත් පටලා මදෙස බලනා
ලොවෙහි නුඹ මා පමණි සිතෙනා
නැවුම් පැතුමක් තිළිණ
කරලා අඳුරු දිවියට එළිය දීලා
හද පුරාවට සතුට ගෙනෙනා
නුඹයි කුමරිය තම්බලීනා…….