Skip to main content

GNU/Linux හඳුනාගනිමු !


Free and Open Source මෘදුකාංග ක්ෂේත්‍රෙය් පියා ලෙස හැදින්වෙන Richard Matthew Stallman මෙහු වර්ෂ 1953 මාර්තු 16 වැනි දින උපත ලැබූ අයෙකි. අද වන විට මුළු මහත් ලෝකය පුරා වඩාත් ප්‍රසිද්ධ චරිතයක් වන මොහු, වර්ෂ 1980දී තම ජීවිතයේ ඇත්විදීමට සිදුවන ගැටළුවක් නිසා අද ඔහු මේ තත්වයට ගෙනගියා කිව්වොත් නිවැරදි වෙයි. Richard Matthew Stallman මොහු වර්ෂ 1980දී MIT(Massachussetts Institute of Technology) විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යන අංශයේ කෘතීම බුද්ධිය පිලිබදව තිබූ විද්‍යාගාරයේ සිටිය මොහු, එක් දිනක විද්‍යාගාරයේ තිබූ මුද්‍රණ යන්ත්‍රයකින් පිටපතක් ලබාගැනීමට උත්සහ ගැනීමේදී එය ඔහුට අවශ්‍ය ආකාරයට ලබාගැනීමට නොහැකී විම නිසාවෙන්, ඔහු ඒ ගැන සොයාබැලීමත් සමඟ එම මුද්‍රය යන්තයේ මෘදුකාංගය විසින් එය භාවිත කරන පුද්ගලයාට අවශ්‍ය ආකාරයට ක්‍රියාකරගැනීමට නොහැකි වන අයුරින් නිපදවා ඇති බව ඔය විසින් තේරුම් ගැනිනි. ඉන් පසුව එම අදාලා මුද්‍රය යන්ත්‍රෙය් නිෂ්පාධන Xerox ආයතනයට දුරකථන ඇමතුමක් ලාබාදී මේ පිලිබව දන්වා සිටියා. එහිදී ඔවුන් කියා සිටියේ මාස හයකින් අලුත් මෘදුකාංගයක් නිකුත් කරන බවත් ඒවන තුරු ඉවසන ලෙසත්ය. පිටපත ලබාගැනීමට එතරම් කාලයක් බාලාසිටීමට නොහැකි නිසා ඔහු එම සමාගමෙන් මෘදුකාංගයේ Source Code ඉල්ලා සිටියත්, ඔවුන් එයට ප්‍රතිචාර දක්වන ලැබුයේ, එම මෘදුකාංගයේ Source Code එක අයිති වන්නේ එම සමාගමට බවත්, එය අනෙකුත් පුද්ගලයන් අතරේ බෙදාදීමට නොහැකි බවත්ය. 



මෙය GNU Project එකෙන් ආරම්භය ලෙස සැලකිය හැකියි. ඉහත සදහන් කල සිද්ධිය නිසාවෙන්, 1983 දී Richard Stallman මහත්මයා විසින් එලක සිටපු විද්වතුන් වෙල ලිපියකින් ඔහු විසින් GNU (GNU's Not Unix) Operating System එකක් තමන් විසින් සෑදීම ආරම්භ කරන අතරම, එයට මුදල් මෙන්ම Code කලහැකි මිනිසුන් අවශ්‍ය බව සදහන් කරමින් ලියුමක් යැවූ අතර, එයට සැලකිය හැකි තරම් ප්‍රතිචාර ලැබීමෙන් අනතුව වර්ෂ 1984දී  Richard Stallman මහත්මයා MIT(Massachussetts Institute of Technology) ඉවත් වී GNU Operating System එක සකස් කිරීම ආරම්භ කලේය. ඉන් පසුව වර්ෂ 1985 දී Free Software Foundation ආරම්භ කරමින් නිදහස් මෘදුකාංග නිපදවන ප්‍රද්ගලයන්ට අත හිත දීම සහ ඔවුමට අවශ්‍ය නීතිමය උපදෙස් ලබාදීමට කටයුතු කලේය. GNU Project එකෙහි වැඩ කටයුකු වර්ෂ 1989 වන විට බොහෝ ලෙස අවසන් වී තිබුනි. එහෙත් Operating System එකක ප්‍රධාන කොටස වන Kernel එක නිදපදීම අතින් GNU සදහා නිපදවා තිබුණු HURD Kernel එක අසාර්ථක විය. පසුව එයට පන පොවන්නට පැමිනෙන්නේ  Linus Benedict Torvalds නම් විශ්ව විද්‍යාල සිසුවාය.



1991 වෙනකොට Linus Benedict Torvalds සිටියේ Helsinki විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ. එවිට ඔහුගේ වයස 21යි. මේ කාලයේ Linus පසුව Linux Kernel එක බවට පත්වූ ව්‍යාපෘතිය පටන් ගන්නවා. මුලින්ම එය Linus විසින් විශ්ව විද්‍යාලයේ විශාල UNIX severs වෙත ඇතුළු වීම සඳහා යොදාගත් Terminal Emulator එකක් (වෙනත් පද්ධතියකට පිවිසීමට හැකි මෘදුකාංගයක්) . මේක දියුණු කලේ GNU C compiler එක මගින් MINIX මත ඉඳගෙන. අවසානයේදී Linux වටහා ගත්තා ඔහු මෙහෙයුම් පද්ධතියක Kernel එකක් ලියා ඇති බව. 1991 අගෝස්තු 25 වෙනිදා ඔහු ඒ බව comp.os.minix නම් Mailing Group එකට නිවේදනය කලා.


මෙයට ලැබුනු ප්‍රතිචාර වලින් ධෛර්යමත් වූ Linus 1991 සැප්තැම්බර් වලදී Linux 0.01 නිකුත් කලා. ලොව පුරා ක්‍රමලේඛකයන් මේ වටා රොක් වුනා. ඔවුන් Linux බාගත කරගත්තා පරීක්ෂා කලා අඩුපාඩු නිවැරදි කලා අළුත් දේ එකතු කලා පසුව නැවත Linus වෙත ලබා දුන්නා.ඔක්තෝම්බර් 5 වෙනිදා Linux 0.02 නිකුත් වෙනවා. තවත් සති කීපයකින් 0.03 පිටවුනා. දෙසැම්බර් වෙනකොට Linux 0.10 වෙනකම් ඇවිත් තිබුනා. මේ විදිහට බොහොම ඉක්මනින් Linux දියුණු වෙමින් ඉදිරියට ගියා.


Linux නම ලැබුනේ කොහොමද?


Linus මුලින් අදහස් කරගෙන හිටියේ මේ Kernel එකට නිදහස් අර්ථය එන්න "Free" සහ UNIX ආභාෂය ලත් නිසා "x" අකුරත් එකතු කරල "Freex" කියල නම් කරන්න. නමුත් Helsinki විශ්ව විද්‍යාලයේ FTP server එකේ ලිනක්ස් ගබඩා කරපු Ari Lemmke නම් Linus ගේ මිත්‍රයා ඒක Linux විදිහට වෙනස් කලා. මේ නම ජනප්‍රිය වීමත් එක්ක Linus ද එය ඒ ආකාරයට භාවිතා කරා.


Linux සුරතලා Tux



1996 දී Linus විසින් Linux සඳහා නිල සංකේතය(Mascot) විදිහට Tux නම් පෙන්ගුයින් නම් කලා. නිදහස් හා විවෘත මෘදුකාංග ලෝකයේ බොහෝ වෙලාවට සංකේත ලෙස යොදාගැනෙන්නේ සතුන්.


මුලින් Linus විසින් Linux නිකුත් කලේ තමන්ගේම බලපත්‍රයක් යටතේ. GNU Operating System එක නිර්මාණ කරමින් තිබෙන මේ කාලයේදී ඔවුන්ගේ Kernel එක අසාර්ථක වීමෙන් පසුව Richard Stallman මහතා විසින් Linus Torvalds සමඟ සාකාච්චා කර තිබුනි. ඒ වගේම ඔහු පාවිච්චි කල සමහරක් මෘදුකාංග GNU ව්‍යාපෘතියේ GNU General Public License යටතේ ලියාපදිංචි කල ඒවා. උදාහරණයක් විදිහට Linux 0.01 හි GNU ලාගේ Bash Shell එක අන්තර්ගත උනා. 1992 දෙසැම්බර් මාසයේ GNU/Linux මෙහෙයුම් පද්ධතියේ පලමු පිටපත නිකුත් වුනා 'GNU/Linux Version 0.99' එක හැටියට. පසුව Linus කීවේ Linux GNU GPL යටතේ නිකුත් කිරීම තමන් කල හොඳම දෙයක් බවයි. මේ නිසා Linux Kernel එක පාවිච්චි කරල මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරන ඕන කෙනෙක් එය පිටකිරීමේදී Source Code එක ලබා දිය යුතු උනා. Linux අද වන විට මේ තත්වයට එන්න මෙය ඉතා ඉවහල් වුනා කිව්වොත් නිවැරදියි.


GNU/Linux අද


GNU/Linux සතු නම්‍යශීලී සුමට ගුණය නිසා පරිගනක ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම GNU/Linux අද පැතිරිලා. එය Super computer වල සිට අතේ ගෙන යන කුඩා පරිගනක(palmtops) දක්වා සෑම උපාංගයකටම ඇතුලත් වෙලා ඉවරයි. දැනට ලෝකයේ තියන වේගවත්ම සුපිරි පරිගනක 100න් 95ක් පමණ ධාවනය වෙන්නේ GNU/Linux වර්ගයේ මෙහෙයුම් පද්ධති. GNU/Linux වල හැකියාව එයින්ම මැනගත හැකියි. ඒ වගේම 50MB තරමට කුඩා වූ Damn small Linux හා 100MB වූ Puppy Linux වැනි මෙහෙයුම් පද්ධතිද තිබෙනවා. දශක දෙකක් පුරා පරිගනක ලෝකයේ රැඳී සිටිමින් ඕනෑම ආකාරයේ ආක්‍රමණයකට තමන් සූදානම් බව GNU/Linux ඔප්පු කර තිබෙනවා.


මේ සෑම දෙයකටම ආරම්භකයා වූ GNU/Linux අදටත් සරල මිනිසෙක්. ඔහු බිල් ගේට්ස් වගේ ධනවතෙක් නෙමෙයි. ඒත් අද ලෝකයේ සිටින ජනප්‍රියම ක්‍රමලේඛකයා ඔහුයි. පරිගනක පරිශීලකයන් අතර බිල් ගේට්ස්ට වඩා ඉහල තැනකGNU/Linux ඉන්නවා කිව්වොත් නිවැරදියි. ඒ තම අසහාය නිර්මාණය ඩොලර් ගණනකට තක්සේරු නොකර එය සමස්ත ලෝකයාගේම හිත සුව පිණිස නිදහස් කරන්නට ඔහු තීරණය කල නිසයි. 

[මෙය මා විසින් සම්පූර්ණයෙන්ම ලිපියක් නොවෙයි. Google+ එකෙහි මිතුරෙකුගෙ Post එකකින් කියවීමෙන් අනතුරුව එයට එකතු කලයුතු දේවල් සමඟ නැවත ඉදිරිපත් කරන ලදි]

Comments

  1. නියමයි සහෝ තව ලියන්න, එල !!!

    ReplyDelete
  2. ⇝⇝⇝...මගේ යහළුවන්ට කරන විශේෂ ආරාධනයකි ...⇜⇜⇜

    2014-07-30 දින හෝ ඊට ප්‍රථම ආරම්භ කිරීමට සිතා ඇති දැන්වීම් නොමිලේ පලකිරීමට ඇති අපේම තැන පිලිබදව ඔයාලව පොඩ්ඩක් දැනුවත් කරන්න මම හිතුවා ..මේ සදහා මුලින්ම කියන්න ඕනි, ඔයාලගේ සහයෝගය ගොඩක්ම ඕනි...හරිනේ...ඔයාලගේ බ්ලොගය පිලිබදව, අඩවිය පිලිබදව, විකුණන දෙයක් ගැන, කන්ඩායම් පන්ති පිලිබදව, ලබාදෙන සේවාවක් ගැන, දැනුවත් කිරීමක් පිලිබදව හා ඕනෑම ආකාරයක දැන්වීමක් පලකිරීමට අපි මෙතන ගොඩනගා ගමු....
    යාලුවනුත් දැනුවත් කරන්න....
    ස්තුතියි ලබාදුන් සහයෝගයට......

    Site : www.hungaonline.com
    www.hungaa.blogspot.com

    contact me : wimuplus@gmail.com

    Fill the Form : www.emailmeform.com/builder/form/3iA65NdgHoK8

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.