නව වසරේ සිංදු කතාන්දර


ඉස් ඉස්සෙල්ලම 2014 වර්ෂයට ආපු හැමෝටම සුභ පතන්න ඕනි! මාධවගේ කතා කියෝන හැමෝටමත්, ලෝක වාසී හැමෝටමත්!



එහෙනං යමුකෝ කතා පොජ්ජට. මේක හරි අමුතු දෙයක් සිංදු කතාන්දර! ඇත්තටම කොච්චර හොඳට ශ්‍රවණය කිරීමේ හැකියාවක් තිබුනා උනත් සමහර දේවල් ඇහෙන්නේ මහ අමුතු කතා විදියට! මාධවට නං උපතින්ම ශ්‍රවණ ආබාධයක් තියෙන නිසා එහෙම ඇහෙන එක අමුත්තක් නෑ කියලා මාධව ඉස්සර හිතුවට දැන් මාධවට හිතෙනවා අනික් අයටත්, ඒ කියන්නේ මාධවට වගේ නෙමෙයි හොඳට ඇහෙන අයටත් එහෙම කේස් වෙනවා නේන්නං බලං යද්දි! මේ ඉස් ඉස්සෙල්ලම කියන්න යන්නෙ ආන්න ඒ වගේ කතාන්දර ටිකක්!

මේක උනේ මාධවගේ මිතුරු චමීරයට! මාධවයා මුලදි ලිංකිං පාක් අයගේ සිංදු අහන්නේ නැති කාලේ වෙච්ච සිද්ධියක් මේක!

ලින්කින් පාක් අයගේ සිංදුවක් තියනවනේ! බොහොම ජනප්‍රිය සිංදුවක්! අහලා නැති අය මේ ලින්ක් එකෙන් අහන්න! වීඩියෝ එකත් එක්කම!

“ i breaking my habits!! “


ඉතිං චමීරයා ඒ කාලේ දවසක මාධවට කියනවා උඹ අහලා තියනවද ලින්කින් පාක් ලගෙ “අයි බ්‍රේකින් මයි හැන්ඩ් ලෙන්ස්“ සිංදුව කියලා! දැන් මාධව ඒ කාලේ ඕක අහලා නෑනේ! ටික දවසක් ගිහිං මනුස්සයා රොක් උනාම (මාධව රොක් අහන්න ගත්තට පස්සේ) මේ සිංදුව අහලා බලද්දි මාධවට මතක් උනා මේ කතාව! බලද්දි ඒකෙ තියෙන්නෙ මෙන්න මෙහෙම!

“ i breaking my habits!! “

ඒකේ habits කියන කෑල්ල ටිකක් ඇදලා කෑ ගහනවනේ! ඒක තමයි මේ චමීයට ඇහිලා තියෙන්නේ “ I breaking my hand lens “ කියලා!
ඒක එක දෙයක්!

තව තව ඒවා තියනවා ඔය වගේ! මාධව මේවා අහුල ගත්තේ අන්තර්ජාලයේ එහෙ මෙහෙ යද්දි හම්බුන දේවල් වලින්! ඒ ටිකත් කියලම ඉමුකෝ!

ඔන්න සිංදුවක් තියනවනේ “මං අහන්නෙ නං නෑ රත්තරනේ!“ කියලා! ඕක සමහරුන්ට ඇහෙනවා මෙන්න මෙහෙම! “මං අහන්නෙ නං නෑ රත්නසිරි“ කියලා!

තවත් සිංදුවක් තියනවා මේ විදියට! “අනේ මං බලාන උන්නා! යලිත් ඔබ එතැයි කියාලා!“ කාගෙද මංදා හෙන හැඟුම්බර විදියටනේ ඔය කොටස කියන්නේ! හැඟුම්බර කමේ වැඩි කමටද මංදා ඒක සමහරුන්ට ඇහෙනවා මේන්න මෙහෙම!

අනේ මං බලාන උන්නා ලලිත් ඔබ එතැයි කියාලා“ විදියට!! ඒ තරම්ම හැඟුම් බර විදියට කියන්නේ!

තවද ඉදිරියට යද්දී මේ සිංදුත් මේ විදියට ඔයාලට ඇහිලා නැද්ද බලන්න! අනිවා එක්ක හරි මේ විදියට ඇහිලා ඇති! මාධවටත් සමහර ඒවා ඇහිලා තියනවා!

සඳ මිඳුලට එනවා! ඇඳිවත සිහිවෙනවා (ඇගෙ වත කියන එක ඇහෙන්නෙ ඇඳිවත කියලා!)

මගෙ රත්තරන්ගෙ ලේනා ........ (මගෙ රත්තරන් හෙලේනා කියන එක!)

මදුමතියේ බඩුම තමා (මදුමතියේ ඔබම තමා කියන එක)

රන් සමනළ ජෝඩු බබාගේ (රන් සමනල ජෝඩුව වාගේ!)

උප්පැන්නේ පියාගේ නම ලියන තීරුවේ... පියාගේ නම තිලක් උනේ කොහොමද අම්මේ....???????? (මේක හරි කතාව තිලක් නෙමෙයි ඉරක්!)

අද දීගෙක ගිය ඔබ මට බුලට් අතක් දීලා (ඇත්තටම ඒක තියෙන්නෙ බුලත් අතක් දීලා කියලනේ!)

ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකර බෙන් ටෙන්... (ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙන්නං)

අන්තිම ටික නං ටිකක් කුණුහරුප වගේ! කමක් නෑ! ඒත් කමක් නෑ ඉතිං මේකයි කතාව
අර සිංදුවක් තියෙන්නෙ ලස්සන ගීතයක්

සීගිරියේ කුරුටු ගීත ලස්සනයි ඒ ලස්සන ගී ලියන්න බෑ මට *කයි ( * සහිත වචනය “දුකයි“ කියා නිවැරදි කරගන්න හොඳේ!)



තවද සමහරුන් යම් කිසි තට්ට අයියා කෙනෙක්ගේ මේ ගීතය ගායනා කරනුයේ

“ සුදු අරලියා මල පිපුනේ ඇයි තනිව ලි0ගික ඇසුරකට මට දැන් අවසරද “ යනුවෙනි!



ඉවරායි!

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අර අන්තිමටම දාපු සිංදුවනම් අපි ඉස්සර කිවුවෙම ඔහොමමලු ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්! ඕක ඇහිච්ච පළවෙනි පාරම මට ඇති වෙනකල් හිනා ගියේ ඒ කෑල්ල නිසා!

      Delete
Previous Post Next Post

Contact Form