වසර මිලියන 1.4කට පෙර ජීවත්වුනු හෝමෝ-ඉරෙක්ටස් මානවයාට නූතන මානවයාට මෙන් ආයුධ තැනිය හැකි දෑත් තිබුණාද?

හෝමෝ ඉරෙක්ටස් : ඡායාරූප අයිතිය - යේල් විශ්වවිද්‍යාලය
හෝමෝ ඉරෙක්ටස් යනු මීට වසර මිලියන 1.8කට පමණ පෙර ලොව පහලවී වසර 150,000 පමණ පෙර අභාවයට ගිය දෙපයින් ඇවිද ගිය ආදි මානවයෙකි. මොවුහු අප්‍රිකාවේ බිහිවී ඉන්දියාව හා ශ්‍රී ලංකාව දක්වා පැතිර ගියහ.

වසර මිලියන 1.5කට පෙර ශිලා ආයුධ නිපදවූ හෝමෝ ඉරෙක්ටස් එම කාලයේ සිටම ගින්දර භාවිතාකල බවටද සාක්ශි හමුවී තිබේ. එපමණක් නොව. හෝමෝ ඉරෙක්ටස් පහුරු තනාගෙන  සමුද්‍ර තරණයේ යෙදෙන්නට ඇතැයි විශ්වාසයක් පුරාවිද්‍යාඥයින් තුල පවතී.

මුලින්ම සමාජ ජීවිතයක් ගතකල ආදිමානවයා ලෙසටද හොමෝ ඉරෙක්ටස් පිදුම් ලබයි. ඔවුන්ගේ සමාජ ජීවිතය දඩයක්කරුවන් රැහැක සමාජ ජීවිතයට සමානවූ බව විද්‍යාඥයින්ගේ විශ්වාසයයි. නූතන මානවයාට බොහෝ සමාන ස්වරූපයක් තිබුණද හෝමෝ ඉරෙක්ටස් හට සංකීර්ණ භාශා හැකියාවක් එනම් කථාකිරීමේ හැකියාව නොතිබූ බව ඔවුන්ගේ හිස්කබල් ෆොසිල පරීක්ශාකරන විද්‍යාඥයින් අනුමාන කරයි. එහෙත් මෙම අනුමානයට විරුද්ධ මත පලකරන විද්‍යාඥයින් කණ්ඩායමක්ද සිටිති. ඔවුන්ගේ මතයට අනුව හෝමෝ ඉරෙක්ටස් හට නූතන මානවයාට තරම්ම සුමට ලෙස කථා කිරීමේ හැකියාව (එනම් ඒ සඳහා අවශ්‍ය ශබ්දය ජනනය කරන මාංශ පේශි) තිබූ බවය.

හෝමො ඉරෙක්ටස් පිලිබඳව පලවන අලුත්ම වාර්තා අනුව, නූතන මානවයාට මෙන්ම සුනම්‍ය ලෙස මෙහෙයවිය හැකි, ශක්තිමත් ඇඟිලි හා හොඳි බලය දරාගත හැකි මැණික් කටුවක් සහිත දෑත් යුගලක් හෝමෝ ඉරෙක්ටස් සතුවිය. කලින් ලැබී තිබූ ෆොසිල සාධක අනුව මෙවැනි දෑත් යුගලක් තිබූ මනවයින් පහලවූයේ මීට වසර 800,000ක් තරම් මෑතකදීය. එහෙත් නොබෝදා හමුවුනු හෝමෝ ඉරෙක්ටස් ෆොසිල වලට අනුව, හෝමෝ ඉරෙක්ටස් හටද එවැනි දෑත් යුගලක් වසර මිලියන 1.4කට පෙරද තිබී ඇත.

එනම් හෝමෝ ඉරෙක්ටස් හට සංකීරණ ආයුධ තැනීමේ හැකියවා පුරාවිද්‍යාඥයින් අනුමාන කලාට වඩා බොහෝ පෙර සිට ආදි මානවයින්ට මෙම හැකියාව තිබී ඇත.

Comments