මීගමුව නත්තල් කලාපය 2013





2013 දෙසැම්බර් 22 දා මෙවර මීගමුව නත්තල් කලාපය සාර්ථකව අවසන් වුනා. 

අපිත් ගියා මොකක්ද වෙන්නෙ බලන්න. ඒ ගිය ගමනෙදි ගත්තු ඡායාරූප කීපයක් , වීඩියෝස් දෙකක් මේ පෝස්ට් එකේදි ඔයාල එක්ක බෙදා ගන්නව.






මුලින්ම ඇතුල්වෙන ස්ථානයේ තිබුන නත්තල් තොරණ කාගේත් වැඩි අවධානයක් දිනාගත්ත. පහලින් තියෙන්නෙ එතන වීඩියෝ එකක් සහ ඡායාරූප කීපයක්.







තව බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් අංහයක් වුනේ ගවලෙන් තරඟයට ඉදිරිපත් කල සජීවී ගවලෙන. විවිද තේමා, විවිධ අමුද්‍රව්ය උපයෝගී කරගෙන ගවලෙන් රාශියක් ඉදිරිපත් කරල තිබුන. පහලින් තියෙන්නෙ සජීවී ගවලෙනේ වීඩියෝ ක්ලිප් එකක් හා ඡායාරූප ටිකක්.







කිරි බොන බැටලු පැටියෙක් ඉන්නව පහල ෆොටෝ එකේ  :-D






තවත් විවිද තේමා යටතේ සාදා තිබූ ගවලෙන් කීපයක් ( මීට අමතරව ලස්සන ගවලෙන රැසක් තිබුනත් මගේ ජින්ජිබිරිස් කැමරාවේ ඒ පොටෝස් අවුල්ස් නිසා ඒවා නොදමමි. )







නත්තල් ගස් තරඟෙකුත් තිබ්බ. එක එක ජාතියෙ ඒව. 

පහලින් තියෙන එක හදල තියෙන්නෙ තනිකරම අන්නාසි ගෙඩියෙ උඩ මල වගේ කෑල්ලෙන් ( මොකක්ද මෙයා ඒ කෑල්ලෙ නම ? )  සරසල තියෙන්නෙ කොමඩු , අන්නාසි වගේ පලතුරු පෙති වලින්.


තව එකක් තිබ්බ බූවලු වලින් හදපු එකක්. පහල තියෙන්නෙ ඒක.



මත් ද්‍රව්ය නිසා නත්තලට වන හානිය පෙන්වන ගසකුත් තිබ්බ. ( මේකට තරඟයේ ජයග්‍රහනයක් ලැබුන මතක හැටියට )




තව සීඩී වලින්, පොල් අතු වලින්, ලනු වලින් , ගෝනි වලින් .. එකී මෙකී හැම එකෙන්ම හදපු ඒව තිබ්බ.


මේ මගේ මේ අවුරුද්දේ අවසාන පෝස්ට් එක.

එහෙනන් හැමෝටම සුභ නත්තලක් හා වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !!




6 comments:

  1. මම මේ ගැන දැනගත්තෙ අද දවල්නෙ. හෙට අනිද්දට ගිහින් බලනවා කියලා හිතුවෙ. ඉවරත් වෙලානෙ. :(

    විස්තර වලට ස්තුතියි. පෝස්ටුවෙන් හැඟීයන්නෙ මේ දවස්වල ගෙදර බවයි.

    සුභ නත්තලක් හා ප්‍රීතිමත් නව වසරක් වේවා!. සියලු සිතුම් පැතුම් සපිරේවා..

    ReplyDelete
    Replies
    1. සංවිධාන කරල තිබ්බ events ඉවර උනාට , හදපු නිර්මණ තාම බලන්න පුලුවන්. ගිහිල්ල බලන්න. :)

      ඔබටත් සුභ නත්තලක් හා ප්‍රීතිමත් නව වසරක් වේවා!

      Delete
  2. මම් ඔය සේරම ටික දැකගත්තා කෝච්චියේ පුත්තලමේ යනකොට...තොරණ එහෙම දැක්කා. ශා. ජෝශප් වීදියේ පිට්ටනියක කැරොල් ගායනයකුත් දැක්කා... අම්මෝ ඒ පැත්ත සෑහෙන්න සරසලා ලස්සනේ බෑ,,,

    අපි නත්තලට කුරණ පැත්තට ආවා නං නත්තල් බත් ටිකක් කාලා ගියෑකි නේද ? හික්ස් :)

    ලබන්නාවූ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් , එන්න එන්න :) ඔබටත් සුභ නත්තලක් වේවා !!

      Delete
  3. 33000 ගොසිප් සයිට් එකෙන්, මම ගත්තු ෆොටෝස් , වීඩියෝස් මගෙ කිසිම අවසරයකින් තොරව පබ්ලිශ් කලාට මම තරහ නෑ ඕං :)
    http://www.33000.lk/2013/12/christmas-thorana-in-Negambo.html#more

    ReplyDelete
  4. විස්තර වලට ස්තුතියි.

    ReplyDelete

කියන්න තියෙන දෙයක් මෙතන ලියන්න..