හීන,
හැමදාමත් සිතින් දැකපු හීන,
මම තනියම, මගෙ තනියට,
මම ම තනපු හීන,
මගේ හිතට, මගේ අතින් පාට තැවරු හීන.
නුඹත් ඇවිත්,
නුඹේ අතින් පාට කරපු හීන,
නුඹෙත් මගෙත් එකට ඇඳුන ඇඳෙන,
අපේ පුංචි හීන.
එකක් දෙකක්,
තවත් ටිකක් අඳින මකන හීන,
එකෙන් දෙකෙන් මහා ගොඩක්,
ඇති වුනි මට හීන,
නුඹෙත් නුඹේ පුංචි හිතෙන් දැක්ක,
දකින හීන,
එක තිරයක,
එක යායක තවත් අඳිමු හීන.
නුඹේ සිනහ මල් පිපියන්,
මටම පෙනෙන හීන.
එහෙම හොදයි...
ReplyDeleteලස්සන හීන !
ReplyDeleteහීන බයානකයි මලයෝ -_- ඩබල් දලා දකින හීන අතිශ්‍ය බයානකයි. පරිස්සමෙන් !
ReplyDeleteහිහි, බලමුකෝ! ;)
Deleteහීන හීන හීන හීන හීන හීන හීන.........
ReplyDeleteසුභ සිහින හැබෑ වේවා.........!
ස්තූතියි අක්කා! :)
Deleteපතනෙමු අපි නව වසරේ ඉටු වෙන්නයි හීන............................ඔබට නව වසරක් වේවා
ReplyDeleteහීන ලෝකයක්නේ! ලස්සනයි. සුභ නව වසරක් වේවා!
ReplyDelete