Thursday, December 26, 2013

දයාබර පෙම්වත.....


අසම්මත ප්‍රේමයේ ඵල දරනු දැක, මගෙන් සැඟව ගිය ඔබ වෙත.......

දයාබර පෙම්වත...
බිම තැබුයෙමි ඔබ දුන්
පොරොන්දු පොදිය....
දස එකඩ මස දුක් විඳ...
පරපුරෙන් සඟවා...

මා බිලිඳු කිරි කැටි
වත කමල වන් රන් තැටි
සිනා සුනි පුතු මොළ කැටි
අතැර දැමි මා දුක් කැටි

පිපාසිත ඔබ ගත
බැඳී පවෙහි ඵල නොව
පුත ජනිත කල පින වෙද
නොකර පුත දිවි තොර..

පුතු වූවන දුටුවන
සිහි වෙයි ඔබගෙ වත මල
සිහි වෙයි ඔබගෙ මද හස

නැග එයි මතක ඒ දින
ඔබ හා බැඳුනු ඒ දින
ඔබ දොළ සපිරු ඒ දින
පුතු තිලින කල ඒ දින
ඔබ අහිමි වූ ඒ දින

19 comments:

  1. මොකක්ද මේ සීන් එක්

    ReplyDelete
    Replies
    1. අටම් අය්යා'.. ඔන්න පින්තුරෙකුත් දැම්ම. පොඩි විස්තරයකුත් දැම්මා.. සීන් එක සරලයි දැන් :-)

      Delete
  2. ලොකු කතාවක් ලස්සන වදන් වැලකින් අගෙයි අගෙයි

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි...

      Delete
    2. බොහොම ගැඹුරු කතාවක් ලස්සනට කවි කරල,කවිය හොඳයි රසවින්දා දෙසැරයක්ම.

      Delete
    3. ස්තුතියි Helapa kade

      Delete
  3. දැන් ඉතිං පියෙක් නැති දරුවෙකු ලෝ අපවාද විදින්නට සැරසිය යුතු කාලයයි.
    අත පිහා ගත් උඹට දෙවි පිහිටයි.

    ReplyDelete
    Replies
    1. හැබෑව.. ලාංකික සමාජය අදටත් සාම්ප්‍රදායික ඇසෙකිනුයි අනෙකා දෙස බලන්නේ.. ඇය සිය කළලය මරා ගත්තා නම් කිසිදු ගැටළුවක් නැහැ. ඇය එම දරුවා මෙලොවට බිහි කිරීමට තීරණය කිරීම හරහා කල කැපකිරීම අඩුම තරමින් ගැහැනියක ට වත් දැනෙන්නේ නැහැ.

      Delete
  4. ලස්සනයි ලොකු කතාවක් ....අපේ සමාජය වැඩිය කතා නොවන දෙයක්
    සුභ පතනවා ..........

    ReplyDelete
  5. කාලෙකින් ලස්සන නිර්මාණයක් දකින්න ලැබිච්ච එක ලොකු සතුටක්. කොහොමත් මේ ලෝකේ පිරිමින්ට වැරදි කියන්න කිසි කෙනෙක්ට කටක් ඇරෙන්නේ නැහැ. ගැහැණියට තමයි හැම වැරැද්දම බාරගන්න වෙන්නෙ. මේ වගේ සිද්දි වලදි කොයි තරන් ගැහැණිය දුක් විඳිනවද කියන එක තේරුම් ගන්න නම් කෙනෙක් ගැහැනියක් වෙලාම උපදින්න ඕනි...
    පිරිමින් නිසා දුක් විඳින්න ගැහැණියට දරුවෙක් උපදින්නම ඕනි නැහැ...කොයි තරන් නම් පිරිමින් නිසා අපි දුක් විඳිනවද...? ඒ ගැන කතා කරන්න, හිතන්න ඉඩක් දුන්න නිසා මේ පොස්ට් එකට මම ගොඩක් කැමතියි. ගොඩක් හිතට වැදුණු...ගොඩක් රසවිඳපු පොස්ට් එකක්...සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. @ නෙතුපුල්
      ඇයි මේ කන්නා පක්ෂය ගැන පමණක් හිතලා කතා කරන්නෙ .කාන්තාවෝ නිසා අසරණ වෙන පිරිමි නැත්ද ?ඕක ඔය බලන විදිහේ වැරැද්දක් .

      තේරුම් ගන්න නම් කෙනෙක් ගැහැනියක් වෙලාම උපදින්න ඕනි...///

      මෙ කතාවෙ අනිත් පැත්ත ගැනත් හිතන්න.. මොකද ගැනු කියන්නෙ පිරිමි ගැන සියල්ල දන්න අයද ??

      Delete
    2. @ සහෝදර ගේ අඩහැරය
      කාන්තා පක්ෂය ගැන විතරක් හිතල කතා කරේ මම ගැහැණියෙක් නිසා මිසක් පිරිමින් ගැහැනුන් නිසා අසරණ වෙන්නෙ නැති නිසා නෙමෙයි. දෙපැත්තම තියෙනවා, එක ඇත්ත. ඒත් හිතල බලන්න...සමාජයෙන් ඇනුම් බැනුම් ඔයාලට අහන්න වෙනවද ගැහැනුන්ට තරම්? පිරිමින්ට වෙන්නෙ සිත් බිඳීම් විතරයි...ගැහැනුන්ට? සිත බිඳීම් වලට අමතරව තව කොයි තරන් සමාජ මිනුම් දඬු වලට යට වෙලා අපවාද අහන්න වෙනවද? ඒ දේවල් වල තියෙන අමාරුව දන්නෙ ගැහැනියක්ම විතරයි කියන එක මම තාමත් විශ්වාස කරනවා...මොකද පිටින් බැලුවට ඒක තේරෙන්නේ නැහැ කිසි කෙනෙකුටවත්....

      Delete
    3. @ නෙතු
      මෙහෙමයි ඔය දෙවල් අපේ සමාජය තුල වැඩියෙන් උලුප්පා පෙන්නනවා ,එක ඇත්ත නමුත් ගැහැනියක් අකමැත්තෙන් යහන් ගත වෙනවා නම් එතන වැරැද්දක් තියෙනවා ,කැමැත්තෙන් කරනවා නම් ????අනික ඔය සමාජ මිනුම් රටින් රටට වෙනස් ,ඔයා හිතනවා ද පිරිමි හරිම නිදහස් සත්ව කොට්ටාශයක් කියලා නෑ එහෙම නෑ .ඔය කන්නාඩිය ගලවලා බලන්න දේගොල්ලොම කරදර වෙනවා ,හැබැයි වෙනස් ,දරා ගැනිම වෙනස් ,එ ක්‍රමය තුල තමා ඔයා ඔය කියන වෙනස පෙන්නෙ සමාජ්යේ ගැහැනු ඉන්නවා පිරිමින්ට වඩා හොඳට ප්‍රශ්න වලට මුන දෙන ..

      Delete
  6. අපූරු ව්‍යංගාර්ථයක් සැගවූ කවියක්. කවි කෙටිවූවාට කමක් නෑ ප්‍රකාශනය කරන ආකෘතියයි වැදගත් වෙන්නෙ . කවියෙකුට පුළුවන් මේ විදියට සමාජය විනිවිද දකින්න විය යුත්තේ ද එයයි.

    ReplyDelete
    Replies
    1. මම කවියෙක් නම් නෙවෙයි. හිතුන දේ සටහන් කරන එක කරන්නේ. බොහොමත්ම ස්තුතියි කොමෙන්ටුවට..

      Delete
  7. ඔබටත් එසේම වේවා. සමාවෙන්න පිළිතුරු දීමට ප්‍රමාද වීම ගැන

    ReplyDelete
  8. "පුතු වූවන දුටුවන
    සිහි වෙයි ඔබගෙ වත මල
    සිහි වෙයි ඔබගෙ මද හස

    නැග එයි මතක ඒ දින
    ඔබ හා බැඳුනු ඒ දින
    ඔබ දොළ සපිරු ඒ දින
    පුතු තිලින කල ඒ දින
    ඔබ අහිමි වූ ඒ දින"

    හිත බර වෙලා ගියා මේක කියවලා
    ඔබ ලස්සනට අදහස කවිකම් කලා
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිස්ස මහත්මයා

      Delete

හිතෙන දේ කොටන්න. ඇනොනිමස් උනත් බාර ගන්නවා ඉතින්.සිංගිරිසි උනත් කමක් නෑ හැබැයි බර ඉංග්‍රීසි නම් දිරවන්නේ නෑ ඔන්‍න‍

කුවේණියේ මා තම්මැන්නා එනවා ....විජය තම්මැන්නා ආ පසු

කුවේණියේ මා තම්මැන්නා එනවා ....  මේ ගීතය කුවේණිය විනාශ වෙන බව කලින් දන සිටියා නම් ඇය කියන්න ඇත්තේ මෙය කියල කරන පරිකල්පනයක්. ඇත්තට කුවේණිය මේ...