Skip to main content

"ඔයා කැමති එහෙමනම්, ම්ම්ම්ම්ම්ම් ඔව්! එහෙම වේවි!" :: උත්පලා :: ඈ ආදරයේ දෙවගන වූවාය [9 කොටස]



එදිනටත් පසු දිනක් ගතවී ගොසිනි පසුගිය තුන් වේලටම මම අක්කාත් සමග උත්පලා බැලීමට ගියෙමි. එහෙත් ඈ ඉක්මනින් සුව වන තත්වයක් නොපෙන්වූවාය. මා යන හැම විටම කුමක්දෝ හේතුවක් නිසා දීප්තියෙන් බබලන දෑස් මගේ විගමනයත් සමග පෙරටත් වඩා දුර්වල තත්වයකට ඇද වැටුණි. මන්දැයි නොදනිතත් දිනෙන් දින දුර්වලව යන මේ කෙල්ල පිළිබදව මම දුක් වීමි. මේ සවස් කාලයයි.

"මල්ලී...."

"ඕ..."

"අද යනවද උත්පලා බලන්න?"

"යමු"

"අද මට එන්න වෙන් නෑ"

"ඒ මොකෝ?" 

මම ඇසුවේ අන්තිම නරක කටහඩෙනි. අක්කා නොපැමිණියොත් මටද යාමට නොහැක.

"මට හෙට ටෙස්ට් එකක්. පාඩම් කරන්න තියෙයි බං"

අක්කා පැවසුවේ ඇත්තෙන්ම මහා අවුලකට පත්ව ඇත්හ්ටාක් මෙනි.

"එහෙනම් මමත් ඉන්නම්"

"ඉදියත් කමක් නෑ. ඒත් මල්ලි පොඩ්ඩක් ගිහින් බැලුවනම් තමා හොද. උන්ටය කියල කාත් කවුරුත් නැති එකේ පොඩ්ඩක් හොයල බලන්න එපැයි"

"කාත් කවුරුත් නැත්තෙ මොකෝ ඔය හැමවෙලේම හත් අට දෙනෙක් එන්න එයා බලන්න"

"තමුසෙට යන්න ඕනද? නැද්ද?"

අක්කා ඇසුවේ තීරණාත්මකවය. ඒ මොකෝ??

"හ්ම්ම් හ්ම්ම් යන්නම්කො එහෙනම්"

"මතක ඇතුව ඒකිට කන්න මොනව හරි ඇරන් ගිහින් කවනවා. බලනව දැන් ඒකිගෙ හැටි"

"හ්ම්ම්ම් මේ අක්කේ???"

"මොකෝ ඒ පාර?"

"මේ රුපියල් දෙසීයක් විතර?"

"මන් අම්මගෙන් ඉල්ලල දෙන්නම්"

"හ්ම්ම් මා ලග සල්ලි නෑ ඒකයි"

"හරි හරි ඉතිං. හැබැයි ඒකිට කියන්න ඕන තමුසෙත් ඒකි හන්ද ගොඩක් දුක් වෙනව කියල. නැත්නම් ඕකි සනීප වෙන්නෙ නෑ"

"හෑ ඒ මොකෝ"

"නෑ නෑ මං කිවෙ ඒකිට සනීප වෙන්නවත් ඕනකමක් නෑ"

"හ්ම්ම් හ්ම්ම් කියන්නම්කො"

ආශ්චර්ය යනු මේවාය! 

*****************************

සවස පහ වෙන්නට පැය බාගෙකුත් තිබියදී මම නිවසින් පිට වීමි. තනියම යන එක හොදය. තවත් එකෙක් එක්ක ගියා නම් කිසිවක් කරන්නට නොහැක. කෙසේ උවත් උත්පලාට සිදුවූ දේ පිළිබදව බසයේ යන අතරමගදිත් මම කල්පනා කලෙමි. 
රෝහල් පරිශ්‍රයට මා පැමිණෙන විට එතරම් පරක්කු නැත. උත්පලාද වාසනාඅකට මෙන් නිදාගෙන සිටියේ නැත. ඇගේ අම්මා නම් අසල පුටුවක නිදිකිරමින් සිටියාය. මා එනවිට ඇයට මොනවාදෝ ගත්තා මතකය. අක්කාගේ නියමයන් වූ එම ආහාර අතර මගෙන් වියදම් වූ රුපියල් දෙතුන්සීයක්ද තිබෙන්නට ඇත. ඒ ඈ වෙනුවෙන් මම මිලදීගත් අලි චොක්ලට් බාර් එක සදහාය. මම ඈ අසලට යන්නටත් මත්තෙන් මලානික සිනහවක් ඇගේමුහුණෙන් මතුවිය.

"ආ මේ දසිත් පුතානෙ, කෝ ලක්ශිකා දූ?"

"අක්ක ගෙදර නැන්දෙ, හෙට විබාගයක් කියල නැවතුනා"

"එහෙමද? අනේ පුතේ පොඩ්ඩක් ඉන්නවද මෙතන මම කවුරු හරි එනකම් හිටියෙ"

"ඇයි නැන්දෙ මොනව හරි ඕන නම් කියන්න මම ගෙනැත් දෙන්නම්"

"අනේ ඕන නෑ පුතේ, මම යන්නම්. මම දවල්ට කාලත් නෑ තාම, පුලුවන්ද පොඩ්ඩක් ඉන්න මම එනකම්"

"හරි නැන්දෙ ඉන්නම්කො"

ඇත්තෙන්ම උත්පලාටත් වඩා ඇගේ අම්මා විඩාපත්ය. සිහිත්න් දුක් විදී.

ඇගේ අම්මා ගිය පසු උත්පලා මා දෙස බැලුවාය. මම අතේ තිබූ පාර්සලය අසලින් තැබීමි. 

"මොනවද දසිත් මේ උස්සන් ආවෙ?"

ඈ ඇසුවේ මදක් නුරුස්සන් ස්වරයෙනි.

"ඔයාට කවන්න කියල අක්ක දුන්න ලිස්ට් එක තමා"

"හ්ම්ම්"

"මොකෝ නිකම්? අප්සෙට් එකෙන් වගේ"

"මොකුත් නෑ"

මොකක් හෝ අවුලකි. මොකකට හෝ ඈ බයෙන් සිටිනවා විය හැක. 

තවත් මොහොතකින් කව්දෝ හෙදියක් මොකක්දෝ දෙයක් තබාගත් බන්දේසියක් රැගෙන පැමිණියාය. එහි තිබුනේ අලුත් කැනියුලාවකි. නෝසේ නම් එන්නත් විදීමේ පහසුව සදහා රෝගීන්ගේ රදවන උපකරණයකි. මළා!

ඔව්! දැන් මට හේතුව සිතාගත් හැක. දින තුනක් හෝ හතරකින් එම උපකරණ මාරු කෙරේ. උත්පලාගේ බියට හේතුව මෙයය.

"කෝ මල්ලි පොඩ්ඩක් අනිත් පැත්තට යන්න"

හෙදි සොයුරිය කීවාය. මම අනිත් පැත්තෙන් උත්පලාට ළං වීමි. උත්පලා මා දෙස බැලුවාය. පව්! 

හෙදිය ඇගේ අතෙහි වූ පැරණි උපකරනය ඉවත් කලාය. ඇත්තෙන්ම එය ඈට රිදෙන්නට ඇත. තවමත් යටි තොල සපාගෙන දෑස් පියා සිටිනෙ උත්පලා කෙරෙහි මගෙ සිතේ අනුකම්පාවක් හටගත්තේ නිතැනිණි. මම ඇගේ අතින් අල්ලා ගතිමි. ඈ දෑස් විවර කලාය. කදුලු බිදු දෙකක් ඇස් දෙකේ දග කරයි.
ඇගේ අත්ල මගේ අත්ල වටා ගියේය. ටිකෙන් ටික ඇගේ අත තද වනු මට දැනෙද්දී හෙදි සොයුරිය ඇගේ රාජකාරි අවසන් කොට පිටත් වූවාය. ඇගේ අතද සෙමින් ලිහිල්ව අතහැරිනි.

"උත්පලා"

"ම්ම්ම්ම්"

මම සුසුමක් හෙළීමි. 

"දැන් ඉක්මනට සනීප වෙන්න"

"හ්ම්ම්ම්"

"නැත්නම් ඔයා විදින දුක් ඔයිට වඩා අපිට දැනේවි"

ඇගේ කදුලු ප්‍රි දෙනෙත් මා දෙස යොමු විණි. 

"ඇයි ඒ?"

ඇගේ දගකාර හඩ මතුවනු ඇසී මම ඈ දෙස බැලීමි.

"මොකද මම ගොඩක් ඔයා ගැන දුක් වෙන හන්දා"

ඇය නැවතත් "ඒ මොකදැයි" නොඇසුවාය. 

"කියන්න, ඉක්මනට සනීප වෙනව නේද?"

"ඔයා කැමති එහෙමනම්, ම්ම්ම්ම්ම්ම් ඔව්! එහෙම වේවි!"

සුපුරුදු කෙළිලොල් හඩින් ඈ කීවාය. මොහොතකට කලින් කදුලු පිරී තිබූ ඇගේ දෑස සතුටින් ඉපිළෙමින් තිබුණි. අසාමාන්යය!

මතක තබා ගන්න යම් දිනක ඔබ නිසා යම් කෙල්ලකගේ දෑස් සතුටින් දිළිසේ නම් කවදා හෝ ඈ ඔබේම වන්නේය! 

--------------------------------------------------------------------------------
මම - 


-------------------------------------------------------------------------------------------------------------

Comments

  1. හ්ම්ම් ඔව ඇස් දිලිසෙනව මම දැකල තියෙනව.(මම නිසා නෙමෙයි ඇ )

    ReplyDelete
    Replies
    1. හි හි! එහෙමත් වෙනවනෙ

      Delete
  2. මේ කතාව මග ඇරිලනේ.. මුල හිටන් කියවන් එන්නම්.

    ReplyDelete
    Replies
    1. එලස් කියවන්න දිගටම! මටත් හයියක් ඒක

      Delete
  3. ඇති යන්තං, අළුත් එකක් දාලා
    පිං සිද්ද වෙච්චාවෙ :)

    ReplyDelete
  4. kathawa iwarada deiyane

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නොමිලේම නිවසට බඩු ගෙන්න ගන්න. (තවත් එක් ඇඩ් ක්ලික් එකක් නොවේ)

ඔබට දැන් අන්තර්ජාලය සාමාන්‍ය දෙයක්. දිනපතාම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා. දැන් මේ අන්තර්ජාලය හරහා නොමිලේම  Phone, Tab, Pen Drive, Power Bank වගේ උපකරණ නිවසට ගෙන්නගන්න ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ. හෑ ඒ කොහොමද? එ් Gokano කියන වෙබ් අඩවිය හරහා. හරි දැන් පටන් ගමු.  මුලින් ම යන්න මේ අඩවියට. GOKANO.COM නම දුන්නා  පාස්වර්ඩ් දැම්මා e mail phone number දුන්නා  උපන් දිනේ T-shirt සයිස් එක හරියට තෝරපල්ලා ඊට පස්සේ ZIP කෝඩ් එක ඒ කියන්නේ පෝස්ටල් කොඩ් එක තමන්ගේ ගමේ නම ගහල postal code කියල google එකේ ගැහුවනම් එනවා නැත්නම්  http://www.sri-lankan.net/colombo-district.html උඩ සයිට් එකෙන් ගන්න පුළුවන්. දැන් Register වෙලා ඔයා දුන්නු Email එකට Log වෙලා, Account එක Active කරගන්න  (ඔයාගේ මේල් එකට ලින්ක් එකක් ඇවිත් ඇති ඒක click කරන්න) මේකේ පොයින්ට්ස් වලට තමයි බඩු ගන්න පුළුවන්, උදාහරණයක් විදිහට පොයින්ට් 30 ට පොයින්ට් 15ට වගේ  රෙජිස්ටර් උනාම prizes වලට ගිහින් බලපල්ලා පොයින්ට් වලට අනුව පෑනේ ඉඳල tab එක macbook එක වෙනකන් ගෙන්න ගන්න පුළුවන්.

පොත් විකිණීම, රැඩිකල් වෙනස සහ නත්තල් සීයා

 කාලෙකින් දැකපු පොටෝ එකක් නිසා ආපහු සිංහලෙන් ලියන්න හිතුනා. කොරෝනා නිවාඩුවක් කෙටි කාලෙකට ලැබුන එක නිසා නොවෙන්න මූණු පොතේ එහා මෙහා යන අතරෙ දැක්ක මේ පොටෝ එකත් සාමාන්‍යෙන් අවුරුදු පහ හයක්ම කලා වගේ උඩට යවල අර තියෙන නිල් පාට අයිකන් එක ඔබල රීප්‍රෙශ් කරල ආයෙ ජීවිත කාලෙටම දකින් නැති වෙන්න මග අරින්න තිබුන. ඒත් ඊයෙ එක දෙයක් මාව ආපහු ඇද්ද.  "උඹ ඉස්සර ලිව්වා. බ්ලොග් ලිව්වා කතා ලිව්වා." හිත එහෙම කිව්වා. "ඔව්" එවෙලෙ උණු කරපු වතුරට යාන්තම් නෙස්කැෆේ පොඩ්ඩ්ක් දාල හදා ගත්ත උකු කිරි කෝපි එක උගුරක් බීල මං හිතට කිව්ව. "දැං උඹ ලියන්නෙ නැද්ද?" අරූ අතාරින්නෙම නෑ. "වැඩක් නෑ ඕයි" මං කිව්වෙ පොටෝ එක උඩට යවන්න ෆේස්බුක් එකේ ඇගිල්ල තියන ගමන්. ඒත් හිත දුන්න උත්තරෙන් මන් ඒ ඇගිල්ලම ආපහු ගත්ත විතරක් නෙවෙයි ආයෙම අලුතින් හිතන්න පටං ගත්ත. "උඹ ලියන්නෙ නැත්තෙ මිනිස්සු උඹ ලියන ඒව බලන්නෙ නැති හන්ද ද? නැත්නම් උඹ ලියන කතාවක් උඹ ලියන කවියක් උඹ වෙනත් කවි කතා ඔස්තාර් කෙනෙක් ලියපුව එක්ක කම්පෙයා කරන හන්ද ද? උඹ මහගම සේකර නෙවෙයි බං. උඹ උඹම වෙයන්. ලියන්න ඕන නම් ලියපන් නැත්නම් උදේ ඉදන් රෑ වෙනක

යකෝ අපි මොකටද සුද්දන්ගෙ add කොටන්නෙ ලංකාවෙ අපිට අපේ දේ. 100% sure සිරිලක දේ සිරිසැප දේ..........

මං කොල්ල හුග කාලෙකින් තමා මේ මේ බ්ලොගියට පොස්ටුවක් ලියන්නෙ. ඒකට හේතුව මං කොල්ල මේ අලුත් බ්ලොග් 1 පටන් ගත්තනෙ. ඒ මොනව පටන් ගත්තත් මං කොල්ල බ්ලොග් කලාවට අත්පොත් තියපු මේ බ්ලොගිය දාල යන්න මං කොල්ලට බෑ. ආ දැන් ඒ කතා ඇති අද මං ගෙනාව මචංල මචීල ටිකට පට්ට site 1. මේක කරන්නෙ ලංකාවෙ පට්ට කොල්ලෙක් තමා. කස්ටිය දන්නවනෙ ඔය add click කිරීමෙන් සල්ලි හෙවීමේ කලාව. දන්නෙ නැති එවුන් මේක බලල එන්න මේ ඒ වගේ සුද්දෙක්ගෙ site 1 ගැන. මෙකෙත් සල්ලි ගෙවනව. දැන් කියන්න යන්නේ ඒ වගේ ලංකාවේ site 1. මේකෙ තියෙන පට්ට ගතිය තමයි, සුද්දන්ගෙ site වල සල්ලි ගන්න තියෙන්නෙ payza, paypal වගේ online bank වලින්නේ ඒත් මේකෙදි ලංකාවෙ අපිට පුලුවන් Dialog ez cash වලින් සල්ලි ගන්න.  හිනා වෙන්න එපා යකො බොරු නෙමෙයි. මේ............ add බලල විතරක් නෙමෙයි තව සල්ලි හොයන්න ගොඩක් විධි මේකෙ තියෙනව.  ඉක්මනට රෙජිස්ටර් වෙන්න පළමු 500 දෙනාට lifetime premium membership 1 නොමිලේ දෙනවලු. පහල බැනර් 1 යට ලින්ක් 1ට  කොටන්න රෙජිස්ටර් වෙන්න! CashBuxClix මොනව හරි අවුලක් ඇතොත් මගෙන් අහන්න මම බුකියේ ඇත. නැතොක් යටින් කොමෙන්ට් කොරන්