December 10, 2013

අට පාස් නැති (ආචාර්ය) වරුන් රැකියා ඉල්ලන වයඹ පළාත් සභාව

මැති ඇමතිවරුන්ගේ ඉතිහාසගත විජයග්‍රහණයත් සමගම වයඹ නොයෙක් පිරිස්  කොහේදෝ සිට ඇවිදින් ඇමතිවරුන්ගෙන් තමාව ලේඛම් වරුන් කරගන්නා  ලෙසට  බල කිරීමක් කරන බව කුරුණෑගලින් වාර්තා වෙයි .මැති ඇමතිවරුන් සමග ඉන්නා උගත් බුද්ධිමත් අය වෙනුවට තම තමන්ගේ පවුල්වල සාමාජිකයන් සහ යහළු මිත්‍රාදීන් තනතුරු වලට පත්කරගැනීමේ වැඩ පිළිවෙලක් මේ දිනවල වයඹ පළාත් සභාව තුළ ක්‍රියාවෙමින් පවතී .

මෙය ඇමතිවරුන්ට මහා හිසරදයක් වී ඇති බවද මේ ක්‍රියාවන් නිසා ජනතාව මෙම අවහිර කරන්නන් පිළිඹදව කුපිත ස්වභාවයෙන් විවේචනය  කරණ  බව වැඩිදුරටත් ආරංචි මාර්ග පවසයි .විශේෂයෙන් අපට දැනගන්නට ලැබුනේ අමාත්‍යවරුන් යටතේ වැඩ  කරණ සම්බන්දීකරණ ලේඛම්වරුන් සහ අනෙකුත් විෂයන්හි වැඩ යෙදෙන ලේඛම්වරුන් මෙම හිසරදය ඇමතිවරුන්ගේ ඔලුවලට දමා ඇති බවය .එසේ ඔවුන්ගේ බලකිරීමෙන් පත්වූ සමහර සුළු සේවකයන් අමාත්‍යවරුන් මෙන් පළාත් සභාව තුල හැසිරෙමින් කාලය ගතකරන බවද ප්‍රසිද්ද රහසකි .

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.