December 10, 2013

සජින් වාස්ගෙන් Pan Asia බැංකුවට කෝටි 400ක පොල්ලක්!

ජනාධිපතිගේ රහස්‍ය මූල්‍ය උපදේශක විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා Pan Asia බැංකුවට කෝටි 400 ක (ලක්ෂ 4000ක) පොල්ලක් තබා ඇතැයි එම බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. සජින් වාස්ට අයත් සමාගමක් වෙනුවෙන් Pan Asia බැංකුවෙන් මෙම ණය මුදල ලබා ගෙන ඇත්තේ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ
නිර්දේශ මතය.
එම ණය මුදල සඳහා වන වාරික තුනක ගෙවීම මේ වන විට පැහැර හැර ඇති අතර Pan Asia බැංකුවේ සභාපති නිමල් පෙරේරා එම හිඟ මුදල ගෙවන ලෙසට සජින් වාස්ට ලිඛිතව දැණුම් දී ඇත. නිමල් පෙරේරා මහතා විසින් ඔහුගේ ව්‍යාපාරික සගයා වන ධම්මික පෙරේරා මහතා ලවා ද සජින් වාස් ගුණවර්ධනට ණය වාරික ගෙවන ලෙස බලපෑම් කොට ඇත. ඊට පිළිතුරු දී ඇති සජින් වාස් ගුණවර්ධන මහතා ඔවුන් දෙදෙනාට පොරොන්දු වී ඇත්තේ CHOGM සමුළුව ඉවර වුණු සැණින් මෙම සම්පූර්ණ මුදලම තමා ගෙවා දැමීමට කටයුතු කරන බවයි. CHOGM සමුළුවේ සම්පූර්ණ මූල්‍ය පරිපාලනය සහ ගෙවීම් සිදු කලේ සජින් වාස් ගුණවර්ධන මහතාය. සමුළුවේ සියළු කටයුතු ඔහුට අයත් ප්‍රධාන සමාගම් කීපයක් මාර්ගයෙන් හැසිරවීමට සජින් වාස් ගුණවර්ධන වගබලාගෙන ඇත.
යම් හෙයකින් සජින් වාස් ගුණවර්ධන මහතා මෙම ගෙවීම පැහැර හැරිය හොත් Pan Asia බැංකුවේ සභාපති නිමල් පෙරේරා මහතා විශාල අපහසුතාවයකට පත්වනු ඇත. ඒ මන්ද යත් Pan Asia බැංකුවෙන් කෝටි 400 ක් සජින් වාස් ගුණවර්ධන මහතාට ණයට දී ඇතත් ණය ගිවිසුම් අත්සන් කර ඇත්තේ කෝටි 100කට පමණි. ඉතිරි කෝටි 300ම ණය ගිවිසුමකින් තොරව ප්‍රධානය කර ඇත. මේ වන විට Pan Asia බැංකුවේ අයිතියෙන් 51% ක් ජපන් සමාගමක් විසින් මිලදී ගෙන ඇති පසුබිමක සභාපති නිමල් පෙරේරාගේ තත්වය අවදානම් අඩියකට වැටී තිබේ.
සජින් වාස් ගුණවර්ධන මහතා මේ දිනවල උග්‍ර මූල්‍ය අර්බුදයක ගිලී සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට ඔහුට අයත් සමාගම් කීපයක්ම විකිණීම සඳහා කටයුතු යොදා ඇත. ඔහුට අයත් මුද්‍රණ සමාගමක් දැනටමත් විකුණා ඇත.

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.