Thursday, December 5, 2013

ආණ්ඩුව උතුරු නැගෙනහිර සිවිල් පාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළ යුතුයි.


ආණ්ඩුව යුද්ධය අවසන් වෙලා වසර පහක් සම්පූර්ණ වන මොහොතේත් උතුරු නැගෙනහිර ගැටුම් ඇති කරමින් බෙදුම්වාදයට පාර කපමින් සිටින බව සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (04) කොළඹදී පැවැති සහෝදරත්වයේ ජනතා පවුර සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එම සංවිධානයේ කැඳවුම්කරු සුනිල් හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුව කළ යුත්තේ යුදධයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ ගැටලු සොයා බලා විසදුම් ලබාදීම බවයි. ඔවුන්ගේ සිත් සුවපත් කිරීම ඉන්
ඔබ්බට ගොස් අවශ්‍ය නම් එම ජනතාවට අහිමි වූ සම්පත් සදහා වන්දිගෙවීම් පවා
සිදුකළ යුතු බවද ඔහු මෙහිදී කියා සිටියේය. කෝටි ගණන් නාස්ති කරන ආණ්ඩුවට ඒ සඳහා මුදල් වැය කිරීමට නොහැකි මන්දැයි සුනිල් හඳුන්නෙත්ති මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය.
යුද්ධය අවසන් වෙලා වසර 05ක සම්පූර්ණ වෙන ආසන්නයි. අදටත් ආණ්ඩුව උතුරු නැගෙනහිර ජනතාවගේ සාමය සංහිඳියාව සමගිය ඇතිකරන්න අසමත්වෙලා. මෑත කාලීනව සිදුවූ සිදුවීම්වලින් එය පැහැදිළි වෙනවා. එම සිදුවීම්වලින් එම පළාත්වල ජනතාව ජාතික සමගිය දිශාවට නොව ඔවුන් බෙදුම්වාදී දිශාවට තල්ලූ කරමින් තිබෙනවා. ජාතික ජාත්‍යන්තර බලවේගවලට එම සිදුවීම් සහාය දෙමින් ඉන්නවා.
පසුගිය 26 වැනිදා ආණ්ඩුවේම පාර්ශ්වකරුවෙක් වන ඊ.පී.ඞී.පී. සංවිධානයේ ඩෙල්ෆ්ට් ප‍්‍රාදේශීය සභාවේ සභාතිවරයා ඝාතනයට ලක්වුණා. මේ වනතුරු ආණ්ඩුව එම ඝාතනය හෙළා දැකලා ප‍්‍රකාශයක් නිකුත්කරලා නැහැ. පරීක්‍ෂණ ප‍්‍රතිඵල ඉදිරිපත්කර නැහැ. අවිගත් කණ්ඩායමක් උතුරේ ඩෙල්ෆ්ට් ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කරන විටත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට උත්තරයක් නැහැ. ඒ වගේම පළාත් සභාවේ සහ මහජන නියෝජිත ආයාතනවල මහජන නියෝජිතයින්ට පහර දුන්නා. සිවාජිලිංගම් මන්තී‍්‍රවරයාගේ නිවස ඉදිරිපිට මල් වඩම් තිබ්බා. සමහරුන්ගේ නිවෙස්වලට බල්ලො මරලා ගිහින් දැම්මා. මේවා කරන්නේ කවුද කියලා රට දැනගන්න  ඕනෑ.
උතුරු පළාත කියන්නේ විශේෂිත ප‍්‍රදේශයක්. එම ප‍්‍රදේශවල ජීවත්වෙන්නේ වසර 30ක යුද්ධයේ අමිහිරි පීඩාව විඳපු ජනතාවක්. තවමත් එම ප‍්‍රදේශ හමුදාව විසින් පාලනය කරනවා. පොලීසිය,බුද්ධි අංශය නිරන්තරවම කි‍්‍රයාත්මක වෙනවා. එවැනි තත්වයක් තුළ ප‍්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක් මහදවල් ඝාතනය කර සැකකරුවන් පලා යන්නේ කොහොමද එවැනි ඝාතන සිදුකරනවිට මල්වඩම් තියන පරීක්‍ෂණ හෝ සැකකරුවෙක් නැත්නම් එම සිදුවීම්වලට චෝදනාව ආණ්ඩුව පැත්තට හැරවෙන එක නවත්වන්න බැහැ. සෘජුව හෝ වක‍්‍රව ආණ්ඩුව උදව් කරන බවට චෝදනා එන්න පුළුවන්. එම ප‍්‍රදේශවලට පොලීසියේ හමුදාවේ බුද්ධි අංශයේ නිරන්තර මැදිහත් සිදුවෙමින් තිබෙනවා. සහෝදරත්වයේ ජනතා පවුර ලෙස උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල කටයුතු කරන විට අපි ඒ බව අත්දැකලා තිබෙනවා. කඹුරුපිටියේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයින්ට මේ වනවිට දඬුවම් දීලත් ඉවරයි. නමුත් ඩෙල්ෆ්ට් සභාපතිවරයාගේ මරණයට තවමත් සැකකරුවන් නැහැ. ඊ.පී.ඞී.පී. සංවිධානය කියන්නේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් නියෝජනය කරන පක්‍ෂයක්. ඒ නිසාම ආණ්ඩුවට වගකීමෙන් මිදෙන්න පුළුවන්කමක් නැහැ.
මෙම සිදුවීම්වලින් උතුරේ ප‍්‍රජාන්ත‍්‍රවාදය අභියෝගයට ලක්වෙමින් තිබෙනවා. එම සි¥වීම්වලින් කරුණු නිර්මාණය වෙන්නේ ජනතාවගේ සංහිඳියාවට හෝ සමගියේ පැත්තට නොවෙයි. මේවා බෙදුම්වාදයට හවුල් කරගන්න පුළුවන් සිදුවීම්. ආණ්ඩුව උතුරු නැගෙනහිර සිවිල් පාලනයප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළ යුතුයි. එම සිදුවීම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකරලා ඝාතනවලට,පහරදීම්වලටතර්ජනවලට වගකිවයුත්තන් අධිකරණය හමුවට ගෙන ආ යුතුයි කියලා අපි ආණ්ඩුවට බල කරනවා. අගතියට පත්වන පාර්ශ්වවලට යුක්තිය ඉටු කරලා උතුරේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබෙනවා කියලා ආණ්ඩුව ඔප්පු කළ යුතුයි. මොකද එම සිදුවීම් සාමාන්‍ය පරිසරයක සිදුවෙන දේවල් නෙවෙයි.
මේ අතර ආණ්ඩුව තවමත් එම ප‍්‍රදේශවලට විවිධ බලපෑම් සිදුකරමින් ඉන්නවා. ආණ්ඩුව චෝගම් වෙනුවෙන් විශ්වවිද්‍යාල වහලා නැවත විවෘත කරනවිට උතුරේ විශ්වවිද්‍යාල විවෘත කළේ නැහැ. එම විශ්වවිද්‍යාල විවෘත කළේ ප‍්‍රමාද කරලා. ඒ වගේම යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපතිවරයා පුවත්පතකට සම්මුඛ සාකච්ඡුාවක් ලබාදුන්න කියලා ප‍්‍රශ්න කිරීමට ලක්වෙලා තිබෙනවා. සරසවි සිසුන්ට අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වෙමින් තිබෙනවා.
මුලතිව්කෝපාපිලව්ඔඞ්ඩුසුඩාන් ප‍්‍රදේශවල හමුදාව මැදිහත් වෙලා ජනතාවට අයිති ගවයන් 2000ක් පමණ යොදවාගෙන ගොවිපොළවල් පවත්වාගෙන යනවා. ජනතාවගේ ගවයන්ඉඩම් ජනතාවට ලබාදෙන්නේ නැහැ. කන්කසන්තුරේනාගේශ්වරා පාසැල කඩලා ඉවත් කරනවා. වලිකාමම් කෝවිල් කඩනවා. ඉන් පසු එම ඉඩම් හමුදාව අත්පත් කරගන්නවා. ආණ්ඩුව හමුදාව යොදාගනිමින් එම ප‍්‍රදේශ සුද්ධ කරමින් ඉන්නවා. කෝවිල්පාසැල් කඩමින් ජනතාවට උන් හිටිතැන් අහිමි කරමින් අධි ආරක්‍ෂිත කලාප දානවා. එම ප‍්‍රදේශවල ත‍්‍රස්තවාදය තවම කි‍්‍රයාත්මක වෙනවා නම් එය රටට හෙළිකළ යුතුයි. අවුරුදු 5කට පස්සෙත් ආණ්ඩුවට ජාතිවාදය අවුස්සන්න අවශ්‍යවෙලා තිබෙනවා. දෙමළ ජනතාව තමන්ගේ ආගමික නිදහසට ගරුකරනවාට කැමතියි. ආණ්ඩුව කළ යුත්තේ දෙමළ ජනතාවගේ ආගමික නිදහසට ගරු කරන එකයි. කෝවිල් කඩලා අක්කර දහස් ගණනක් අත්පත්කරගෙන මිනිස්සු මිනිස්සු නෙවෙයි කියලා හිතලා කටයුතු කරන ආණ්ඩුව කොහොමද ජාතික සමගිය හදන්නේ ආණ්ඩුව ජාතිවාදය වපුරලා ඡන්දය තියලා තමන්ගේ යැපුම් මාර්ගය හදාගන්නවාද ඉන් පසු ජාත්‍යන්තරය බලපෑම් කරනවා කියලා ලෝකෙට කියලා වැඩක් නැහැ. ආණ්ඩුව හිතා මතා ගැටුම් නිර්මාණය කරලා එම ගැටුම් වැඩෙන්න ඉඩහැරලා බලා ඉන්නවා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඉතාම භයානකයි.
බලය සහ ආධිපත්‍යය වගකීම තිබෙන්නේ ආණ්ඩුවටයි. එනිසා වගකීමෙන් මිදෙන්න ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ. උතුරු නැගෙනහිර ජනතාවගේ සාමය සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක් ලෙස අප විවිධ අවස්ථාවලදී මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුකරවලා තිබෙනවා. තවමත් අපිට ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුකරන්න සිදුවෙලා තිබෙනවා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්...
හමුදාව අධිආරක්‍ෂිත කලාප ලෙස නම්කර තිබෙන කන්කසන්තුරේනාගේශ්වරාවලිකාමම් ප‍්‍රදේශවල මීට පෙර ජීවත් වුණු විශාල පිරිසක් සිටියා. නමුත් ඔවුන් අද අනාථ කඳවුරුවල ඥාතීන් ළඟ විවිධ ප‍්‍රදේශවල ජීවත් වෙමින් ඉන්නවා. ආණ්ඩුව කළ යුත්තේ එම ඉඩම් අයිතිකරුවන්ට ලබාදෙන එකයි. නවනීදන් පිල්ලේ එනකොටඑක්සත් ජාතීන්ගේ සංවිධානය එනකොට නෙවෙයි ජනතාවට ඉඩම් දෙන්න  ඕනෑ. අපි මේ සම්බන්ධයෙන් බලකරන කොට ආණ්ඩුව අපිට කියන්නේ අවතැන් ජනතාව නැති බවත් ඔවුන්ට ඉඩම් ප‍්‍රශ්නයක් නොමැති බවත්ය. ඒත් ජාත්‍යන්තර බලපෑම් මත එක එක වෙලාවන්වලදී ආණ්ඩුව දෙමළ ජනතාවට ඉඩම් ලබාදෙන්න කටයුතු කරනවා. එවිට උතුරු නැගෙනහිර ජනතාව හිතන්නේ ඔවුන් ගැන බලන්නේ ලංකාවේ ආණ්ඩුව නොව ජාත්‍යන්තර ප‍්‍රජාව කියලයි. උතුරු නැගෙනහිර ජනතාවගේ විශ්වාසය ජාත්‍යන්තර ප‍්‍රජාව දෙසට යොමු කළේ ආණ්ඩුවයි.
ආණ්ඩුව දැන් සංගණන පටන් අරගෙන. යුද්ධය ඉවරවෙලා වසර 5ක් ගතවෙනකං ආණ්ඩුව මේ දේවල් කළේ නැහැ. ජනතාව නැවත පදිංචි කිරීම් කරන්න තිබුණා. ජනතාවගේ විශ්වාසය දිනාගන්න තිබුණා. තවමත් පවුල් 6000ක් පමණ නැවත පදිංචි කිරීම් කරලා නැහැ.
උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල මව සහ පියා නොමැති දරුවන් 12,000ක් පමණ ඉන්නවා. වැන්දඹුවන් 35,000ක් පමණ ඉන්නවා. ආණ්ඩුව මේ අයවැයෙන් මොවුන්ගේ සුභසාධනයට මොනවද දීලා තිබෙන්නේඒ ගැන කිසිම කතාවක් අයවැයේ නැහැ. එම පළාත් ඉතාම විශේෂයි. මොකද වසර 30ක් යුද්ධය පැවති ප‍්‍රදේශයක්. ලෝකයේ අනෙක් රටවල් යුද්ධය පැවති ප‍්‍රදේශවලට විවිධ කොමිෂන් සඳහා විශේෂ මැදිහත්වීම් කරනවා. එවැනි මැදිහත්වීමක් මේ ආණ්ඩුවෙන් කරන්නේ නැහැ.
උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ජනතාව තමිල්නාඩුවට ඒ වගේම අපේ රටේ විවිධ ප‍්‍රදේශවලට ඇවිත් පදිංචිවෙලා තිබෙනවා. ව්‍යාපාර කටයුතු කරපු සිංහල ජනතාවත් යුද්ධය සමයේ දකුණු පළාත්වලට ආවා. එම ජනතාව නැවත උතුරට යන්න කැමතිද නැද්ද කියලා ආණ්ඩුව විමසීමක් කරන්න  ඕනෑ. අධි ආරක්‍ෂිත කළාප හදලා ජනතාව අතර සංහිඳියාව ගොඩනගන්නේ කොහොමද මේ වෙනකං යුද්ධයෙන් පීඩාවට පත්වුණු ජනතාව කොපමණද කියලා ආණ්ඩුව කියලා නැහැ. ආණ්ඩුව එසේ පීඩාවට පත්වූ ජනතාවට පිළියම් කරන්න ඕනෑ. අවශ්‍ය නම් වන්දි ගෙවන්න  ඕනෑ. කෝටි ගණන් නාස්ති කරන ආණ්ඩුව එම ජනතාවට වන්දියක් ගෙවන්න මුදල් වෙන්කරන්නේ නැහැ. ආණ්ඩුව තවමත් සිදුකරන්නේ එම ජනතාව මත බලහත්කාරී පීඩනය එල්ල කරන එකයි. ආණ්ඩුව හිතාගෙන ඉන්නේ මොනවා වුණත් ඡන්දය දිනන්න පුළුවන් කියලා. එවැනි වැරදි මානසිකත්වයක තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. එයට අපි සම්පූර්ණ විරෝධය පළ කරනවා. අපි කියන්නේ නැවත යුද්ධයක් එපා. බෙදී වෙන්වීමත් එපා. උතුරේ ඡන්දේ කාලේ ආණ්ඩුවේ සංවර්ධනය දෝරේ ගැලූවා. ඡන්දෙ පැරදුණු නිසා දැන් ආණ්ඩුව උතුරේ ජනතාවගෙන් පළිගන්නවාද ඡන්දෙ කාලේ කිලිනොච්චි නගරයේ පාරවල්වල ලයිට් දාලා තිබ්බා. දැන් නගරේ විදුලියත් විසන්ධි කරලා තිබෙන්නේ.
මේ ආණ්ඩුවට උතුරේ පළාත් සභාවේ පමණක් නෙවෙයි අනෙක් පළාත් සභාවලත් සහයෝගයක් නැහැ. ආණ්ඩුවට බලය තිබෙන ප‍්‍රාදේශීය සභාවල අයවැයත් පරදිනවා. ආණ්ඩුවට එම මහජන ආයතනවල බලය නැතිවෙමින් යන්නේ. ආණ්ඩුව කළ යුත්තේ උතුරේ පලාත් සභාවේ ජනතාව සමග සහයෝගයෙන් ඉන්න එකයි. ආණ්ඩුව පක්‍ෂ සතුරු දේශපාලනය මත කටයුතු කරනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදියි. ඡන්දෙ වෙලාවේදී දිනාගන්න බැරිවුණු උතුරු නැගෙනහිර ජනතාව දිනාගන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි.
මෙම මාධ්‍ය හමුවේදී සමකැඳවුම්කරු රාමලිංගම් චන්ද්‍රසේකර් විධායක කමිටු සාමාජික සින්නදොරේ රාජේන්ද්‍රන් යන අයද අදහස් දැක්වීය.

No comments:

Post a Comment