Thursday, December 5, 2013

දළ දේශීය නිෂ්පාදිතයෙන් 5%ක ප‍්‍රමාණයක්වත් සෞඛ්‍ය සඳහා වෙන් කල යුතුයි


නිදහස් සෞඛ්‍ය සේවාවේ තත්වය හා එහි පවතින ගැටළු සම්බන්ධයෙන් සහ 2014 අයවැය ඉදිරිපත් කිරීමත් අයවැයෙන් සෞඛ්‍ය සඳහා වෙන් කර ඇති මුදල් ප‍්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප‍්‍රකාශ කර සිටී. ඔවුන් පවසා සිටින්්නේ අඩුම තරමින් දළ දේශය නිෂ්පාදිතයෙන් 5%ක ප‍්‍රමාණයක්වත් සෞඛ්‍ය සඳහා වෙන් කල යුතු බවයි. ඒ සම්බන්ධව මාධ්‍ය දැනුත් කරමින් එම සංගමයේ නිලධාරි මණ්ඩය වන සභාපති වෛද්‍ය එම්.එන්.කේ. අත්තනායක,ප‍්‍රධාන ලේකම්
වෛද්‍ය ජයන්ත බණ්ඩාර සහ සංගමයේ විධාය සභිකයින් වන වෛද්‍ය සුනිමල් ජයකොඩි,වෛද්‍ය ඉදුනිල් විජේනායකවෛද්‍ය අසංග වික‍්‍රමසිංහ යන සහෝදරවරුන් එක්ව පැවැත්වු මාධ්‍ය හමුවේදී මේ  බව ප‍්‍රකාශකර සිටියේය.
මෙහිදී අදහස් දැක්ව් සභාපති වෛද්‍ය එම්.එන්.කේ. අත්තනායක මහතා ප‍්‍රකාශ කර සිටියේ මේ වන විට මේ වන විට රටේ සෞඛ්‍ය සේවය සහ  රටේ සමස්ත සෞඛ්‍ය ගත්විට ඉතාමත් තීරණාත්මක මොහොතකට පැමිණ ඇති බවයි. සෞඛ්‍ය සේවකයින්ජනතාවවෛද්‍ය වෘත්තිකයින් යන සියලූ දෙනාට ප‍්‍රශ්න ගණනාවක් නිර්මාණය කර තිබිමත් සෞඛ්‍ය සඳහා වෙන්කල ප‍්‍රතිපාදන මුදල් ගිය වරසට වඩා අඩුවී තිබෙනවා. බිලියන 8 ක් වැනි මුදලක්  සෞඛ්‍ය සඳහා කිසිසේත්ම ප‍්‍රමාණවත් නැති බවත් එම නිසා තත්වය තවත් උග‍්‍ර අතට හැරෙමින් පවතින  බව අත්තනායක සහෝදරයා ප‍්‍රකාශ කර සිිටියේය. ඒ සම්බන්ධයෙන් ලියකියවිලි සකස්කර සෞඛ්‍ය අමාත්‍යංශය භාණ්ඩාගාරිකට ලබාදී සාකච්ඡුා කිරීම් සිදු කලත් කිසිදු ප‍්‍රතිඵලයක් නොමැති බව ඔහු කියා සිටි. ෙඖෂධ නිෂ්පාදය සහ ෙඖෂධ සඳහා වැය කරන මුදල් ප‍්‍රමාණය ඉතා අඩු මට්ටමක් වන හෙයින් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට බැරි අර්බුදකාරී තත්වයකට පත්ව ඇති අතර එම නිසාම උතුරු මැදවයඹ යන පළාත්වල බෝනොවන රෝගවන වකුගඩු රෝගය වැනි රෝග තත්වයන් වර්ධනය වීම වැනි සෞඛ්‍ය ගැටළු මතුව තිබෙනවා යැයි ඔහු කියා සිටියේය.
එවගේම ෙඖෂධ ප‍්‍රතිපත්තය සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් මෙවර අයවැයෙන් සිදුකර නැති බවත් ඒ සම්බන්ධයෙන් රජය , සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කිරිම් කලත් සුපුරුදු පරිදි මේ වන තෙක් කිසිදු අවධානයක් ඒ පිළිබඳවව යෝමුකර නොමැති හෙයින් රටේ ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරිම් කරමින් මේ පිළිබඳව විශාල සංවාදයක් රට තුල ඇති කිරිම සංගමයේ අරමුණ බවත් මෙම ගැටලූ විසඳ ගැනීම සඳහා රටේ සමස් ජනතාව පෙරට ආ යුතු බවටත් ප‍්‍රකාශ කර සිටියේය.
මෙහිදි අදහස් දැක්වු ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර සහෝදරයා,
1930 තිබූ සෞඛ්‍ය ගැටළු වු මාතෘ මරණ ,මදුරුග‍්‍රහාණය ,මැලේරියාවවැනි දරුනු වසංගත රෝග වෙනුවට අද අපට මුහුණ දීමට සිදුවී තිබෙන්නේ දියවැඩියාව වැනි බෝ නොවන වෙනත් බෝ නොවන රෝගයන්ය. අද ලංකාවේ දියවැඩියා රෝගින් ලක්‍ෂ 50 පමණ සිටිනවා. සමාජය වෙනස් වීමත් සමඟ සෞඛ්‍ය ප‍්‍රශ්නත් වෙනස් වෙලා තිබෙනවා. ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ක‍්‍රමවත් විධිහට විධිමත් වෙලා නෑ. අද පත්වෙලා තිබෙන්නේ සෞඛ්‍ය සේවයට තිබෙන ඉල්ලූම ලබාදීමට රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය අසමත්වෙලා තිබෙනවා. රෝගියෙකුට තම රෝගය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරන්න සිද්ද වෙල තිබෙනවා. විශාල දිගු පෝලිම්ව සහ පෞද්ගලික රෝහල් වලට විශාල වශයෙන් මුදල් වැය කරන්න සිදුවී තිබෙනවා.
අද ලෝකයත් සමඟ ගත්විට ලංකවේ සෞඛ්‍ය සඳහා වෙනු කරනු ලබන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.4%වැනි සුළු මුදලක්. නමුත් දියුණු රටවල එය 12% පමණ වෙනවා. අද අපි සිටින්නේ ලෝක ශ්‍රේණිගත කිරිම් අනුව සෞඛ්‍ය සඳහා දළ දේශී්‍ය නිෂ්පාදිතයෙන් අඩුම මුදල් වෙන් කරන රටවල් 18 ඇතුළත. ‘‘චෝගම්’’එකේ රටවල් අතරිනුත් අන්තිම රටවල් 3අතර තමයි අපි ඉන්නේ. රජය සෑම වර්ෂයක අය වැයෙන්  සෞඛ්‍ය සඳහා වනු කරනු ලබන මුදල අඩු කරනවා. 
අද රෝහල් තුල විශාල ප‍්‍රශ්න ගණනාවක්ම තිබෙනවා. දැඩි සත්කාර  :ෂක්‍ෑඹ* සම්බන්ධයෙන් ගැටළු තිබෙනවා. ඒ වගේම දැඩිසත්කර නොමැතිබව විශාල මරණ සංඛ්‍යාවක් සිදුවෙනවා. මේ අකාරයෙන් අවම සෞඛ්‍ය පහසුකම් පවා ලබා ගැනීමට නොහැකි තත්වයක් උදා වි තිබෙනවා. මෙන්න මේ නිසා තමයි අපි කියන්නේ රජයෙන් සෞඛ්‍ය සඳහා වෙන් කරන මුදල වැඩි කරන්න කියල.

අවසන් වශයෙන් මෙහි අදහස් දැකැවු වෛද්‍ය  ඉදුනිල් විජේනායක  සහෝදරයා ප‍්‍රකාශ කලේ මේ සියලූ කාරණා වගේම රජය සෞඛ්‍ය සේවකයින්ගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් සිටින බවයි. සේවකයින්ට අදාළ වැටුප්දීමනා,ගෙවීම් සිදු කිරීම මග හරිමින් සිටින බවත් වැටුප් කප්පාදුවක් ඇති කර දීමනා නොගෙවිම් සිදු කිරිමට කටයුතු සිදු කරමින් සිටින බව පැවසීය. අද ප‍්‍රථමික ශ්‍රේණියේ වෛද්‍ය වරයෙකුට ජීවන වියඳම අනුව රුපියල් 80000/= ක වැටුප් අවශ්‍යමුත් දැන් එම ශ්‍රේණියේම වෛද්‍ය වරයෙකුට ලැබෙන්නේ රුපියල් 26000/= වැනි ඉතා අඩු වැටුපක් , රජය 2006සිට ක‍්‍රියාත්මක විය යුතු සේවා ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කිරීම මගහරිමින් වැටුප් වර්ධන,දීමනා , උසස්වීම්,නිලනිවාස වැනි ලැබිය යුතු අයිතිවාසිකම් කප්පාදු කරමින් සිටින බැවින් මේ පිළිබඳව ගත හැකි වෘත්තීය කි‍්‍රියාමාර්ග,ජනතාව දැනුව කිරිම්අනෙකුත් වෘත්තිය සමිති සමඟ සකච්ඡුා කිරිම්ඒකාබද්ධ ක‍්‍රියාමාර්ග වලට යාමට තම සංගමය  ඉදිරියේදි කටයුතු කරන බව අවසාන වශයෙන් ඔහු ප‍්‍රකාශ කර සිටියේය. මෙහිදදී ‘‘සෞඛ්‍ය සේවාවේ වර්තමාන අර්බුදයරාජ්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රමාණවත් නොවිම සහ අනාගත අභියෝග සඳහා වු සැලසුම්සහගත ප‍්‍රවේශයක් නොමැතිවීම පිළිබඳව සංක්ෂිප්ත විග‍්‍රහය ’’ ( CRISIS IN HEALTH ) නමැති වාර්තාව මාධ්‍ය වෙත ඉදිරිපත් කෙරිනි.

No comments:

Post a Comment