Saturday, November 23, 2013

සරාගයෙන් එදා බලා...(ෂෙල්ටන් පෙරේරා)

කාලෙකට පස්සේ අයෙත් සින්දුවක් අරගෙන අවා හරියටම අවුරුද්දකටත්  ටිකක් විතර පස්සේ තමයි මෙහෙම පොස්ට් එක්ක අරගෙන අවේ.

දවසක් සුභා තෙරණිය ජීවක අඹ වනයේ යමින් ඉන්න වෙලාවක එතනට අපු එක මිනිහෙක් එතුමියගේ
ගමනට බාදා කරමින් තෙරනියව තමන්ගේ වසඟයට ගන්න උත්සහ කරා. ඒ වෙනවිටත් බුදුන් සරණ ගොස් සිටි මෙතුමිය ඔහුට කරුණු පහදා දීමට උත්සාහ ගත්තා. නමුත්  ඔහු විවිද විදිහට මෙතුමියගේ රූපය පිළිබඳව වර්ණනා කරමින් තව තවත් උත්සහ කරමින් සිටියා. කෙසේ හෝ  අවසානයේ මෙතුමියගේ උත්සාහය ජයගත්තා. මෙම පුරුෂයා සත්ත්‍යය තේරුම් ගෙන මෙතුමියගෙන් සමාව අයැද සිටියා.

    මේ මම කියපු කතාව ඔබ අනන්තවත් අහල තියනවා වෙන්න පුළුවන්.  සමහරවිට මෙහෙම කතාවක් තියෙනවද කියල දන්නෙවත් නැතිව වෙන්නත් පුලුවන්. කොහොමහරි ඔබට නිකමටවත් හිතුනද මේ සුභා තෙරණියට කරදර කරපු මනුස්සයට මොනවද හිතුනේ කියලවත් ? ඇත්තටම මොනවා හිතෙන්න ඇද්ද මේ මනුස්සයට.
 
   මේ මනුස්සයට හිතුන විදිහ පිලිබදව ගීතයක් කියල තියනවා ෂෙල්ටන් පෙරේරා මහතා මේක හරිම මිහිරි ගීතයක් අහල බල්ලන්න ඇත්තද කියල මේ කියල තියෙන දේවල්.

2 අදහස්:

සුලලිත ගී said...

මේ ගීතය ඩෝල්ටන් අල්විස් මහතා ලියූවක්. සංගීතය ෂෙල්ටන් පෙරේරා මහතාගේමයි. බුදුදහම සම්බන්ධ කර ගනිමින් ඔවුන් දෙනොම නිර්මාණය කර ඇති එගොඩහ යන්නෝ ගීතයත් මෙවැනි ම හරවත් මෙන්ම රසවත් නිර්මාණයක්.

Unknown said...

මේවගේ කියද්දී ටවත් පොස්ට් දාන්න හිතෙනවා බොහොම ස්තුතියි.

Post a Comment