Sunday, October 20, 2013

ඕකට තමා කියන්නෙ ඉදිච්ච අඹ කන්නෙම පණුවො කියලා (මටත් ලොවක් තිබුණා - 02)


පසුගිය කොටසට මෙතනින් යන්න >>>



"අම්මටසිරි.... ලොවෙත්.... මේ අර අපේ ටිරා පස්සෙන් යන කෙල්ල නේද???"




"ඒක තමා යකෝ මාත් බැලුවෙ.... කවුද බන් අර ඒකි අතේ එල්ලිලා එන හෝහපුටුවා..."
"ලොවෙත් බලහන්කො මට නිකන් වමනෙට වගේ මෙක දැක්කම..."
"මලා මේක ටිරා දැනගත්තනම් ඌට වහකන්න වෙන්නෙ බන්..."
"ඔවු බන් හොද වෙලාවට උන් මෙහෙට ආවෙ නැත්තෙ.... නැත්නම්
මාර සීන් එක වෙන්නෙ....වරෙන් යන්න අරුන් බලන් ඇති..."

එම කුස-පබා ගෙන් මිදුනු අප දෙදෙනා නැවත බල්ලගෙ ගෙදර වෙත ගමන ඇරබුවෙමු...

"මොකද්ද බන් අපි අර දැක්කෙ.... ලොවෙත් මහම මහ අපරාදයක් බන් ඒක නම්...."
"ඔන්න ඕකට තමා යකෝ කියන්නෙ ඉදිච්ච අඹ කන්නෙම පණුවො කියලා.... උබ දැක්කනේ එකා හෙනම හෙන කුඩු කාරයෙක්ද කොහෙද බන්..."
"සිරාවට යකෝ අපෙ ටිරා කොච්චර හොදද.... ඌ සිරාවටම කැමැත්තෙන් හිටියෙ මෙකිට..."
"ඕවා ඔහොම තමා බං මලා... කෙල්ලො කවද්ද බන් හරි තීරනේ ගත්තේ....අපි පණ දෙන්න හරි පස්සෙන් ආවම උන් අපිව සත පහකට ගනන් ගන්නෙ නැ...මචන් අපි ඒ එන්නෙ අපේ අවන්ක  ආදරයට.... එත් මොකෙක් හරි පිස්සෙක් බොරුවක් කියල හොදට ඒකිව ඇන්දුවම ඒකට රැවටිල ඌ වෙනුවෙන් මැරෙන්න හදනවා...ඒත් අර කොල්ලව ගනන් ගන්නෙවත් නැ.. උන් හැමදාම හොයන්නේ සතුටින් ඉන්න පුලුවන් ආදරයක් නෙමෙ... අඬ අඬ ඉන්න පුලුවන් ආදරයක්..."




කොල්ලගෙන් මලාට ලොකු පඩි ටෝක් එකකි....

"යකො කො බලමු උබ දියුනු වෙලා තියන තරම් බන්....හැබයි ඉතින් ඇත්ත තමා උබේ කතාවත්... උබට මතක ඇතිනෙ මහේශයා ජයන්ගිගෙන් කොච්චර ඇහුවත් කැමති උනාද නැනේ...අන්තිමට ඒකි යාලු උනේ තව කෙල්ලෙක් හිටපු කොල්ලෙක් එක්ක... ඒක එකි දන්නෙත් නැ අර කෙල්ල දන්නෙත් නැ... අන්තිමට උන් දෙන්නටම සපත්තුවක් දීල ඌ තව එකක් එක්ක යාලු උනා...ඒත් තාම එකි අඬ අඬ යනවනේ ලැජ්ජ නැතුව..."
"මේකනේ මලා අපි කොහෙත් එක විදිය... කෙල්ල හිටියා හෝ නැතා පිස්සු නටනවනම් පිස්සුම තමා...ඉතින් උන් හිතන්නෙ අපි හෙන පිස්සො කියලා ජෝක් කරනවා කියලා... ඒත් අරුන් හොදට කපටි කම දන්න නිසා උන්ට ඇම දාලා අල්ල ගන්නවා..."
"ඕක තමා බන් කියන්නෙ ගෑනු නුවණ හැදි මිටේ කියලා"
"මොන මිටේ හරි ඔය මෝඩයන්ට කිවුවට තේරුමක් නැ..... ඕකනේ බන් මට කෙල්ලන්ව අරහං.... හැදියන් මම වගේ..."





"ඔවු ඔවු උබෙ #$%@ ..... උබටත් දවසක හිත ගියාම බලපන්කො..."
"හිත හිත නෙමෙ මම මගෙ කකුලවත් දෙන්නෙ නැ..."

ඒ බුද්ධුමත් කතා බහත් සමගම අපි බල්ලාගෙ ගෙදරට ලගා උනෙමු :P :P :P

"අම්මට සිරි චතුවා.... උබව දැක්ක කල් මචන්...මොකද බන් උබට නිවාස අඩස්සිය වත් දාලද"

ඒ මහෙශයගෙ හඩය

"ඒ වගේ තමා බන් උබ දන්නවනේ අපේ ගෙදර හැටි...වැලිකඩින් පනින්න පුළුවන් ඊට වඩා ලෙසියෙන්... 



ඒ මදිවට හෙට ඉදන් මාව ක්ලාස් එකකටත් දන්න වැඩේ ප්ලෑන් කරලා තියෙන්නෙ... :( L("
"අම්මටසිරි එල නෙ... කොහෙද උබ යනෙ...:D :D "
"එළ වෙන්නෙ කොහොමද යකො....>:o  >:o  මම මේ බලන් ඉන්නෙ O/Lඉවර කරල ටිකක් නිදහසේ ඉන්න.... අනික බන් කවුද බන් දන්නෙ මම පාස් ද කියලවත්... :O ගෙදරට පොර ටෝක් දුන්නට මමනෙ බන් දන්නෙ මම ලියපුවා මොනාද කියලා....:) o_O මතක් වෙද්දිත් කලන්තෙ වගේ මට o_O o_O"
"හි හි වරෙන් අපේ එකට හොද ආතල් එකක් ගන්න පුලුවන්..."
"එච්චර කරුමයක් නම් මට නැතුව ඇති බන්...:("
"ඒක නෙමෙ උබලා අද කොහෙද යන්න හදන්නෙ...."
"මචන් අපි BMICH යන්න කියලා"

"හුටා ඒ මොන රෙද්දටද???:O :O යකෝ මට නම් බෑ....:( :("

"ඒ මොකෝ. ඇයි බන් අද බුක් ෆෙයර් එක නෙ...."

"මචන් අද එලියට බහිද්දි අපෙ අක්කා දරුණු වොර්නින් එකක් කලා බන්.... ඔහෙ ගියොත් අද රෑ වෙනවා... ලොවෙත් මට එලියේ තමා ඉන්න වෙන්නෙ..."

"මොකද්ද යකෝ...>:o "

"මොකද්ද තමා... උබලා කියයි මමනෙ බන් අර ගෙදර ඉන්න ඕනෙ... අවුලක් නෑ උබල පලයල්ලා...:( :("






ඔබේ අදහස් මට ශක්තියක්..... අදහසක් දාලම යමු නේද???

1 comment:

ඔබේ අදහස් මට ශක්තියක්..... ඔබේ අදහසත් දාලම යමු නේද????