ගී සර රංගන

ගී සර  රංගන බොහොම සාර්තක  විදියට නිමා උනා. සුළු සුළු අඩු පාඩු තියෙන්න ඇති.

මම අපේ කට්ටිය ගැන කියන්නම් නොදන්න අයට.

අපේ කට්ටිය වයස අනුව බැලුවොත්  අවුරුදු 14 සිට හැට පැනපු අයගෙන්ද, අධ්‍යාපන මට්ටම අනුව බැලුවොත්  මිඩ්ල් ස්කූල් යන අයගේ සිට පී. එච්. ඩී. කාරයන් ගෙන්ද සමන්විතයි.

අපි මේක පටන් ගත්තෙ මාස හයකට විතර කලින්. සමහර දාට ඇනහයිම් පන්සලෙත් 
සමහරදාට  ජයසිංහ මෝල් එකෙත් පුහුණුවීම පැවැත් උනා. කට්ටිය රැස් කරන එක හරිම අමාරු වැඩක්. සමහරු හැතැප්ම 100 ක් විතර  දුර ඉඳල එන්නෙ. සමහරු වැඩ. තවත් සමහරුන්ට තවත් පුද්ගලික වැඩ.

කොහොම හරි ඔය පුහුණු වීම් එකම සතුටු සාගරයක්. සමහරු වඩේ හදා ගෙනව. 
පැටිස්.. කට්ලස්...එක එක විදියේ කෑම. පුහුණුවීම් අස්සෙ කනව දැක්කොත් සුනේත්‍රගෙන් බැනුම් කෝටියයි. හොරෙන් හොරෙන්ම වොඩ්කා බෝතලේකුත් හිස් වෙනව.  විවේක කාලෙ ඩබල් මීනිං කතා, කුණුහරප වල් කතා , පිස්සු කතා ඒවයින් අඩුවකුත් නෑ.

නොවැම්බර් 8 හවස ඩ්‍රෙස් 
රිහර්සල්.. කිසිම කෙනෙක් ලෑස්ති නෑ. එකම අවුල් ගොඩක්.

කෝරස් ඇහෙන්නෙ නෑ. දෙබස් කට පාඩම් 
නැහැ.  සුනේත්‍රගෙ මූන ඇඹුල් වෙලා. එදා ගෙවල්
වලට යනකොට රෑ 12.00 ත් පහුවෙලා. අපි හැමෝටම බයයි. හෙට මොකද වෙන්නෙ කියල. ඒත් එහෙම උනේ නැහැ. හරියට වාර අවසාන විභාගෙට ලෑස්ති වෙන පොඩි උන් වාගෙ තැන් තැන් වල වෙන වෙනම පුහුණුවීම් කරල.

අපි වැඩේ දුන්න වෙලාවට.. හවුස් ෆුල් නැති උනත් ... සෑහෙන්න සෙනගක් හිටිය.


අපේ මහන්සියේ ප්‍රතිපල  අපිට ලැබුණ. 
පරණ මූණු දැකල දැකල එපා වුනු අයට මෙදා පාර අළුත් මූණු කීපයක් දැක ගන්න ලැබුන.  හැංගිලා තියෙන මැනික් කැට අරන් ඔප දාල ගත්තට සුනේත්‍රට පිං.

අපි හැමදාම උදේට වැඩට යනව. හවසට එනව. පඩි ගන්නව. බිල් ගෙවනව.

කාමරෙන් සාලෙට එනව. සාලෙන් කුස්සියට යනව.  කුස්සියෙන් ආයෙම කාමරේට යනව. සංසාර චක්කරේ.
මේ වගේ දේවල් වත් ඉඳ හිට නොතිබෙන්න අපට පිස්සු හැදෙයි නේද ?

ගී සර රංගන සාර්තක කර ගන්නට දායක වුනු හැමෝටම  මේ මල් මිට මා ගානෙ...



Comments

Popular posts from this blog

ෆ්ලෑෂ් - වීඩියෝ...

ගී සර රංගන

ඩිජිටල් ඔරලෝසු