Saturday, November 9, 2013

ජීවිතය - 02

ජීවිතයේ ඉදිරියටම අපි යනකොට අපි හිතන හැම දේම අපිට ලැබෙනේ නෑ නේද ?සමහර විට අපි ත් හිතන දේවල් කවදාකව නොලැබි තිබෙන්න පුලුවන්. නුමුත් ඔබ ඔබේ උත්සහය අත හැරියාද ? ඔබ උත්සහය තවම අත හැරියේ නැත්නම් ඔබ තවම දිනුවේ නැතත් කවදාක හෝ දිනාවි. ඔබ විශ්වාස කරන්න. ඔව් ඔබ දිනනවා. 

අපි බොහෝ විට කරන දෙයක් තමා අපි හිතන වෙලාවට අපි හිතන දේ නොලැබුන හොත් අපි අපේ අදහස අත හරිනවා නේද ? සමහර විට ඔබ ඒ අත ඇරියේ ඊලග පියවරේදී ඔබ ජයගන්නා දෙයක් වෙන්නට පුලුවන් නේද? ඒක හරියට මුතු මැණික් සොයාගෙන කිලෝ මීටර් ගානක් හාරලා හාරලා අන්තිමට තව මීටර් 100 ක් විතර තියෙද්දී මුතු මැණික් සොයාගෙන යන අදහස අත හරිනවා වගේ දෙයක් වෙන්න පුලුවන්.

තවත් දෙයක් තමා අප වරක් පැරදුනොත් අපි දෙවනි වර උත්සහ කරන් නෑ නේද ?සමහර විට ඔබ උත්සහ කරනවා ඇති, නුමුත් ඔබ එයට කලින් පලමු වර කල වරද හෝ වැරදි හාදා ගත්තාද ?එසේ නොමැති විට දෙවනි තෙවනි වරත් ඔබ අසාර්ථක වෙන එක පුදුමයක් නොවේ නේද ?

ඔබට පුලුවන් ඔබ නොහැකියි කියා සිතනවාද ඇයි ඔබට නොහැකි?උත්සහ කරනවානම් ඔබට කල නොහැකි දෙයක් නෑ. එන්න ඔබේ හිත ශක්තිමත් කරගන්න. වරක් වැටුනහොත් නැවත උත්සහ කරන්න. ඔබේ වැරදි හදා ගන්න. ඔබ කවදාක හෝ දිනනවා. ඔබ පැරදුනත් සිතන්න එයින් යම් දෙයක් ඔබට ලැබුන බව. සොයා බලන්න ඔබට කොතැනද වැරදුනේ කියා.ඔබ නැවත ඉන් පෙර වරද නිසාම පැරදෙන්නේ නැතිවේ වි, පැරදුනහොත් වෙනත් වරදක් නිසා වේවි.අපි අපේ අඩුපාඩු එකින් එක හදා ගනිමින් දිනුම් කනුව කරාම යමු. අතර මැද නවතා දමා දුර්වලයකු නොවී අපි ශක්තිමත් බව ලොවට පෙන්වමු. ඔව් ඔබ දිනනවා මිතුර.

No comments:

Post a Comment