09 November 2013

Don't look down when you are walking // උඩ බලන් ඇවිදීම




Don't look down.
Walk  
with  your eyes on the sky
piercing the fluff
to hit upon the mesmerizing
blue
Sky blue
Walk like that
eyes set upon 
the hazy reveries
floating freely
in a peaceful sea of 
(Yes)            blue.
Don't look down
for the ground is of gravel
and dust 
and the disgust
of reality
Don't look down
lest you forever
loose
your dreams
your peace

your balance




PS: 
We all walk with our heads turned up. May be at times there's no other way .



ඇවිදිනකොට,  මචං
බිම නොබලන්
උඩම බලන්
ඔහොමම යං
පුළුන් වලා මෑත්වී
දිස්වෙන නිල
(ආයේෂ්  අම්මා )
ඒ දෙසම බලන්
සිහින දකින්

බොරලු  දූලි
කටු කොහොල්
ජිවිත
පොළොවේ ඉහිරුණු
යාථාර්තය
වටපිටාව ගඳ ගස්සන
දැක
සිහින  සබන් පෙන බිඳේ වී
හිතේ සැනසුම ගිනි ගනීවි

ඉතින් මචං
මතක තියන්
වැරදිලාවත්
බිම නොබලන්


පලි : අපි හැමෝම පොඩ්ඩකට බිම බලලා ආයිත් උඩ  බලා ගෙන ඇවිදින්න ගන්නවා කියලයි මට හිතෙන්නේ . එහෙම නැතිව බෑ  ජිවත් වෙන්න .


8 comments:

  1. මෙයා කියන විදියට ඇවිදින්ට ගියොත් ඉතින් වැඩිදුර යන්ට හම්බවෙන එකක් නෑ. :D

    ReplyDelete
    Replies
    1. නුවර ගෑනු ලමයි ඇවිදින්නේ බිම බලාගෙනලු... :)

      Delete
  2. මම නම් උඩ බලාගෙන යන්නේ.. බිම බලාගෙන ගියොත් බඩුම තමයි

    ReplyDelete
  3. චිත්‍ර කොල්වින් සෙට්ටිනායක ගේ එකක් වගේ!

    ReplyDelete
  4. මගේ යාලුවෙක් හිටියා උදේ පාන්දර ගෙදර ඉඳලා මහ පාරට අතුරු පාරවල් දිගේ එන. මේකා කවදාවත් ටෝච් එකක් හෙම ගෙනියන එකෙක් නෙවෙයි. මූ පාරට එන්නේ උඩ බලාගෙන. ඒ කියන්නේ පාරට උඩින් ගස් නෑනේ. දවසක් මූ වැ‍ටුනනේ හෙන වලකට, ඒ මොකද වල උඩිනුත් ගස් නොතිබිච්ච හන්දා. :D

    ReplyDelete
  5. ඔව් ඒකනම් ඇත්ත. හැම තැනම අඩියෙන් අඩිය බල්ලෝ රීලා....උඩ බලාගෙන ගිහින් ගෙදර ගිහිල්ලා කකුල හෝදගන්න එක ලේසියි...බිම බලාගෙන හතර අතේ ඇවිදිනවාට වඩා. භූමිය එච්චරට අපිරිසිඳුයි

    ReplyDelete

Have commented