Friday, August 13, 2010

සිවනාදන් කියාදුන් පාඩම්

සිවනාදන් යනු මගේ පාසල් සමයේ මිතුරෙකි. මිතුරෙක් යැයි කියූවත් ඔහුටදැන් මා මතක ඈත්දැයි මම නොදනිමි. අඩුමතරමින් ඔහු ජීවතුන් අතර සිටිනවා දැයි හෝ මම නොදනිමි. ඔහුත් මාත් අතර මිත්රත්වය පසලේ දෙවන හා තුන්වන ශ්රේණි වල අවුරුදු දෙකකට සීමාවූ එකකි.
ඒ හෑටේ දශකයේ මැද භාගයයි. රජයේ පාසල් ගුරුවරුන් වූ මගේ මව සහ පියා ස්ථාන මාරුවීම් ලෑබ දිවයිනේ දුෂ්කර පලාත් වල චාරිකා කල කාලයයි. බදුල්ල දිස්ත්රික්කයේ ඉතා දුෂ්කර පාසලක ගුරු නිවසයේ අපි පදින්චිවී සිට්යෙමු. සිවනාදන්, (ඔබසිතුවා හරි ඔහු ද්රවිඩ ජාතියෙක් ) මගේ ලඟින් වාඩි වී එකට සිංහල අකුරු කල එකල මගේ හොඳම මිතුරා, මට බොහෝ දමිල වචන කියාදුනි.
දිනක් ඔහු සෙමින් මගේ කනට කර "ඒයි ඔයාගෙ ප_ය පේනවා කලිසමේ බොත්තම් ගැලවිලා ඉක්මනට ඕක දාගන්න" යැයි කීය. පුරුෂ ලිංඟය ගැන එකල්හි මාදත් එකම සිංහල වචනය වූයේ "චූ එක" යන්න පමණි. පාසැල අවසන්ව ගෙදර ගිය පසු මා උගත් අලුත් දෙමළ වචනයේ ආඩම්බරය අම්මා ඉදිරියේ කියා පෑමට මට උවමනවිය. අම්ම දන්නවද "චූ" එකට දෙමළෙන් කියන්නෙ මොකක්ද කියල... ප_ය කියල මම ආඩම්බරයෙන් කීවෙමි. එහෙත් අම්මා ආඩම්බර වූයේ නැත. ඇගේ නිහඬ බව පිලිබඳ කුකුසෙන්ම මම නිහඬ උනෙමි.
දවසක් පංතියේදී කුඩාවට නවාතිබූ පත්තර කඩදාසි කෑල්ලක් සිවනාදන් සක්කුවෙන් එලියට ගත්තාය. එය දිග අරිමින් මාදෙසට දිගුකලේය. සුදු පාට කුඩු වගයක් එහිවිය. මොනවද මේ මම ඇසීමි. කාල බලන්න ඔහු පිලිතුරු දිනි. මම දිවෙන් එය ලෙවකෑවෙමි සීනි පැනිරසට සමාන රසයක් දිවට දැනිනි. ඔවයෙන් තමයි සීනි බෝල හදන්නෙ ඔහු මට කියාදුනි. මේ ලෝකයේ “icing sugar” කියා රසවත් දෙයක් ඇති බව පමණක් නොව තමන් උකහා ගන්නා රසයන් අන් අය සමග බෙදා ගැනීමේ වටිනාකමද ඔහු මට කියා දුන්නේය.
පාසැල් නිවාඩු කාලයේද ඔහු මා සමග සෙල්ලම් කිරීමට පසැලට පැමිනියේය. මිදුලේ කුඩා වලක් සාරා ඒ මත කුඩා කොටු කැබල්ලක් තබා දිග කෝට්ටකින් විදිනා චක්ගුඩු ක්රීඩාවේ ඔහු කියාදුන් නීති රීති අද මට මතක නැත. එහෙත් “කන්නුනා පට්ටේ” කියා කෑ ගසා අසමින් කුඩා කොටුව ඇස උඩ හෝ කකුලේ ඇඟිලි අතර රුවා පහරදිය යුතුදැයි අසන අන්දම මට කියා දුන් අයුරු මගේ මතකයෙන් කවදා හෝ ගිලිහී නොයේ.
පාසැල් වාර අවසනයේ විවිධ ප්රසංගයට ඉදිරිපත් කරන ලී කෙලි නැටුමේ මගේ සහායකයා සිවනාදන්ය. ඔහුට උඩරට නැටුම් කලාවේ ලී කෙලි මෙන්ම කාවඩිද නැටිය හැක. විවිධ ප්රසංගයට ඔහු ඇතුලු අනෙකුත් ද්රවිඩ සිසුසිසුවියන් ඉදිරිපත් කරන කාවඩි ප්රසංගයට මටද නටන්නට සිවනාදන් අඬගැසූවත් අම්මා එයට හරස්වීම නිසා සිවනාදන් නටන දෙස මම ඊර්ෂාවෙන් බලා සිටියෙමි. සිංහල මාන්නය හා ද්රවිඩ නිරහන්කරය එදා මට නොතේරුන නමුත් අද එය හොද්න් වැටෙහෙන්නේ සිවනාදන්ගේ පාඩම් වලිනි.
එය එම පසෙලෙන් මාරු වී වෙනත් පාසැලකට යන දිනයයි. මිදුලේ නවතා ඇති ලොරියේ ගෙදර බඩු මුට්ටු අසුරමින් සිටිනවිට සිවනාදන් පැමිණියේය. ඔහු සමග ඔහුගේ අම්මාද පැමිණසිටියාය. ඇය එක අතකින් සිවනදන්ගේ නංගී වඩා ගෙන අනෙක් අතින් සිවනාදන් ගේ මල්ලි අල්ලාගෙනෙ ටිකක් ඈතටවී බලා සිට්යාය. මම සිවනාදන් සමග මිදුලේ ඔට්ටු දුවමින් සෙල්ලම් කරමින් සිටියෙමි. අප රැගෙනයාමට පැමිණි කාරයට ගොඩවනවිට මගේ සිතේ තිබූ ඒ ආඩම්බර හැඟීම මටතාම මතකය. සිවනාදන් අහිංසකව අප යනදෙස බලාසිටියාය.
ඕස්ට්රෙලියාවේ මා සමග එකට සේවය කරන සෙල්වා අතුලු ද්රවිඩ මිතුරු මිතුරියන් සමග සැකයෙන් තොරව සුහදව ආශ්රය කිරිමට මට කියාදුන් පාඩම ඔහු ඉගන්නූ සියලු පාඩම් වලට වඩා මට අගනේය.

3 comments:

  1. Even though I don't have the same experience I remember my father helping a Tamil family out of their house when it was in fire in 1980s and once he had to parade in front of a "goni billa" trying to get a Tamil friend out of the same parade. I personally find it very easy to share things with Tamils. So, your experience about the pure friendship with Sivanadan is very much closer to heart.

    ReplyDelete