Friday, December 10, 2010

මගේ අදහස්

හොරෙන් අරගත් මගේ අදහස්
වේදිකවක් මතට වී ඔබ
දෙසනු ඇසුමෙන් හරසරින්
වැඩේ මා සිත පිළිකුලක්

දහස් ගණනින් එක්ව රැස්වී
නගා ඔල්වර මහ හඬින්
අසනවිට ඒ ඔබේ දෙසුමන්
පුරයි මා සිත සිහින් සතුටක්

සැබෑ කරනට ඔබකිවු දෑ
වීදිබට ඒ ජනී ජනයා
පෙලගැසී යනු දුටුව විටදී
පිරේ මා සිත උද්දාමයෙන්

ඒ පිරිස් මැද නොමැති ඔබ දැක
නසාලන්නට ඔබේ නොපනත්
දවාලන්නට උඹේ බොරු කය
නැගේ මා සිත කෝපයක්

No comments:

Post a Comment