Sunday, November 3, 2013

ජීවිතය - 01

ජීවිතය කියන්නේ මහ පුදුම දෙයක්. ඔබ කවුද ? මම කවු ද? අපි හිතන විදිහ හරිම වෙනස්. නුමුත් අපි හැමෝම මිනිසුන් නේ ද ? අද තියෙන ලෝකය දිහා බැලුවහම ඇත්තටම අපි මිනිසුන් ලෙසද අද ජීවත් වන්නේ කියා හිතෙනවා. අද ලෝකයේ අපි විටෙක යන්ත්‍ර වගේ තවත් විටෙක ධනය බලය ජාතිය ආගම ආදී නොයෙක් දේ මත පදනම් වෙලා නේද ? ඇයි අපට මිනිසුන් ලෙස හදවතින් ජීවත් වීමට බැරි ?

මට හිතුනා අද මේ වගේ දෙයක් ගැන කතා කරන්න.මිනිසෙකු ලෙස ජීවත් වීමට ධනය බලය ආදී දේ වුවමනා තමයි . නුමුත් ඒ හැමදේටම වඩා මිනිස් හදවත කියන දේ අපට නැත්නම්. හරි ලෙස කියනවානම් මිනිස් හදවත තුල මිනිසත් බව කියන දේ නොමැතිනම්. අද අපි හරි කැමතියි අප අකමැති කෙනෙකුට රිදවන්නට. නුමුත් ඔබ කී දෙනෙක්ට හදවතක් තිබෙනවා ද අපි ඒ අකමැති කෙනා කරදරයක වැටුනාම උදවු කරන්නට ? අන්න මිතුරේ එවිටයි සැබෑ මිනිසත්කම ඇතිවන්නේ. සමහර විට ඔබේ මිනිසත් බවම ඒ පුද්ගලයාව වෙනස් කරාවි.

No comments:

Post a Comment