Friday, October 25, 2013

සන්සල...


විසේකාර..
එක් පෙති මල...
සලා සිඹින
සන්සල හිත......
පලා මහද
වට රැඳි සල....
බිඳී හැපෙයි
සිතිවිලි රළ....

තෙමා වියලි
මතක අහුර.....
මවා මැකුනු
අකුරු හතර......
සොයා සිතේ
සොඳුරු පැහැය.....
වෙලේ දිගැස
කැළුම් දහර......

ඇළුම් කරන
බැළුම් මතින්.....
පියලි සැලෙන
නෙත් අතරින්.....
මැවෙන නොසිඳි
කම් පහසින්....
සිත ඇළලේ...
මට රහසින්....

සළුපොට අග
නෙත පැටලී....
ගිනි මල
සිත තුල ඇවිලී...
ලීන සුපුන්
වට දිස්වී.....
ගලා හැලේ
හද හිස්වී....

5 comments:

Unknown said...

හිතේ හැටි නොවැ ඔය :)

ayesha said...

mmmm.......

Anonymous said...

කවිම ලියන්නෙ ඇයි බන්...මේවා කියවලා ඇති වෙලා තියෙන්නෙ දැන්...බල්ලොත් බලන්නෙ නැති කවි වෙනුවට ලියහංකො ආතල් කථාවක් දෙකක්...

Dinesh said...

සුපිරියි..

Anonymous said...

බලහං....එකෙක්වත් උවමනාවකින් කමෙන්ට් කරලා තියෙනවද කියලා ? අනිත් එක කමෙන්ට් 10 ක් වත් නෑ..ලියහංකො අර්ධ වල් කථා දෙක තුනක්...බ්ලොග නැගලා යයි...ආයෙ කිරි ගහට මන්නෙන් කෙටුවා වගේ...