Thursday 24 October 2013

“මිනිසත් කමට නුඹ උපමාවක් භානු”

ඉපදෙන හැම ගැහැනියක්ටමපිරිමියෙක්ටම උපතේදී තමන්ගේ මව හෝ පියා විසින් දෙනු ලබන නමට අමතරව හැදින්වෙන පොදු සංඥාර්ථ නාමයක් තියෙනවා. “මනුස්සයා” කියලා. මනුස්සයා කිව්වම ඒක එකයි. හැබැයි ඒ මනුස්සයා කියන වදනට එකතුවෙන නිපාතඋපසර්ග වි‍ශේෂණ පදවලින් එහි අර්ථය විවිධාකාර ලෙස වෙනස් වෙනවා. දනරකදක්ෂඅදක්ෂලෝභපරිත්‍යාගශීලීපසන්සුපසන්එවැනි අර්ථ කීපයක්,
භානු ප්‍රසන්න පෙරේරාඅද අපි අතර නැතත් අර මං කලින් කිව්ව විදියට මනුස්සයෙක් කියන අර්ථයෙන් ගත්තම උත්තම මනුස්සයෙක්. භානු ගෙ දෙමව්පියන් ඔහුගෙ නමට “ප්‍රසන්න” කියල කොටසක් එකතු කරල තිබුණා. භානු ක්‍රියාවෙන් වගේම හැසිරීමෙනුත් තමන්ගෙ දෙමාපියන් දී තිබුණු නමේ අර්ථය සම්පූර්ණ කරගත්ත මිනිහෙක්.




අපේ ජීවිත කාලය තුළ අපි හැමදාම දැකපු භානුට තිබුනෙ හරිම අව්‍යාජ හිනාවක්හරිම “ප්‍රසන්න” සිනාවක්භානුව දන්න හදුනන අයට ඒ ජීවිත කාලෙ පුරාම හිනාවක් නැතිව භානුට තරහ ගිහින් හිටපු දසුනක් මවාගන්න පුළුවන් වෙයි කියල හිතන්න බෑ. ඒ තරමටම “භානු ප්‍රසන්න” නිරහංකාර සරල ජීවිතයක් ගත කළා. කවුරුම හරි කෙනෙක් භානු ළඟට ඇවිල්ල තමන් කරන්න යන මොකක් හරි වැඩක් ගැන කියලඋදව්වක් ඉල්ලුව නම් කවමදාවත් ඒ උදව්ව භානු අතින් පැහැර හැරුනෙ නෑ. ඒ උදව්ව කරන්න යන්න තිබුණෙකතරගමටදඅනුරාධපුරේට දයාපනේටද කියන එකත් භානුට වැදගත් වුනේ නෑ. අද උදේ කොළඹ ඉන්න භානුට සවස දුර ඇමතුමක් දුන්නම ඉන්නෙ අනුරාධපුරේ කිව්වම අපි පුදුම නොවුණෙ ඒ නිසා. භානු දුර ඈත වැඩක් භාර ගත්තත් ඒක ළඟ පාත වැඩක් වෙන්න මහ වෙලාවක් යන්නෙ නෑ.

භානු හරි සරල මිනිහෙක් කියල හුගක් අය කිව්වා. ටී ෂර්ට් එක ඇදගෙනකැප් තොප්පිය දාගෙනපුංචි බෑග් එකක් පිටේ එල්ල ගෙන මෝටර් සයිකලේ නැගල යන භානු ට හුඟක් යාළුවො හිටියා. අතර මඟ මුණ ගැහෙන දන්න අදුනන මූණක් එක්ක කතා කරල යන්න වෙලාවක් නැත්නම් බයිසිකලේ හෝන් එක ගහල අතක් වනල යන පුරුද්ද භානුට තිබුණා. ඉතිං හුගක් අයට අනුව භානු හරිම සිම්පල් චරිතයක්.

එත් තවත් සමහර අය කිව්වෙ භානු හරිම සංකීර්ණ චරිතයක් කියල. එහෙම කියන්න හේතු තිබුණා. තමන් වටේ ඉන්න තමන් ඇසුරු කරන හැමෝම එක්ක කතා බහ කරද්දි ඒ තනිතනි පුද්ගලය එක්ක කතා කරන්නඒ හැමෝගෙම හද දොර යතුර මොකක්ද කියල භානු හොදාකාරවම දැනගෙන හිටියා. දේශපාලන චරිතත් එක්ක දේශපාලනය ගැන කතා කරන්නසංගීතය ජීවිතය වෙච්ච මිනිස්සු එක්ක සංගීතය ගැන කතා කරන්නකලාව ගැන කතා කරන්න කැමති මිනිස්සු එක්ක කලාව ගැන කතා කරන්න වගේමමේ කිසිම දෙයක් ගැන රුචිකත්වයක් නැති මනුස්සයෙක් එක්ක ඔහු කැමති ඕනෑම දෙයක් ගැන කතා කරන්න භානු දැනගෙන හිටියා.

ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කියන කියමන භානු බොරුවක් කියල ඔප්පු කලා. අභිරූපණ ශිල්පියෙක්අංගරචනා ශිල්පියෙක්කැමරාකරුවෙක්කලා අධ්‍යක්ෂකවරයෙක්තිර රචනා ශිල්පියෙක්රූපවාහිනීගුවන්විදුලි වැඩසටහන් නිශ්පාදකවරයෙක්වේදිකා නාට්‍ය ශිල්පියෙක්වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙක්රචකයෙක්කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක්නිශ්පාදකවරයෙක්. මේ හැමදේටම වඩා භානුයහපත් මනුස්සයෙක්උණුසුම් සහෝදරයෙක් දක්ෂ ගුරුවරයෙක්. භානු ගෙ අන්තිම කෙටි චිත්‍රපටයෙ සංගීතය සහ රඟපෑම ඇරෙන්න අනෙක් සෑම අංශයක්ම නිර්මාපකය වුනේ භානු.

අවුරුදු හතළිස් දෙකක කෙටි ජීවිත ගමන නිමා කරල පහුගිය විසිතුන් වෙනිදා භානු යළි නොඑන්නම කාටවත්ම නොකියා ගිහින් තිබුණා‍. ඒ ආරංචිය දරාගන්න බැරිව විශ්වාස කරන්න බැරිවවිසිතුන්වෙනිද උදේ ඉදලදවල් එකොළහදොළහඑක වෙනකම් විවිධ තැන්වල විවිධාකාරයෙන් භානුව ඇසුරු කරපු සහෘදයො එකසිය පනහක් දෙසීයක් විතර හෝමාගම රෝහලට ආව ගියා. ජීවත් වුනත් මැරුණු මිනිසුන් සිය දාස් ගානක් ඉන්න රටකමැරුණත් මැරුණයි කියල විස්වාස කරන්න බැරි මිනිහෙක් වෙන්න පුළුවන් අතේ ඇඟිළි ගාණටත් අඩු පිරිසකට විතරයි. භානු ඇත්තටම මිය ගිහිල්ලත් ජීවත් වෙනවා. හැමදාමත් වගේ මියගියවුන් පිළිබඳ වේදනාව ජීවත්වන්නවුන්ට ඉතිරි කරල භානු යන්න ගිහින්.

මාසයක් දෙකක් තිස්සෙ සුව නොවෙමින් තිබුණු කැස්ස හෙම්බිරිස්සාව වෙනද වගේම ඔහු ගණන් අරගෙන නොතිබුණු නිසා වෙන්න ඇතිඒ පෙනහළු දෙකම අක්‍රීය කරන්නට වෛරසයකට පුළුවන් වෙලා තිබුණේ.

සම්පත් පෙරේරා ඇමිණූ පද කීපයක් ජුනි විසිහය වැනි බදාදා හැන්දෑ වරුවෙ කොට්ටාව කනත්තෙ ශෝකී බටනලා හඩත් සමග ඒකාත්මිකවූ ගිටාරයේ තත් බිදුණු හඩ සමඟ මුසුවුණා. ඒ ශෝකී හඩ භානු ප්‍රසන්න සහෘදය වෙනුවෙන් එතැනට ඇවිත් හිටි හැමෝගෙම නෙත මුල කදුළක් එකතු කළා. භානු වෙනුවෙන්ලියවුණුභානු වෙනුවෙන් ගීතවත්වුණූභානු වෙනුවෙන් ගැයුණු ඒ පද පේළි හතර භානු ගැන සදාතනික මතකයක් ඉතිරිකරල හැමෝගෙම හදවත්වල තැන්පත් වුණා.

අදුරු වළාවක වැසුනට සද මඬල
නතර නොවේ ඉන් ගලනා සඳ එළිය

අතැර ගියත් අප ඇස රඳවා කඳුළ
නිතර ගැවසෙමින් ඇත ඔබ අප අතර

     මේ සටහන ලියවෙන අද භානුගෙ සුන්දර අව්‍යාජ හිනාව මගේ ඇස් ඉදිරියේ සැබෑවට පෙනිල නොපෙනී ගිහින් මාස කීපයක් වෙනවා. සරමක් කුර්තාවක් ඇදගෙන ලස්සන හිනාවක් අරගෙන මගේ මංගල්ලෙට ආපු උඹ මේච්චර ඉක්මනට යනවා කියල දන්නව නම්තරිඳි කියනව වගෙ අනේ යන්න එපා භානු අයියේ කියල කියන්න තිබුණා. එත් එදා දවසෙ සුන්දරම මතකයමට විතරක් නෙවෙයි අපි හුඟක් දෙනෙකුට ඉතිරි කරලා නුඹ යන්නම ගිහින්. උඹේ අර සුන්දර හිනාව විතරක් මතකයේ ඉතිරි කරල. ඇත්තටම භානු අයියේ අර සිරිමල් කියනව වගේ “ මිනිසත්කමට නුඹ උපමාවක්

No comments: