Sunday, October 13, 2013

තනිව ගිය මග - Going solo


බස් එකේ පිටිපස්සේ සීට් එකේ යන එක ලේසි පාසු වැඩක් නෙවි.මග දිගටම පාර කැඩිලා.අනේ මන්දා අපේ රටේ පාරක් තොටක් හරියට හදන්නේ කවදද මන්දා?......හෙට තමයි මට මගේ ජීවිතේ පලවෙනි රස්සාවේ වැඩ භාරගන්න තියෙන්නේ.හෙටින් පටන්ගන්න ජීවිතේ මොන වගේ වේවිද?මීට කලින් ගෙදරින් පිටනම් ඉදලා තියෙනවා.ඒත් තනියම ඔක්කොම කරගන්න එක ලේසි වෙන එකක් නෑ.ඒත් මං බලාපොරොත්තුවෙන් හිටියේ මේ වගේ දේකට නේද ....අද ඒ චාන්ස් එක මට ලැබිලා තියෙනවා...

පලවෙනි පාර මම උසස්පෙළ කෙරුවේ ගොඩක් බලාපොරොත්තු ඇතිව.ඒත් මම ඒකට හරියට සුදානම් වුනේ නෑ කියලා මට දැන් හිතෙනවා.විභාගේ දවස්වලම වුනු අම්මගේ හදිසි වියෝවත් මට සැහෙන්න බලපෑවා.ඒත් ඒ ඔක්කොටම වඩා හොදටම පිස්සු කෙලිය එක පරහට හිටියා.දෙවැනි පාරත් විභාගේ ලියන්න ඕන කියලා හිතුනේ ප්‍රතිපල ඇවිත් මාසෙකට විතර පස්සේ.මේ පාරනම් විභාගේ හොදට ලිව්වා.ඒත් කෙමෙස්ට්‍රි අවුල් ගියා.දෙවැනි පාර විභාගෙට පන්ති යන අතරේ දවසක් සුදර්ශියේදී යාලුවෙක් ගෙනත් දුන්නු බැංකු විභාගේ ඇප්ලිකේෂන් එක පුරෝලා තැපැල් කලේ එච්චර බලාපොරොත්තුවකින් නෙමේ.ඒත් ඒකෙ තිබ්බ කොන්දේසියකට මගේ හිත ගියා "මේ රැකියාවට ඔබ තෝරා ගතහොත් රටේ දුෂ්කර පලාතක සේවය කිරීමට කැමති විය යුතුය".ගොඩක් උන ඕක දැක්කම පස්ස ගැහුවත් මට ඕනා වෙලා තිබුනේ ඒ වගේ පළාතකට ගිහින් ඉන්න.රස්සාවක් කරනවාටත් වඩා මට ජීවිතේ වෙනසක් ඕනා වෙලා තිබුනා.ගෙදරට වෙලා නිකම් බත් ගිල ගිල ඉන්නවට වඩා ඒක නරක නැත්ද?

බැංකු විභාගේ තිබුනේ ගාල්ලේ.ගිහිල්ලා ඒක ලියලා ආවා.ඊට පස්සේ ඒක නිකම්ම අමතක වෙලා ගියා.දෙවැනි පාර විභාගේ ලිව්වට පස්සෙත් වුනේ නිකම්ම නිකම් ගෙදරට වෙලා ඉන්න.ප්‍රතිපල එනකල් කරන්න දේකුත් නැහැනේ.ඔන්න ඔහොම ඉදිද්දී දවසක් රෙජිස්ටර් ලියුමක් ආවා මගේ නමට.විභාගෙන් පාස් ලකුණු 100 න් 100 යි.කොළඹ ඉන්ටර්වීව් එන්න කියලා තමයි ලියුමේ තිබුනේ.මං ඉන්ටර්වීව් එකට ගියේ අයියත් එක්ක.කොටුවේ ඉස්ටේසමෙන් බැහැලා පාර පැනලා තැපැල් හුවමාරුව ඉස්සරහා තිබ්බ ඉන්ටෙර්වීව් එක තිබ්බ තැනට ගියා.මගේ වාරේ ආවම මං සහතික මිටියත් අරගෙන ඇතුලට ගියා.මගේ පලවෙනි ඉන්ටෙර්වීව් එක.ඒත් අමුතු බයක් මගේ හිතේ තිබුනේ නෑ.පරීක්ෂක මණ්ඩලේ හිටියේ ටයි දාගත්තු සර්ලා දෙන්නෙකුයි මැඩම් කෙනෙකුයි.මගේ සහතික මුකුත් බැලුවේ නෑ.ප්‍රතිපල ලේඛනේ විතරක් බලලා මගෙන් ඇහුවා මගේ විනෝදාංශ මොනවද කියලා.මන් කිව්වා චිත්‍රපටි බලන එක කියලා.අන්තිමට බලපු චිත්‍රපටිය මොකක්ද ඇහුවා.ඒකට මං දුන්නු උත්තරේට එතන හිටපු මැඩම් බිම බලාගත්තා.ඒත් සර්ලා දෙන්නා කිව්වා ඇත්ත කියපු එක අගය කරනවා කියලා.එහෙම කියල මගෙන් ඇහුවා දුෂ්කර පලාතක වැඩකරන්න කැමතිද කියලා.මං ඔව් කිව්වා.එතකොට මට කිව්වා "අපි ඔයාව තෝරාගත්තා,කෙලින් ඇත්ත කතාකරපු එක අගය කරනවා කියලා".

සතියකට විතර පස්සේ පත්වීම් ලිපි ගන්න ආයෙත් කොළඹ එන්න කියලා තිබුනා.තාත්තත් එක්ක ගිහින් ඒක ගත්තා.දැන් වගේ නෙවෙයි මුකුත් උත්සව තිබුනේ නෑ.අපිට සැන්ඩ්විච් එකකුයි බීම එකකුයි දුන්නා.පත්වීම් ලිපිය දුන්නෙත් එතන හිටපු නිලධාරී මහත්තයෙක්.ඒ වෙනකොට මං ඉස්කෝලෙන් අයින් වෙලා හිටියේ නෑ.ඒ නිසා ඒ අය පත්වීම් ලිපිය දෙන්න බෑ කිව්වා.මෙතන හිටියා අර ඉන්ටර්වීව් එකේ හිටපු මැඩම්.මං එයාට ගිහින් ඒ බව කිව්වම එයා පත්වීම් ලිපිය අරගෙන දුන්නා.පස්සේ අස්වීමේ සහතිකේ ගෙනත් දෙන්න කියලා.පත්වීම් ගන්න හිටපු උන්ගෙන් බාලම එකා මම.ඒත් ඉතින් අමුත්තක් දැනුනෙත් නෑ.පත්වීම දීලා තිබුනේ මං බලාපොරොත්තු වුනු විදිහටම දුෂ්කර පළාතකට.ඒ කියන්නේ බුත්තලට.මං ෆුල් ජොලියේ එලියට ඇවිත් ඒක තාත්තට කිව්වා.තාත්තා හිතන්නැති මුට පිස්සු කියලා...ඒත් මුකුත් කිව්වේ නෑ.

සැප්තැම්බර් පළවෙනිදා තමයි වැඩ භාරගන්න තිබ්බේ.අයියයි මායි මොනරාගල බස් එකේ මේ යන්නේ ඒ ගමන.ගමන එන්න කලින් තාත්තා ගෙදරට කතාකරන්න කියලා නොකියා 1100 ෆෝන් එකක් අරන් දුන්නා.තාත්තා කලින් මොනරාගල වැඩකරලා තිබුණු නිසා අපි මීට කලින් දවසක් නවාතැනක් හොයාගන්න බුත්තල ගියා.ඒත් නවාතැනක් හොයාගන්න බැරිවුනා.තාත්තගේ යාලුවෙක් වුනු පතිරණ අන්කල් කිව්වා බැංකුවේ ක්වාටස් එකක් නම් තියෙනවා ඒකෙ ඉඩ නැත්නම් අපේ ගෙදර හරි ඉන්න කියලා.ඉතින් අද යන ගමන ගැන හිතේ තිබුනේ දෙගිඩියාවක්.නවතින්න තැනක නැතුව යන මේ ගමන ආපහු හැරිලා එන්න වේවිද?

විකාර ඔලුවට එන නිසා මං ෆෝන් එක සාක්කුවෙන් අරගෙන ඒකෙ වැඩකෑලි බල බල ආවා.ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ ටවුමෙන් ටවුමට ටවර්වල නම් මාරුවෙනවා....දික්වැල්ල...තංගල්ල...රන්න...අම්බලන්තොට....හම්බන්තොට.....වීරවිල.....ලුණුගම්වෙහෙර....ලුණුගම්වෙහෙරදී බස් එක තේ බොන්න නැවැත්තුවා.අයියා මාළු පාන් ගෙඩියක් කාලා තේ බිව්වත් මං මුකුත් කෑවේ නැහැ.ඒ දවස්වල මට නරක බඩේ අමාරුවක් තිබුනා.දුර ගමන් යද්දී මං මුකුත්ම මගදී කන්නේ නෑ.කෑවොත් ටොයිලට් යන්න වෙනවා.තේ බිව්වට පස්සේ ආයෙත් බස් එක ගමන පටන් ගත්තා.....ඒත් ආයෙත් එක එක ටවුන් පහුවුනත් ටවර් එකේ නම විදිහට එකම නමක් විතරයි සැරින් සැරේ වැටෙන්නේ....නායබැද්ද.....ගොඩක් වෙලාවට සිග්නල් නැහැ.මාතරින් ගත්තු ඩයලොග් සිම් එකෙන් වැඩක් නැතිවෙයිද?මගේ හිතට හිතුනා.මග දෙපැත්තේම බලන්න තරම් දෙයක් නැති තරම්.අව් කූටකෙට වේලිලා ගිය බැද්ද විතරයි.ඉදලා හිටලා මැටි ගහපු ගෙයක් දකින්න තියෙනවා.බස් එකත් එක වලකින් ගොඩ එනකොටම තව වලක වැටෙනවා.දුෂ්කරකම එන්න එන්නම වැඩිවෙනවා  කියන එක මට තේරුනා.ඊලගට පහුවුනේ තනමල්විල....ඇතිලිවැව..වැල්ලවාය..වැල්ලවායේදී බණ්ඩාරවෙල පැත්තේ කඳු පන්තිය ලස්සනට පේනවා.ෆෝන් එකට හොදටම සිග්නල් ආවේ වැල්ලවායේදී.....පැල්වත්ත.....නාහේ කඩාගෙන යන ගඳක් ආවේ පැල්වත්ත පහුකරනකොට.ඒ ෂුගර් එකේ ගෝඩා ගඳ කියලා අයියා කිව්වා.ඔන්න ඊළඟ නැවතුමෙන් අපි බැස්සා..බුත්තල...කතරගම රජ මාවතේ තොරණ ගාවින් තමයි අපි බැස්සේ.බැහැපු ගමන්ම මං බැලුවේ ෆෝන් එකට සිග්නල් තියේද කියලා.හුටා...සිග්නල් කඳුලක්වත් නැහැ.හිතට ලොකු බරක් ඇතුල්වුණා වගේ දැනුනා.අපි ඇඳුම් බෑග් දෙකත් අරගෙන බැංකුවට ගියා.මැනේජර් මහත්තයා අපි දෙන්නට වාඩිවෙන්න කියලා නවතින්න බැංකුවේ චමරියේ පුළුවන් කිව්වා.අපි ත්‍රීවීල් එකකින් චමරියට ගියා.උදෙන්ම මාතරින් ආපු නිසා කරන්න දෙයක් තිබුනේ නෑ.දවල්ට ගිහින් ටවුමේ කඩේකින් කෑවා.දවල් නිසා චමරියේ හිට්යේ මමයි අයියයි විතරයි.ටික වෙලාවකින් තවත් මං වගේම තවත් ළමයෙක් ආවා.එයයිත් එක්ක ගෙදර ඔක්කොමලා ඇවිත් හිටියා,ඒ අය ඇඳුම් බෑග් තියලා ඒ අය නැවතිලා හිටපු තැනට ගියා.හෙට එනවා කියලා.

හවස්වෙද්දී චමරියේ අනිත් අයත් ආවා.චමරියේ තිබුනේ කාමර තුනයි.එකක සුමති අය්යා හිටියා.අනිත් එකේ ලීලේ අයියයි කොස් මහත්තයයි හිටියා.තුන්වෙනි කාමරේ වහලා යතුරු දාලා තිබුනේ.ඒ කාමරේ ඉන්නේ කවුද කියලා ඇහුවත් අනිත් අය හිමීට ඒ ප්‍රශ්නේ මග හැරලා ගියා.චමරියේ අය රෑට උයාගෙන කන්නේ.අපිත් උදව්වෙලා කරෝල හොද්දකුයි...බතුයි...බොන්චියි හැදුවා.රෑට නිදාගන්න ගියාම තමයි ප්‍රශ්නේ ආවේ.සාලේ ඇඳවල් දෙකක් තිබුනා.අපි ඒකට වෙලා නිදාගත්තා.කැඩීච්ච මෙට්ට දෙකක් තිබුනේ.රෑට මදුරුවෝ විමානේ.නෙට් එකක්වත් නැහැ.උදේ වෙනකල් හරියට නින්ද ගියේ නැහැ.මං උදෙන්ම නැගිටලා අර තුන්වෙනි කාමරේ දොරේ සිදුරට ඇහැ තියලා බැලුවා.ඉර එලිය කාමරේට වැටිලා තිබුනා.හොඳ ඇඳකුයි මේසෙකුයි ඇදුම් රැක් එකකුයි කාමරේ තියෙනවා.ඉස්සෙලාම වැඩට යන්න තියෙන දවස නිසා ඉක්මනට බාත්රූම් ඒකට පැනලා නාගත්තා.ටොයිලට් එක ගැන කතා කරලා වැඩක් නැහැ .අයියට කොළඹ වැඩට යන්න තිබුනා.ඒක නිසා එයයි උදෙන්ම මොනරාගල කොලබ බස් එකට ගියා.යන්න කලින් මේ වගේ තැනක ඉන්න ඕන හැටිත් තවත් ගොඩක් දේ ගැනත් උපදෙස් දීලා ගියේ....අනේ මන්දා හිතාගෙන ආවට වැඩේ ලේසි නැහැ වගේ...
ඒත් මගේ හිත ඒ කාලේ ගොඩක් හයියයි....මොන කරදරේ ආවත් දාලා යන්නේ නෑ කියලා හිතාගෙන තමයි මං ආවේ...බලමුකෝ වෙන්නේ මොකද කියලා....

තුන්වෙනි කාමරේ හිටියේ කවුද???? ඊලග කොටසින් බලාපොරොත්තු වන්න .....

44 comments:

  1. මම හිතුව තුන්වෙනි කාමරේ කියල ඇහැ තියල බලල තියෙන්නෙ බාත් රූම් එකට කියල :)

    බලමු ඊලග ලිපියෙන් :)

    ReplyDelete
    Replies
    1. ඔව්..ඔව්,..ඊළඟ ලිපිය බලන එක හොඳා ..

      Delete
  2. මට ආපු ලොකුම ප්‍රශ්නේ තමයි අන්තිමට බලපු ෆිල්ම් එක මොකද්ද කියලා...
    ඒ ලෙවල් කාලේ නටපු පිස්සු ගැන නම් මම දන්නේ නෑ හොඳේ... :p

    ReplyDelete
    Replies
    1. දැන ගන්නම ඕනද ????? ටයිටැනික්...

      Delete
    2. මාත් මේ ඒක අහන්න ආවේ ටයිටනික් වෙන්න බෑ කියහංකෝ අගය ‍ොකර

      Delete
  3. මොකක්ද බලපු ෆිල්ම් එක ...?

    ReplyDelete
    Replies
    1. ඒක අදාල නෑනේ සහන් මෙතෙන්ට....අර මාරයාගේ ප්‍රියතම නිළිය රගපාපු එකක්..

      Delete
  4. මටත් උ\පෙ. ඉවර කරපු කාලේ කරන්න දෙයක් තිබුනේ නෑ...පස්සේ තාත්තා වැඩ කරපු බැංකුවේ මැනේජර් අංකල්ගේ කරදරේ නිසාම බැංකු විබාගේ කියල එකක් ලිව්වා. කොළඹ වැඩ කරන්න චාන්ස් එකකුත් ලැබුනා ඒත් මට ඕනා උනේ දුෂ්කර දිහාවකට යන්න.එක කොහෙත්ම වෙන්නේ නෑ මොකද ?කෙල්ලෙක්ව තනි පන්ගලමේ නොදන්න පලාතක තියන්න අපේ ගෙදර කට්ටිය කැමති වෙන්න නැති නිසා.තාත්තායි මායි වැඩට ගියේ එකට හරියට තාත්තා පොඩිකාලේ ඉස්කොලේ ගිහින් අරිනවා වගේ බැංකුව ගාවින් උදේට දාලා යනවා,හවසට එක්කම් යන්න එනවා.මාසයක් කොළඹ ඇදලා ගෙදර හිටියා.තෘප්තියක් ලබා ගන්න බැරි රස්සාවක් කරන එක මහා හිස රදයක්.....ඊට මාස කීපයකට පස්සේ ඉතාලියට ගොඩ බැස්සා මට එදා ඉදන් තමා තනියම ජීවිතේට මුන දෙන්න උනේ ......වෙලාවක ලියන්නම්කෝ විස්තර.....

    ReplyDelete
  5. සුපිරි කතාවක් වගේ... ඔය බුත්තල ගැන මගෙ අත්දැකීමකුත් තියෙනව,ඉක්මනට ඉතුරු හරියත් දාන්න.

    ReplyDelete
    Replies
    1. හරි හැලපය්යේ...හැබැයි මේක කොටස් දෙක තුනකින් ඉවර වෙන කතාවක්නම් නෙවි...

      Delete
  6. උබ ඔය කියන්නේ 2003ට කලින් බුත්තලද? ඊට පස්සේ නම් ඔය කියන තරම් වලවල් ගොඩවල් තිබුන පාරක් නෙවෙයි බුත්තල, අනිත් එක දුෂ්කර කිව්වට මාතර( ඒකාලයේ)ට සාපේක්ෂව ටිකයි පහසුකම් අඩු එකත් කොළබට දුරින් පිහිටීම් නිසයි, 92ද කොහෙද ගම්උදාවෙන් පස්සේ බුත්තල දුෂ්කර කියන රාමුවෙන් මිදුන නගරයක්,
    තමුන්ගේ බ්ලොග් එකේ ලියන්න දේවල් නැතුවට කුණු ගොඩවල් ගොඩගහල කුනුරසය පාටකයට දීලා කියවන්නන් ගෙන්වාගන්න අර මාතලන් කකා වගේ පොන්නයෙක් වෙන්න හදන්නේ අයි කියල මට තේරෙන්නේ නෑ, උබත්. මේක කියවන කිසිම කෙනෙක් බුත්තල ගිහින් නෑ කියන උපකල්පනයෙන් තමයි උබ මේක ලියන්නේ, අනේ මන්ද......

    ReplyDelete
    Replies
    1. මේ තාත්තෙක් නැති දරුවා හිතේ අමාරුවට කෑ ගැහුවට කවුරුත් හිනා වෙන්න එපා.පව් අහිංසකයා....

      මම බුත්තල ඉදලා තියෙනවා දුෂ්කර කාලේ වගේම..තෝ කියන ඔය මහා සංවර්ධනේ උන කාලෙත්...මාතර වැල්ලවාය පාර හදන්න පටන්ගත්තේ 2007 දී වැඩ ඉවරවුනේ 2009 දී.දැයටකිරුල එන්න ඉස්සෙල්ලා විශේෂ සංවර්ධනයක් වෙලා තිබුනේ නැහැ.ගම උදාවෙන් කරලා තිබුනේ පාරවල්වල පස දාලා තලලා තාර පේන්ට් කරපු එක විතරයි...මං මගේ දේවල් ලියන්නේ මගේ බ්ලොගේ මිසක් වෙන තැනක නෙවි...බොට අමාරුනම් නෑවිත් හිටපන්..

      Delete
  7. 1996 - 2004 කාලේ බ්‍රාන්ච් කම්පියුටරයිස් කරන්න ගිහින් අපිටත් ඔය වගේ කටු කන්න වුණා, අපිනම් සති කීපයයි. ඒ වුණාට ඔයාලා අවුරුදු ගානක් දුක් විනිදින්න එපැයි.

    ReplyDelete
    Replies
    1. අපි ඒ කාලේ ලොකුම ප්‍රශ්නේ වුනේ හරි හැටි ඉන්න තැනක නැතිවුණු එක...

      Delete
  8. ඊළග කොටසින් බලමු 3 වෙනි කාමරේ හිටියෙ කවුද කියලා...මමත් ඉස්සර හරිම කැමැත්තෙන් හිටියා ලංකාවෙ ඈත කොණක රැකියාව කරන්න...මම අහලා තියෙනවා බැංකුවක රස්සාවක් ගන්න අදුනන කම් අවශ්‍යයි කියලා...දැනුත් ඔය විදියට සේවයට ගන්නවද ?

    ReplyDelete
    Replies
    1. සිරා...වැරදි වටහා ගැනීමක් ඇතිවුනාද මන්දා...අපිනම් ආවේ රජයේ විභාග දෙපාර්තමේන්තුවේ විභාගේ ලියලා.එහෙම නැතුව පිට පාරෙන්නම් නෙමෙයි.ප්‍රයිවෙට් බැංකු වලටනම් දැන් හදුනුම්කම් මතත් බඳවා ගැනීම් වෙනවා.ඒත් හැම එකකම නෙවෙයි...මචන් ...අනිත් එක මට රස්සාවට එන්න පුළුවන් වුනේ කාගේවත් දන හැදුනුම් කමකටවත් දේශපාලන උදව්වකින්වත් නෙවි.එහෙම ඒවා ඒ කාලේ තිබුනෙත් නෑ දැනුත් නැහැ

      Delete
  9. මට හිතෙන්නෙ ගුරුවරයෙකුගෙ දුශ්කරසෙවෙ තරම් බැන්කුවක දුශ්කරසෙවෙ අමාරුවෙන එකක් නැ.මොකද බැන්කු තියෙන්නෙ හුගාක් නගරවල නෙ.මොනව උනත් නවාතැන අවුල් නම් කොලඹත් දුශ්කරයි තමා

    ReplyDelete
    Replies
    1. ඔව් ,දමිත් කතාව 100 % ට සීයක් ඇත්ත.මට මේකේ දුෂ්කර කමම නෙමේ කියන්න ඕන වුනේ.ඉස්සරහ කොටස් කියවනකොට තේරේවි.

      Delete
  10. ඔය කොටස් වසයෙන් කථා ලියන එවුන්ව මට පෙන්නන්න බෑ ඕයි.... දැන් 3 කාමරේ හිටිය එකා බලන්න ඊලග කොටස එනකම් ඉන්න ඕනා.... අඩු ගානේ අර පිචර් එකේ නම වත් දාපන්

    ReplyDelete
    Replies
    1. බොලා ඔක්කොටම අමාරුව තියෙන්නේ ෆිල්ම් එක ගැනනේ.මේක කොටස් දෙක තුනකින් ඉවරවෙන එකක් නැහැ සමහරවිට...මෙගා සීරීස් එකක් වෙයිද දන්නේ නෑ ...හි...හි...

      Delete
    2. අනේ මැලයෝ උඹට බැරිනං නිකා හිටහං අපි කො‍ටස් වශයෙන් යන එව්වා ියවනවා , ලියනවත් එක්ක , කටපියාගන හිටියේ නැත්තං දන්නවනේ ( මාත් එච්චර හොද මිනිහෙක් නෙමෙයි හරිය )

      Delete
    3. අටමගේ අත පිච්චුන කතාව දැන් කොටස් කීයක්‌ ලිව්වද අපි කියවනවානේ ...

      Delete
  11. කොටස් දෙක තුනකින් ඉවර කරන් නෑ කිවුවෙ 'මෙගා'වක් පෙන්නන්නද යන්නෙ. කමක් නෑ කමක් නෑ බලමුකෝ අපිත් එනවනේ. හැබයි අර 3වෙනි කාමරේ හිටපුඑකා ගැන දැන ගන්නකම් මට නින්ද යයිද දන්නෑ. ඉක්මනටම ඒ කොරස දාන්න.

    - ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. ඕකේ..ඕකේ..ඉක්මනටම දාන්නම්..

      Delete
  12. කතාව නම් ලස්සනට ලියවෙනව.
    පැල්වත්ත ෂුගර් එක හදන කාලේ කැලේ ඇතුලෙ ඇලක් අයිනෙ වාඩියක මාස ගානක් සති අන්තවල ලි මැස්සෙ නිදා ගත්ත ඒව මතක් වුනා.
    ඒ ගම්වල මිනිස්සු එක්ක දඩයමේ ගිය හැටිත් හරිම රසවත් (පව් තමා බොල)
    දකුණු පැත්තෙ කනට උඩින් ටෝච් එක රෙදි පටියකට තියල තදට ගැට ගහගන්න දඩයම් කරු වතුර බිබී ඉන්න සත්තු පොඩි සද්දෙට ඔලුව හරවද්දී දෙන ටෝච් එලියට දිස්නෙ දෙන කොළ ජිල් බෝල ඇස් දෙක ට දෙන ඩුසුම් එකෙන් පස්සෙ,ලේ පාර දිගේ ගිහිල්ල බොඩිය විලිස් ජීප් කට්ටට උස්සල දැම්මම බරට ඉස්සරහ උඩ යනවා....
    මොනරාගලත් සුන්දර ගැමි ගෙවල් වල ගත කරපු සොදුරු අතීත මතකයන් ඔබේ ලිපියෙන් අවදි කරවනව හසරැල්.
    මේ වාගේ ලිපි දිගටම ලියන්න.
    පිටිසර ගම්වල දේවල් අපේ රවී ගෙන් සහ තරු රසී ලාගේ ලිපිවලින් තමයි රස විදින්නෙ.

    ReplyDelete
    Replies
    1. බොලේ බලාගෙන ගියාම කෙන්ජි හිටපු නැති තැනක් නැහැ නොවැ.හෙන ඇන්ටික් පොරක්නේ ...හි...හි....ෂුගර් එකේ ගම්වල ඇවිදපු මතක මටත් තිබේ...ඉදිරියේදී බලාපොරොත්තුවන්න

      Delete
  13. 3 වෙනි කාමරේ හිටියේ ලේඩි කෙනෙක්වත්ද?

    බලමුකෝ

    ReplyDelete
    Replies
    1. මටත් මෙහෙම හිතුණා.

      Delete
    2. අනේ ඉතින් මේවා හිතන්නේ පිරිමි අපිට නෙවිනේ...ගෑනුන්ටමනේ..

      Delete
  14. උඹ බලපු ‍ෆිල්ම් එක මොකක්ද කියලා මටත් කුතුහලය.
    අනික අස්වීම නැතුව පත්වීම නොදෙන කතාවක් තියෙනවද?

    මගෙත් හොඳම යාලුවගෙ බිරිඳ (වෛද්‍යවරියක්) ඔය බුත්තල හොස්ලිටල් එකේ දුශ්කර සේවය කරලා ආපහු එන දවසේ අපි ගියා පොඩි ෆෙයාවෙල් පාටියකට සහභාගි වෙන්න.

    ReplyDelete
    Replies
    1. එතෙන්දි අපේ විභාග සහතික අස්වීමේ සහතිකය වගේ දේවල් පර්සනල් ෆයිල් එකට ගන්නවනේ.ඉතින් අඩුපාඩු ඇතිව පත්වීමේ ලිපිය දෙන්න එතන හිටපු නිලධාරී මහත්තයා අකමැති වුනා.ඒකෙ වරදක් නැහැ.එයයි කරන්නේ එයයිගේ රාජකාරිය නෙව.ෆිල්ම් එකේ නමනම් අහන්න එපෝ....

      Delete
    2. උඹ ඔය දාලා තියෙන පින්තූරේ අඩංගු Going Solo කියන පොත කියවලා තියෙනවද හස‍රැල්? නැතිනම් හොයාගෙන කියවපං. මම කියවපු ලස්සනම පොතක්.

      Delete
    3. මං කියවල තියෙනෝ.අපේ අක්කගේ ලොකු කොලුවාගේ ඉස්කෝලේ කියවීම් පොතක් හැටියට නියම කරලා තියෙනවා.මිනිහා ඕක නොකියෙව්වට මං දෙතුන් පාරක්ම කියෙව්වා.මගේ කතාවත් සමහර වෙලාවට ඒ වගේ කියලා මට හිතුන නිසයි නම කොපි කලේ...

      Delete
  15. සිරා කතාව.. දැන් ඉතින් තුන්වෙනි කාමරේ දැනගන්න ඊලග එක එනකන් ඉන්න එපැයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ඉන්න වෙනවා තමයි...මක්කා කොරන්නෙයි...

      Delete
  16. දැං ඉතිං හිටහංකො තුන්වෙනි කාමරේ හිටපු එකා මොකාද කියල හිත හිත.

    දැනට කාලකෙට කලින් වැල්ලවාය, බුත්තල පැත්තෙ පාරවල් ඔය වගේ උනාට දැංනං ගොඩක් පාරවල් කාපට් කරල තියෙනව. අනික ඒ දවස්වල ගොඩක් තැන්වලට වැඩකළේ සෙල්ටෙල් (දැං එටිසලාට්) විතරයි. කොටිංම හපුතලේටවත් ඩයලොග් සිග්නල් තිබුණෙ නෑ.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් එක වලකවත් වැටෙන්නේ නැතුව මාතර ඉදලා මඩකලපුවටම යන්නට පුළුවන්.බුත්තලට සෙල්ටෙල් [ටිගෝ] ආවෙත් අපි එහෙ ගියාට පස්සේ...

      Delete
  17. නියම ස්ටාට් එකක් හසරැල්....උඹේ කතාව විතරක් නෙමේ... ජීවිතෙත් සාර්ථක වෙන්නේ ලබපු අමාරු අත්දැකීම් එක්ක තමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත...ඉදිරියටත් කියවන්නකෝ...

      Delete
  18. කොළඹ, ගාල්ල , මාතර, නුවර ඉඳන් බුත්තල ,මොණරාගල ..යන අය කියන්නේ ඒ පති දුෂ්කරයි කියලා...එත් ඒ පති වල අය කියන්නේ අම්මේ කොළඹ ඉන්න පුලුවන්ද හරිම දුෂ්කරයි කිසිම නිදහසක් නෑ කියලා.....ඇත්තටම හරි කවුද ...?

    ReplyDelete
    Replies
    1. මටනම් ඔය පති දෙකම දුෂ්කරයි...ඒ මං මාතර හින්ද වෙන්නැති..

      Delete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...