October 9, 2013

කොළඹ සිංහයාගේ දුව මමයි -හිරුණිකා

තමන් කොලොම්තොට සිංහයාගේ දුව බවත් තම ඇඟේ දුවන්නේ සිංහ ලේ බවත් හිටපු ජනාධිපති වෘත්තීය කටයුතු උපදේශක හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසන්නීය.

ඇය මේ අදහස් පල කලේ ඊයේ කොලොන්නාවේදී පැවති ඒ මහතාගේ දෙවර්ෂ පූර්ණ ගුණ සැමරුම අමතමිනි.

එහිදී හිරුණිකා මෙසේද කීවාය.

“ඊයේ පෙරේදත් කට්ටිය ඇවිල්ලා කිව්වා ඇයි දැන් වැඩිය ටීවී එකේවත් පේන්න නැහැ. වැඩිය කතා කරන්නෙත් නැහැ. මොකද වෙලා තියෙන්නේ කියලා. නැහැ මේ වෙලාවේ මම පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. මේ කොලොම්තොට හිටපු සිංහයා තමයි මගේ තාත්තා. ඒ සිංහයාගේ දුව තමයි මම.ඒ සිංහයාගේ ලේ තමයි මගේ ඇඟේ දුවන්නේ. හැබැයි
සිංහයා එක පාරක් තමන්ගේ අඩිය පිටිපස්සට දාන්නේ දහපාරක් ඉස්සරට ගිහිල්ලා ප්‍රහාර එල්ල කරන්න.”

ඇමති මෛත‍්‍රීපාල සිරිසේන සහ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ, සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මියද ගුණ සමරුව ඇමතූහ.

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.