someone? or one?,එකෙක් ද? එකාද?

මේ කතාව සිද්ධ වුනේ කාර්මික අංශයේ කම්හලක.මේ කම්හලේ වැඩ ‍රැසක්ම සිදු කෙරුනේ යන්ත්‍ර සූත්‍ර වලින්.ඉතින් මේ යන්ත්‍ර කැඩුනොත් මුලු නිෂ්පාදන ක්‍රියාවලියම ඇණ හිටින්න පුලුවන්.

Imageදවසක් නොහිතපු විදිහට එක යන්ත්‍රයක් කැඩුනා.කළමනාකාරීත්වය වහාම කාර්මික ඉංජිනේරුවරයෙක්ව ගෙන්නුවා මේ ගැටලුව විසඳන්න.දැං ඔන්න අදාල කාර්මික ඉංජිනේරුතුමා ආවා හොඳට කිට මරලා එහෙම.මොකද මෙව්වා අර white collar jobs නෙ.එයා ඇවිල්ලා මුලු යන්ත්‍රය පුරාම හොඳට විමසලා බැලුවා මොකක්ද වෙන්න පුලුවන් කියලා.හැම කොටසක්ම එකින් එක බැලුවා.ඒත් ගලවලා බැලුවේ නෑ.යන්ත්‍රය තියෙන තත්ත්වයෙන්ම පණ ගන්වලා එහෙමත් බැලුවා,කොච්චර හොඳට වැඩකරනවද කියලා.දැං ඔන්න වැඩ සුපරීක්ෂකවරු එහෙමත් බලා ඉන්නවා මොකද කරන්නේ කියලා.ඉංජිනේරුතුමා බර කල්පනාවක.විනාඩි 15 විතර කල්පනා කරලා කිව්වා “හරි මෙන්න මේ ඇනය තද කරන්නකො” කියලා.ඉතින් යන්ත්‍රය බාරව ඉන්න කෙනා ඒ ඇනේ තද කලා.මෙන්න බොලේ යන්තරේ බබා වගේ වැඩ.හැමෝටම සන්තෝසයි.කළමනාකාරතුමත් බොහොම සන්තෝසවෙලා කතා කරලා ඇහුවා ගණන් හිලවු එහෙම කොහොමද කියලා.

“රු 15,000/=”.මේක ඇහුවම ඒ කළමනාකරුවා උඩ ගියා.”මොනවා,මේ එක ඇණයක් තද කරනවට රු 15,000/=???????????????” කට්ටියටම ලොකු පැණයක්.ඉංජිනේරුතුමා හිනාවෙලා කිව්වා,” නෑ,මං මේ ඇනය තද කරනවට ගන්නේ රු 10/= ගාස්තුවක්.””එතකොට ඉතුරු 14,990/=?”

මං ඒ ගාණ ගත්තේ මෙතන තියෙන ඇන දහස් ගාන අතරින් කොයි ඇනයද තද කරන්නේ කියලා හරියටම තීරනය කරන්න.”

 Image

දැන් කායික ශ්‍රමය මානසික ශ්‍රමයට වඩා උතුම් කියලා හිතන කෙනෙකුට මේක අහලා කියන්න පුලුවන් ඒක මේ අහවල් විෂමතාවයි අරක මේකයි,නමුත් ඒක තමා ඇත්ත.එතන තියෙන ඇනයක් තද කරලා අච්චර ලොකු ගානක් කිව්වම කෙනෙකුට හිතන්න පුලුවන් අපොයි ඕක මාත් කරන්නන්කො කියලා.ඒත් එයාට බැරි වෙන දෙය තමයි හරියටම කොයි ඇනයද කොච්චර  ප්‍රමානයකට තද කරන්න ඕන කියන එක තීරනය කරන එක.කායිකව කරන ශ්‍රමය යොදවද්දි අපිට ලැබෙනවා කොයි වැඩේ කොහොම වෙන්න ඕනද කියලා උපදෙස්.ඒ උපදෙස පිළිපැදීම තමයි ඒ ශ්‍රමිකයට කරන්න තියෙන්නේ.අනික ඔහුගේ කාර්යය මඟින් සෘජු බලපෑම වෙන්නේ බොහොම අඩු පරාසයකට.ඒත් මානසික ශ්‍රමය යොදවන කෙනෙකුගේ තීරනයක් මුලු පද්ධතියටම බලපානවා.අනික එයාට මානසික ශ්‍රමය යෙදවීමේදී කර කර ඒක හරිද වැරදිද කියලා බලන්න බෑ..ඒක හිතද්දිම බලන්න වෙනවා.

බේත් පෙට්ටිය ඔලුව උඩ තියාගෙන ඇවිදින හැමෝටම සිද්ධාලේප මුදලාලි වෙන්න බෑ.බස් වලට නැඟලා පොත් විකුනන හැමෝටම ගොඩගේ මුදලාලි වෙන්න බෑ.ඒකට හේතුව ඒ අයට වෙනත් අයට නැති සුවිෂේශී හැකියාවක් තියෙන එක.ඒකට සමහරු පින කියනවා.තවසමහරු දේව ආශීර්වාදය කියනවා.තව සමහරු ධනවාදයේ ඇති විෂමතාව කියනවා.

ඒත් මං නම් ඒකට කියන්නේ ඒක ඒ ඒ කෙනාගේ ව්‍යවසායකත්ව හැකියාව කියලා.අලුත් දෙයක් අලුත් විදිහට ඉදිරිපත් කිරීමේ හැකියාව.එතනදි හරි තීරන හරි වෙලාවට ගැනීමේ හැකියාව.එදා බිහි වුන සිද්ධාලේප මුදලාලි,ගොඩගේ මුදලාලිට වඩා අද බිහි වෙන තරුන ව්‍යවසායකයින්ට අර ගිනි දැල්ලෙන් පිච්චෙනවද කියලා අල්ල අල්ල ඉන්න ඕන නෑ.ඒකට වෙන ක්‍රම ඕන තරම් තියෙනවා.ඒත් මෙතනදිත් මං කියන්නේ එච්චර තියෙද්දිත් තමන් කරන්න ඕන මොකක්ද කියල තීරනය කිරීමත් එක් එක් කෙනාගේ හැකියාව.

සරලව කිව්වොත් දාහක් අතර කෙනෙක් නොව දාහකට කෙනෙක් වෙන්න.

Image

8 thoughts on “someone? or one?,එකෙක් ද? එකාද?

  1. ඔය පරණ මුදලාලි මොඩක් බිස්නස් දැන් අවුරුදු 50කට පස්සේ වැඩ කරන්නේත් ඒ මොඩල් එකෙන්මයි. බොස් නැත්තං වැඩ අවුල්.

    එක සමාගමක බොස් ඇමරිකාවේ ගියත් දවසකට පාරක් හේ ඉඳලා කෝල් කරලා බිස්නස් එක රන් කරනවා. සෙකන්ට් ඉන් කමාන්ඩ් කෙනෙක් නෑ.

  2. කවුදෝ මගේ බ්ලොගයේ දැමූ කමෙන්ටුවක් ඔස්සේයි මෙතනට ආවේ.
    කතා කිහිපයක් කියවා රස වින්දා!
    ස්තුතියි.

    • පරණ කතාවක් තමා.මම ඒක ගත්තේ කතාවට වඩා ඒකේ පසුබිම් කතාව විස්තර කරන්න.

  3. මාත් මේ කතාව කලින් අහල තිබුන. ඒත් මෙතැන ඒක වෙන විදිහකට අලුත් විදිහකට ලියල තියෙනව. හරිම අපූරු ලියවිල්ලක්. ඔබට සුභ පැතුම්. මම මේකට ගොඩ වැදුනේ අරුණිගෙ මූණු පොතේ මේක ගැන ලියල තිබුන නිසා.

Leave a comment