පින්බර සිතැඟි දල්වා නුඹේ නෙතඹරට
පෙම්බර නුඹේ පහසින් සිත දොවන්නට
සුන්දර විජිතයක දොරගුළු හරින්නට
කුමරිය අවසරද නුඹ හා රැඳෙන්නට...
ගින්දර නැගෙන මොහොතක හද විමන් අරා
සිහිලැල් ගඟුල වෙමි නුඹේ ගත සිතැඟි පුරා
සිනහව කඳුල එක සේ නීති මහද දරා
සනසමි නුඹව සැමදා මම මියෙන තුරා...
සා කදිම කවියකි.. පැණි රසය නොමදව තිබේ..
ReplyDeleteස්තුතියි ස්තුතියි! :) හිත පැණියෙන් නැහැවුණු මොහොතක ලියවුනේ! :)
Delete