Friday, September 27, 2013

සිරදම හා මිතුදම - Shawshank Redemption


ඔන්න ඉතින් කාලෙකට පස්සේ චිත්තරපටියක් ගැන විස්තරයක් දෙන්න හිතුනා.අද මං කියන්න යන්නේ Shawshank Redemption චිත්‍රපටිය ගැන.මේක බලපු අයත් ඉන්න පුළුවන්...කතාව ටිකක් කියන්නම්කො....

Andy Dufresne කියලා බැංකුවක වැඩකරන කෙනෙක් තමන්ගේ බිරිඳ සහ ඇයගේ අනියම් සැමියා මරා දැමීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක්වෙනවා.කතාව පටන් ගන්නේ එතැනින්.ඉතින් මෙහෙම හිරගෙදරට එන Andyට හමුවෙනවා හොද යහළුවෙක්.ඔහුගේ නම red.එයාගේ විශේෂත්වය වෙන්නේ ඔහුට තියෙනවා බලධාරීන්ට හොරෙන් හිරගේ ඇතුලට යම් පොඩි පොඩි දේවල් ගෙන ඒමේ හැකියාවක්.ඉතින් ටික දවසකින් මේ Andy සහ red හොඳ යහළුවෝ වෙනවා.

Andy ගේ ප්‍රියතම විෂයක් තමයි භූ විද්‍යාව.ඒ වගේම ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාව වෙන්නේ චෙස්.ඉතින් red ට කියලා පොඩි ගල් කැටයම් කරන මිටියක් ගෙන්නා ගන්න Andy ඒකෙන් චෙස් ඉත්තෝ කපන්න පටන් ගන්නවා.මේ අතරේම Andy සහ red වටා යහලුවෝ ටිකකුත් එකතුවෙනවා.මේ අතරේ Andyට නොසිතුවිරු ඉරණමකටත් ගොදුරුවෙන්න සිදුවෙනවා.හිරේදී තමන්ට පැමිණෙන හැම බාදකයක්ම ජයගන්න Andy සමත්වෙනවා.ඒ වගේම තමන්ගේ සහෝදර හිරකරුවන්ට පොත් කියවන්න පුස්තකාලයක් ඇති කරන්නත් Andy සෑහෙන්න මහන්සි වෙනවා.මේ අතරේම තමන්ගේ බැංකු දැනුම යොදවලා හිරගෙදර පාලකයා සහ ජේලර්ලා අල්ලගන්නත් Andy සමත් වෙනවා.

ඒත් ඉතින් Andy ගේ බැංකුකටයුතු පිලිබඳ දැනුමත් ඔහුගේ නිදහසට සීමාමායිම් ගෙන එනවා.මේ විදිහට අවුරුදු 20 ක් විතර ගතවුණු තැන එක දවසකදී Andy හිටිහැටියේම අතුරුදහන්වෙනවා කාටත් හිතාගන්න බැරිවිදිහට.ඇත්තටම Andyට වුනේ මොකක්ද කියලා දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා. 

මෙහි andy ගේ චරිතයට පනපොවන්නේ Tim Robbins විසින්. මේ චිත්‍රපටියේ විශේෂත්වයන් කිහිපයක්ම තියෙනවා.එකක් තමයි මෙහි කිසිම දෙයක් අතිශයෝක්තියෙන් දක්වලා නොතිබීම.හිරගෙදරක [ලංකාවේ ආකාරයට නොවේ] සාමාන්‍යයෙන් දක්නට ලැබෙන සමලිංගිකත්වය,සැර පරුෂ ජේලර්වරු මෙහි දක්නට පුළුවන්.අනිත් එක තමයි අපි අවසානෙදි වෙන්නේ මොකක්ද කියලා අපිට හිතාගන්න බැරිවීම.මොකද අපි හැමදේම දැක්කත් Andy ගේ සිතුම්පැතුම් අපිට තේරුම් ගන්න බැහැ.චිත්‍රපටිය බැලුවොත් ඔයාලටත් ඒක තේරේවි.මේ චිත්‍රපටිය ගලායන්නේ red ගේ මතකය අවදිකිරීමක් විදිහට.සුප්‍රකට නළු Morgan Freeman තමයි red ගේ චරිතයට [narrator] පනපොවන්නේ.ඔහුගේ ගැඹුරු කටහඬ චිත්‍රපටියට එකතුකරන්නේ අමුතුම ශක්තියක්.

අනිත් එක තමයි සැලකියයුතු කිසිදු සම්මානයක් දිනා නොගත්තත් මේ චිත්‍රපටිය මේ වෙනකොට IMDB සිනමා දර්ශකයේ මුල් ස්ථානය දිනාගෙන ඉන්නෙත් මේ චිත්‍රපටිය.ඇත්තටම කියවනම් ඒකෙ පුදුමවෙන්න දේකුත් නෑ කියලා ඔයාලට මේ චිත්‍රපටිය බැලුවාම තේරේවි.මේක මාත් මේ වෙනකල් බලලා තියෙන හොඳම චිත්‍රපටිය කියලා මටත් බයනැතිව කියන්න පුළුවන්.ඉතින් ඒක නිසා මං ආරාධනා කරනවා බලලා නැති අයට මේ චිත්‍රපටිය බලන්න කියලා....

මෙතනින් ගිහින් චිත්‍රපටිය බාගන්න පුළුවන්.....[360 mb විතර]

චිත්‍රපටියේ trailer එක...



ගෙහුං එන්නං ..ටටා...

17 comments:

  1. හොඳයි හොඳයි බලමුකො එහෙනං.

    ReplyDelete
    Replies
    1. බලාපන් අය්යේ බලාපන්...

      Delete
  2. නියම විස්තරේ... බලල නෑ.. බාගෙන බලන්නම්..

    ReplyDelete
  3. මම මේ ෆිල්ම් එක මුලින්ම බලල අවුරුද්දක් දෙකක් වෙනවා. දෙතුන් පාරක්ම බැලුව ඊට පස්සෙත්. ඒත් තවමත් ඒක මගේ හාර්ඩ් එකේ තියෙනවා. මගේ ප්‍රොෆයිලෙත් Favorite Movies අතර ඒක තියෙනවා. ඇත්තෙන්ම කිසිම කම්මැලිකමක් නැතිව එකදිගට බලන්න පුළුවන් ෆිල්ම් එකක්. ඒ වගේම බලල ඉවර වුනාම අන්තිමට මහ අමුතු හැඟීමක් හිතේ ඉතිරි කරනවා. තමන් නොකළ වරදකට සිරදඬුවම් විඳින මේ බැංකුකරුවාගෙන් තිබෙන ප්‍රයෝජන නිසා හිරගෙදර පාලකයා ඔහුගෙ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න ලැබෙන අවස්ථාවත් සාහසික ලෙස විනාශකරල දමනවා. අන්තිමට ඔහු ගහන ගේම අනුව හැමෝටම බඩු හම්බෙනවා. හැම විදියකම මිනිස් හැඟීම්, මිනිස් ක්‍රියාකාරකම් මේ ෆිල්ම් එක ඇතුලෙ තියෙනවා. ඒක නම් අපූරු අත්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ බැංකුකාරයෝත්න් එක්ක සෙල්ලම්කරන්න එන්න එපා කියලා....

      Delete
  4. //සැලකියයුතු කිසිදු සම්මානයක් දිනා නොගත්තත් // ඒ මේ කාලෙ හැටි නේ... වෙලාවක බලන්නම්කෝ.

    ReplyDelete
    Replies
    1. වෙලාවක් හොයාගෙනහරි බලන්න..

      Delete
  5. බලපු මතකයක් නෑ. දැන් ‍ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නෑ හස‍රැල්ලෝ. ආයෙම සම්බාධක තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එක නෙවෙයි dude අය්යේ,අන්න පාකිස්තානේ අලුත් දූපතක් මතුවෙලාලු,උබලගේ පැත්තේ එකක් අඩුවෙලාද දන්නේ නෑ ...

      Delete
  6. Gang of one By Gary Mulgrew(2012)

    හසරැල්......ඔබ බැංකු කටයුතු සම්බන්ධවත් උනන්දු නිසා කැමතිනම් මේ පොත කියවන්න.Gary Mulgrew කියන්නේ මේ සිද්ධියට හිරේ ගිය කෙනෙක්. සත්‍ය කතාවක්.

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධියද නැත්නම් මේ වගේ සිද්ධියක්ද ????

      Delete
    2. මේක නෙමේ සිද්ධිය. එංගලන්තයේNATWEST බැංකුව සහ ඇමරිකාවේ ENRON COMPANY එක අතර වෙන ඩීල් එකක් වැරදීම නිසා ඒක මෙහෙයවපු බැංකුවේ උසස් නිලධාරින් තිදෙනෙකුට වෙනදේ.මේ සිද්ධිය මාධ්‍ය වාර්තාකරේ NATWEST THREE හැටියට.

      Delete
  7. බලන්න ඕනේ වෙලාවක ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම බලන්න....

      Delete
  8. බාගත්තා. බලලම හොඳද කියන්නම්......

    ReplyDelete

මොකෝ කියන්නේ ,ආපු එකේ මොනවහරි කියලම යමුනේද ?

linkwithin

Related Posts Plugin for WordPress, Blogger...