Saturday, September 21, 2013

නිදහස් මෘදුකාංග දිනය අදයි...


ලෝක නිදහස් මෘදුකාංග දිනය අද... හැම අවුරුද්දකම සැප්තැම්බර් මාසේ 3වෙනි සෙනසුරාදා තමා ලෝක නිදහස් මෘදුකාංග දිනය සමරන්නේ... මීට අවුරුදු 4කට කළිං, ඒ කියන්නේ 2009 අවුරුද්දේදිත් මම නිදහස් මෘදුකාංග දිනයට පෝස්ට් එකක් දැම්මා... මේ තියෙන්නේ ඒක... ඒ පෝස්ට් එකේ තියෙන හැටියට, 2009 සැප්තැම්බර් වෙන කොට මම නිදහස් මෘදුකාංග පාවිච්චි කරන්න පටං අරගෙන අවුරුද්දක්... එහෙනං අද මේ ගෙවෙන්නේ නිදහස් මෘදුකාංග එක්ක ගෙවෙන පස්වෙනි අවුරුද්ද... අවුරුදු 5ට ලබපු අත්දැකීම් සහ වෙච්ච දේවල් නං බොහොමයි... වැදගත්ම දේ විදියට දකින්නේ මේ අවුරුදු 5ක කාලය ඇතුලේදි, මවිසින් නිදහස් මෘදුකාංග හඳුන්වා දීපු ප්‍රමාණය... ඒ ගාණ 1000කට ටිකක් වැඩි ඇති... ඒ හැමෝම අද වෙනකොට නිදහස් මෘදුකාංග පාවිච්චි නොකළත් 10%ක්වත් සම්පූර්ණයෙන් නිදහස් මෘදුකාංග පාවිච්චි කරනවා කියලා නං ස්තීරයි...

මේ තියෙන්නේ එදා, 2009 ලිව්ව පෝස්ට් එකේ එක ඡේදයක්... මේකේ තියෙන කාරණා අදටත් ඒ විදියටම වලංගුයි...
"අනුන්ගේ මෘදුකාංග හොරට පාවිච්චි කරපු මම ඔරිමජිනල් මෘදුකාංග පාවිච්චි කරන්න පටන්ගත්තේ FOSS එහෙමත් නැත්තම් නිදහස් මෘදුකාංග නිසා තමයි. ඒක මම බොහොම ආඩම්බරෙන් කියනවා. අද මම පාවිච්චි කරන්නේ ඔරිජිනල් මෘදුකාංග. ඒවා නිදහස්. නිකම් දෙනවා විතරක් නෙමේ ඕනේනම් කැමති විදියට වෙනස් කරගන්න කේතත් දෙනවා. මම ඒ එක කේතයක්වත් වෙනස් කරලා මට කැමති දේ කළේ නෑ. ඒත් ලෝකේ ගොඩාක් මිනිස්සු ඒක කරනවා කියලා මම දන්නවා. එහෙම කරලා නිකම් ඉන්නේ නෑ. වඩාත් යහපත් දෙයක් සාමාජෙට දෙනවා."

දැං මේ පෝස්ට් එක ලිවීමේ අරමුණ මොකක්ද?
අරමුණු දෙකක් තියෙනවා... පළවෙනි එක අද දිනයේ වැදගත්කම පිළිබඳව මතක් කරන එක... පළවෙනි කාරණාව හරි...
දෙවෙනි එක, ව්‍යාජ මෘදුකාංග වෙනුවට පාවිච්චි කරන්න පුළුවං ඔරිජිනල් නිදහස් මෘදුකාංග පිළිබඳව ප්‍රජාව දැනුවත් කරන එක..
දැං සැරසෙන්නේ දෙවෙනි අරමුණ ගොඩ දාන්න...

මේක මම වෙන තැනක කිව්ව කතාවක්...
මේ පෝස්ට් එකටත් අදාල නිසා,
මෙතන අලෝනවා...

අද නිදහස් මෘදුකාංග දිනය...
උඹලා ගොඩක් දෙනෙක්,
දැනුවත්ව හෝ නොදැනුවත්ව,
නිදහස් මෘදුකාංග පාවිච්චි කරනවා...
ඒ ගැන බලවත් ස්තූතිය...

අපේ රටේ මිනිස්සු,
ගොඩක් වෙලාවට මෘදුකාංග හොර කොපි,
පාවිච්චි කරන්නේ,
වෙන විකල්පයන් නැති නිසා නෙමේ...
වෙන විකල්ප පිළිබඳ නොදැනීම නිසා...

ඔරිජිනල් මෘදුකාංග පාවිච්චි කරන්න...
මෘදුකාංග මිලදී ගන්න මුදල් නැත්තං,
ඒකේ හොර කොපි එක පාවිච්චි නොකර,
වෙන විසඳුමකට යන්න...
ඒ වෙන විසඳුම බොහෝවිට සම්පූර්ණ වෙන්නේ,
නිදහස් මෘදුකාංගයකින්...
නිදහස් මෘදුකාංග පාවිච්චි කරන්න...
නිදහස් මෘදුකාංග ප්‍රචලිත කරන්න...
නිදහස් මෘදුකාංගවලට ජයවේවා!!!

උඹලාගේ දැනගැනීම පිණිස,
ජනප්‍රිය මුදල් ගෙවා මිලදී ගත යුතු මෘදුකාංග කීපයකට,
ගැලපෙන නිදහස් මෘදුකාංග ලිස්ට් එකක් අමුනන්නං...
පාවිච්චි කරලා බලන්න...


1. Mozilla Firefox - (වැඩි විස්තර අනවශ්‍යයි නේ)
අලුත්ම එක ගන්න - http://www.getfirefox.com/

2. Thunderbird - (ඊමේල් ක්ලයන්ට් එකක්... MS Outlook හෝ Eudora වෙනුවට)
http://www.mozilla.org/thunderbird/

3. Sunbird - (MS Outlook කැලෙන්ඩර් ෆන්ෂන් එක වෙනුවට)
http://www.mozilla.org/projects/calendar/sunbird/

4. LibreOffice - (MS Office වෙනුවට) 

5. CalmWin - (Antivirus Solution)
http://www.clamwin.com/

6. BitTorrent - (ටොරන්ට් ක්ලයන්ට් එකක්) 

7. Vuze - (ටොරන්ට් ක්ලයන්ට් එකක්) 

8. GIMP - (Photoshop වෙනුවට)
http://www.gimp.org/

9. VLC - (විස්තර ඕනේ නැහැ නේ)
https://www.videolan.org/vlc/download-windows.html

10. Audacity - (ඕඩියෝ එඩිටිං වැඩවලට සහ වොයිස් රෙකෝඩිං + පොඩ්කාස්ට්) http://audacity.sourceforge.net/

11. MusikCube - (iTunes වෙනුවට)
http://www.musikcube.com/

12. Handbrake - (ඕඩියෝ කන්වර්ට් කරන වැඩවලට)

13. KeePass - (පාස්වර්ඩ් මතක තියාගන්න, Store කරගන්න)
http://keepass.info/

14. TrueCrypt - (ඩේටා එන්ක්‍රිප්ට් කරන්න) 

15. PDFCreator - (ඩොකියුමන්ට්ස් PDF කරන්න)
http://sourceforge.net/projects/pdfcreator/

16. HealthMonitor - (පරිගණකයේ හාඩ්වෙයාර් ගැන ඇහැ ගහගෙන ඉන්න)
http://healthmonitor.zucchetti.com/

17. GranttPV - (MS Project වෙනුවට)
http://www.pureviolet.net/ganttpv/

18. Dia - (MS Visio වෙනුවට)
http://dia-installer.de/

19. Geany - (Adobe Dreamviewer වෙනුවට)
http://www.geany.org/

20. K3B - (Nero Suite වෙනුවට)
http://www.kde.org/applications/multimedia/k3b/

21. Scribus - (ඩෙස්ක්ටොප් පබ්ලිෂිං - MS Publisher වෙනුවට)   

22. NotePad2 - (MS Notepad වෙනුවට)
http://www.flos-freeware.ch/notepad2.html

23. Notepad++ - (ක්‍රමලේකන භාෂා කීපයකටම සපෝට් කරන Source Code editor එකක්)
http://notepad-plus-plus.org/

24. Virtual Box - (VMware වෙනුවට)
https://www.virtualbox.org/wiki/Downloads 


25. 7-Zip - (WinRAR වෙනුවට)
http://www.7-zip.org/

මේ මෘදුකාංගවලින් බොහෝ ඒවා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියටත් සහය දක්වනවා... ඔබට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නැතුව ජීවත් වෙන්නම බැරිනං, වින්ඩෝස් උඩ මේ මෘදුකාංගවලින් වැඩ කරන්න...

මේ ලිස්ට් එක තව දහස් ගාණක් දිග ඇති...
මේ මම සාමන්‍යයෙන් පාවිච්චි කරන ඒවා...
දන්න කියන ඒවා තියෙනවනං අමුනන්න...
නිදහස් මෘදුකාංග පාවිච්චි කරන්න...


මේ මෘදුකාංග ඔක්කෝම ඉන්ස්ටෝල් වෙලා එන,
ඔපරේටිං සිස්ටම් තියෙනවා ගොඩක්...
උබුන්ටු, ෆෙඩෝරා වගේ ඒවා ගොඩක් ජනප්‍රියයි...
ඩවුන්ලෝඩ් කරගන්න තැං ඕනේ තරං...
 
අපේ රටේ අපේම අය හදපු,
ලිනක්ස් මෙහෙයුම් පද්ධති කීපයකුත් තියෙනවා...

ෆෙඩෝරා ලිනක්ස් ආශ්‍රයෙන් හදපු හන්තාන ලිනක්ස්...
මෙන්න විස්තර...

උබුන්ටු ලිනක්ස් ආශ්‍රයෙන් හදපු සහළාන ලිනක්ස්...
මෙන්න විස්තර...

උබුන්ටු ලිනක්ස් ආශ්‍රයෙන් හදපු Cylon ලිනක්ස්...
මෙන්න විස්තර...

ඔය මෙහෙයුම් පද්ධති 3මනියමයි...
අපේ රටේ ලිනක්ස් පාවිච්චිය අවම වෙන්න ලොකුම හේතුව වෙච්ච, අන්තර්ජාල සම්බන්ධතා ගැටළුවට විසඳුම මේ මෙහෙයුම් පද්ධති 3න්ම දීලා තියෙනවා... සරළව කියනවානං, එදිනෙදා ජීවිතයේදී භාවිතයට අවශ්‍ය වෙන මෘදුකාංග සියල්ලම පෙර නිමියෙන්ම මේ මෙහෙයුම් පද්ධති එක්ක එනවා... ඒ නිසා අතිරේක මෘදුකාංග ඉන්ස්ටෝල් කරන්න අන්තර්ජාල පහසුකම් අවශ්‍ය වෙන්නේ නැහැ...

එහෙනං අදට ඇති...
අවුරුදු 4කට කළිං ඉවර කරපු විදියටම,
මේ පෝස්ට් එකත් ඉවර කරන්නං...

නිදහස් ලෝකයක් තියෙනවානම්, ඇයි බලාගෙන ඉන්නේ?
නිදහස් මෘදුකාංග ජනප්‍රිය කරමු. මෘදුකාංග නිදහස අගයමු.
නිදහස් මෘදුකාංගවලට ජය වේවා...


මේ පෝස්ට් එකට විස්තර ගත්තේ මෙතනින්...
උඩිංම තියෙන ඡායාරූපය ගත්තේ මෙතනින්...

17 comments:

  1. මචං රනා... මාත් එක වංගියක් බැස්සා ඔය වැඩේට.. ඒ කිව්වේ උබුන්ටුවලට..හනේ මංදා බං.. ඒක ඉන්ස්ටෝල් කොරන්න හාඩ් එකේ ගන්න ඉඩත් වැඩියි... වින්ඩෝස් තරං පහසුගතියකුත් නැහැ... මට එපාම වෙලා අතෑරලා දැම්මා...

    මෑතකදී මගේ යාළුවෙකුට අළුතින්ම ගත්ත ලැප් එහෙකට උබුන්ටු දාලා වින්ද වදේ කෙලවරක් නැහැ අපි තුන් හතර දෙනෙක් ඒ මගුල හින්දා මාස දෙක තුනක් කට්ට කෑවා... පස්සේ බොහෝම අමාරුවෙන් අහක් කොරලා දාලා පුරුදු විදියට වින්ඩෝස්වලට ගියා...

    ඔය කරුම හින්දා මේ ඊයේ පෙරෙදා ලැප් එකක් අළුතින්ම ගත්ත කෙනෙකුට අපි හැරෙන තැපෑලෙන් ගෙනාපු ගමන්ම තිබුන උබුන්ටු අකා මාකා දාලා වින්ඩෝස් සෙවන් දාලා දුන්නා ජීවිතේ වහක් කරගන්න බැරි හින්දම...

    මං මහ ගොඩක් මේ දේවල් දන්න කෙනෙක් නෙවෙයි.. හැබැයි මට තේරෙන විදියටනං වින්ඩෝස් වෙනුවට උඹ කියන ඔය උබන්ටු ලීනක්ස් වගේ එව්වා පාවිච්චි කරන එක අපි වගේ මෙලෝ හසරක් නොදන්න උන්ට හරියන කේස් එකක් නෙවෙයි. ඕක හොදයි අයිටී ගැන දැනුමක් තියෙන බුවාලට...

    (උඹට කියන්න උබන්ටු තිබුන එහෙක කොම්පීටරේ තියෙන අරවා මේවා ගැන දැන ගන්න මක් කරලවත් බැරි උනානේ.. වින්ඩෝස්වලනං මයි කොම්පියුටර් උඩ රයිට් ක්ලික් කොලා ප්‍රොපටීස් ගියා.. මේ උලව්වේ අර සෙටින්ග්ස් වලට ගියාම පෙන්නන්නේ එයින් බාගයයි.. )

    ReplyDelete
    Replies
    1. උබුන්ටු නොදා ලිනක්ස්-මින්ට් දාන්න තිබුනා. මේකෙ අවුල තියෙන්නෙ යූසර් ඉන්ටෆේස් එකේ. උබුන්ටු වල තියෙන gnome ඉන්ටෆේස් එක ටිකක් අමාරුයි අලුත් කෙනෙකුට. ඒත් kde interface එක පාවිච්චි කරානම් එපා වෙන්නෙ නෑ. ලිනක්ස් මින්ට් වලදි පරිගණකය පාවිච්චි කරන්න අවශ්‍ය හැම දේම මුලින්ම ඉන්ස්ටෝල් වෙනවා.

      Delete
    2. //වින්ඩෝස්වලනං මයි කොම්පියුටර් උඩ රයිට් ක්ලික් කොලා ප්‍රොපටීස් ගියා..//
      ඔබතුමා ඕක මුලින්ම දැනගත්තේ කොහොමද? සමහරවිට කවුරු හරි කියලා දෙන්න ඇති. එහෙමත් නැතිනම් මුලින්ම පරිගනකයක් පාවිච්චි කරන කාලේ තනියෙම ඒවා මේවා අතගාලා හොයාගන්න ඇති. ඒ වගේ තමයි වෙනත් OS එකක් පාවිච්චි කරන්න මුල ඉදන් පුරුදු වෙන්න වෙනවා. දැන් අවුල තියෙන්නෙ අපි දන්නේ වින්ඩෝස්ම විතරයි. අපි අලුත් OS එකෙනුත් වින්ඩෝස්ම බලාපොරොත්තු වෙලා වැඩක් නෑ. අපි ඒක ඉගෙන ගන්න වෙනවා. මට දැනෙනෙ විදිහට දැන් ඔබතුමාව වෙනත් OS එකකට පුරුදු කරන එකත් කවුරු හරි ඔබතුමාට මහින්දගෙ අඩුපාඩු පැහැදිලි කරලා දෙන්න හදනවා වගේ වැඩක් තමයි.

      Delete
    3. දැනුමක් ඕන කියන එකනං මාරයෝ මම අනුමත කරන්නේ නැ ,

      මම උඹ තරම්වත් දන්නේ නැනේ ,

      මගේ මේ හම්පඩ ඩෙක්ස්ටොප් එකට දාලා තියෙන්නේ , හන්තාන 14/7 මහ වින්ඩෝස් එක්ස්පී , දා ගත්තෙත් මමමයි , මටනං කිසි කරදරයක් නැ , අපේ ලොකු කෙල්ලත් හෙන මනාපයි . මම හන්තාන හදුන්වල දුන්න සමහරක් උන් හරි කැමැත්තෙන් පාවිච්චි කරනවා , කලින් තිබ්බ ලැප් එකට මම හන්තාන දාලා දුන්න කෙනෙක් මේ ලගදි ගත්ත අළුත් ලැප් එකට හන්තාන දැම්මා , ලැප ගන්නකොට දුන්න බිල්මාමගේ අටත් එක්ක හවුලේ ,

      පොර කියුවේ මෙහෙමයි

      '' වින්ඩොස් මට ඕනත් නැ බං , ගන්නකොට ලැබුන හන්දා 60 Gb වින්ඩෝස් වලට ඉතුරුකරලා ඉතුරුටික හන්තානට ගණින් ''

      පොර හාඩ්වෙයාර්වත් සොෆ්ට්වෙයාර්වත් දන්න පොරක් නෙමෙයි , හැබැයි ඔෆිස් එකේ බර වැඩ ගොඩක් කරන එකෙක් , දවසට පැය දෙකතුනක්වත් ෂෝශල් නෙට්වර්කින් යූස්කරන පොරක් , බිරිදස සහ දරු දෙන්නත් පොරගේ ලැප් එක පාවිච්චි කරනවා ,

      බලන්නකෝ මෙන්න මෙව්වා

      http://atampahura.blogspot.com/2012/11/lap-p4.html

      http://atampahura.blogspot.com/2012/04/blog-post_15.html

      http://atampahura.blogspot.com/2012/04/blog-post_14.html

      Delete
    4. මාරයාගේ කතාවට එකගයි, උබුන්ටු හොදයි අයි.ටී පැත්තෙන් යන එකෙක්ට ඒ හැරෙන්න සාමනයෙන් එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන්න ගියාම ලෙඩ ගොඩයි, ubuntu software center එක නැත්නම් සොෆ්ට්වෙයාර් එකක් දාන්න විදින්න ඕන දුක කියන්න ඕන නෑනේ. මෙහෙයුම් පද්ධතිය එක්කලා සේරම මුර්දුකාංග දෙන්න බෑ කොහොමත්, මොකද එකිනෙකාගේ අවශයතාවයන් වෙනස් හින්දා. මං නම් දැනට උබුන්ටු වලට මාරු වෙලා මාසයක් හමාරක් ඇති, ඒත් අයි.ටී පැත්තෙන් ඉස්සරහට යන්න ඕන හන්දා විතරයි. උබුන්ටු දාලා පලමු සතියෙම හොදම අත්දැකීම ලැබුවා. හාඩ් එකේ තිබුනු 60GB ක්, කොහෙද කියලා නෑ. ඒ GB ගාන හාඩ් එකේ ෆ්‍රී ඉස්පේස් විදිහටත් නෙමේ තියෙන්නෙ යූස්ඩ් ඉස්පේස් විදිහට, ආයෙ ඒ ඉඩ ටික ගන්න තව 120 ක් බැකප් කරලා ආයේ ෆෝර්මැට් කරන්න වෙනවා, ඒත් කමක් නෑ නැති උනු 60 GB... :( . වින්ඩෝස් අවුරුදු 8ක් පාවච්චි කරලා නොවුනු දෙයක් තමා උබුන්ටු අරන සුමානයක් ඇතුලත් ඔය මුහුන දුන්නෙ. ඒක ගැන පුදුම වෙන්න දේකුත් නෑ, මොකද ඕක මීට අවුරුදු 5හ 6කට කලින් ෆෙඩෝරා එක්කත් වෙලා තියෙන හන්දා.ඊට අමතරව, බෑලූ බැල්මට ලොකු ප්‍රශ්න තියෙනවා, ලැප් එකේ බැට්රි තියෙන්නෙ ඉතා අඩු කාලයක් වින්ඩෝස් වලට සාපේක්ෂව, ඒකට හේතුව මේකේ බොහෝ දුරට CPU යූසේජ් එක වැඩි වීම,අනික දවස් දෙක තුන්කට වතාවක් ඉස්ටක් නොවුනොත් ලොකු දෙයක්, වින්ඩෝස් එක්කලා මං මැශින් එක රීස්ටාර්ට් කොරන් නෑ මාසෙකට එක පාරක් වත්, hibernate කරනවා හැරෙන්නෙ, නමුත් මේකේ ඒ තරම් ඉස්තාවර බාවයක් නෑ, රී ඉස්ටාර්ට් එකක් දන්නම වෙනවා දවස් දෙක තුනකට සැරයක් වත්. ඔහොම ප්‍රශ්න ගොඩක් තියෙනවා. එහෙම වීම ප්‍රායෝගිකයි මොකද බ්ලියන ගානක් වියදම් කරලා හදන දේකයි, එහෙම නොකර හදන දේකුයි අතර ලොකු වෙනසක් තියෙන්න ඕනනේ. අයි,ටී ඉගෙන ගන්න කෙනෙකුට නම්, ලිනක්ස් වලට යන එක හොදයි නමුත් එහෙමයි කියල අපි කොමුනිකේශන් එකකත් ලිනක්ස් පාවිච්චි කරන්න කියනවා නම් මෝඩ කමක්. ඒ ඒ අවසතාවට ගැලපෙනෙ විදියට යොදා ගැනීමයි උචිත.

      Delete
    5. http://www.tuxradar.com/node/33

      mevaye thiyenne nam ohoma neme, namuth paavichi karanna giyaaamayi weda therenee......

      Delete
    6. @මාමා.
      ඕනම os එකක් install කරද්දි ඊළඟ පියවරට next/continue කරන්න කලින් ඒ බට්න් එක අසළ තියෙන උපදෙස් කියවන්න පුරුදු වෙන්න. එතකොට මේ විදියට පාටිෂන් නැති වෙන්නෙ නෑ.ලිනක්ස් දානකොට පාටිෂන් කරන වෙලාවට හරියට තිරය කියෙව්වොත් වින්ඩෝස් c: පාටිෂන් එක ඇතුලටත් ලිනක්ස් දාලා dualboot කරන්න පුලුවනි. අපි අතර ඉන්න බොහෝ දෙනෙක් අලුතින් සොෆ්ට්වෙයා දාන වෙලාවට next ඔබාගෙන යනවා මිසක් මොකක්ද ඒ බට්න් එකෙන් වෙන්න පුලුවන් කියලා කියවන්නෙ නෑ.
      උබුන්ටු නැතිනම් වෙනත් ලිනක්ස් os එකක් පාවිච්චි කරත් cpu usage වැඩි වෙන්නෙ graphics / multimedia වගේ දේවල් පාවිච්චි කරද්දි. උබුන්ටු පාවිච්චි කරද්දි මැෂින් එක unstable කියන එක පිළිගන්න බෑ. මොකද මොකක් හරි ටාස්ක් එකක් හිර වෙද්දි ඒවා කිල් කරාම මැෂින් එක හිර වෙන් නෑ. ctrl+alt+del මතකයිනෙ වින්ඩෝස් වල. මේ විදියට විවිධ උපක්‍රම තියෙනවා ලිනක්ස් තුලත්. මම ලැප්ටොප් එක ගත්තෙ 2009 දි. ගද්දි ඒ කඩේ තිබුන් නෑ ලිනක්ස් වර්ෂන් එකක්වත්. ටවුන් එකෙන් ෆෙඩෝරා හොයලා කඩේදි දාගත්තා. ගෙදර ඇවිත් ඕපන් සූස් දැම්මා.අලුත් වර්ෂන් එකක් ආවම upgrade කරනවා මතක විදියට මේ වෙනකන් පාටිෂන් එකක්වත් ෆෝමැට් කරලා නෑ. වින්ඩෝස් දැම්මා වර්චුවල් බොක්ස් ඇතුලෙ.

      Delete
    7. නෑ මචෝ.. මං කීවේ මේ උබුන්ටු ඉන්ස්ටෝල් කරද්දී නැති උනු ඩේටා ගැන නෙමේ. උබුන්ටු හොද හැටි ඉන්ස්ටෝල් කරලා, පාව්ඉච්චි කරන්න පටන් ගෙන දවස් තුනකින් නැති උනු ඩේටා ගැන. පාර්ටිශන් එකක් ඩිලීට් වෙච්චි එකක් නෙමේ. පාර්ටිශන් එකක් එහෙම් පිටින්ම තියෙද්දී ඒකේ 50% විතර ඩේටා ආගිය අතක් නැති වීම ගැන. ඒක උබුන්ටු ඉන්ස්ටෝල් කරපු ඩ්‍රිව් එකත් නෙමේ. අනික, වින්ඩෝස් වලින් මේකට ආවයි කියලා කරන දේවල් වල නම් වෙනසක් නෑ. ඒත් තත්වේ ඕකයි, පැහැදිලි වෙනසක් තියෙනවා. අනික hiberante කරන්න ගියාමත් ගොඩක් apps ඔපන් කරන් තියෙනවා නම් hibernate කරන්නත් බෑනේ. නමුත් වින්ඩෝස් එකේ නම් eclipse, matlab, firefox tab 15k vithara, visual studio, photoshop, virtual box වගේ ලොකු ලොකු ඒව සේරම දැම්මත් කිසි ගින්නක් නැතුව hiberante කල හැකි, තව c එකේ 1GB විතර තියෙද්දිත් . ඒකට නම් විසදුමක් තියෙනවා වෙන්නත් පුලුවන්, මේ තාක් හම්බුන් නෑ.

      Delete
    8. Roshan Herath @ මින්ට් වල බේස් එක උබුන්ටු. ඒකෙ ඉන්ටෆේස් එක ලස්සනයි. ස්පීඩ් එක උබුන්ටු වලට වැඩිය හොදයි. බලන්න අප්ඩේට් කරලා.. උබුන්ටු සර්වර්ස්වලින් අප්ඩේට් වෙන්නේ. හැබැයි මට අත්යවශ්යම කියුබ්, වොබ්ලි වින්ඩෝස් වගේ දේවල් තිබුනෙ නෑ සිනමන් අලුත්ම එකේ. ඒක හින්ද මින්ට් අයින් කරලා උබුන්ටු දාගත්තා.

      Delete
  2. මගේ තියෙන්නේ වින්ඩෝස්, උබුන්ටු ඩුවල් බූට් එකක්. උබුන්ටු දාගත්තෙ ළගදි. තවම ඉගෙනගන්නවා. අනාගතයේදි වින්ඩෝස් වලට යන්න කියන්නයි ඉන්නේ. ස්තුතියි රනා දැනුවත් කිරීමට. සමහර සොෆ්ට්වෙයා නම් දැනටමත් පාවිච්චි කරනවා.

    ReplyDelete
  3. මම මයික්‍රොසොෆ්ට් Dev Network ඉන්න නිසා යාන්තම් ඔය software ටික නොමිලේ වගේ ලැබෙනවා!
    හැබැයි මමත් හිතන විදිහට ළමයින්ට පරිගණක ගැන අයනු ආයනු කියවන්න ඕනෙත් FOSS එකක් එක්ක! මොකෝ නැත්නම් වෙන්නේ මොට වෙන එක විතරයි! අනිත් එක අපේ අය ඔය බොරුවට කියන්නේ අරකට දැනුම නෑ මේකට දැනුම නෑ කියලා! මේවා හොරෙන් ගන්න බැරි උන දාට මොකෝ කරන්නේ කියලා නිකමට වත් හිතලා බැලුවොත් නරකද?

    ReplyDelete
  4. මමත් කැමතියි ලිනක්ස් වලට මාරු වෙන්න. මම පාවිචිචි කරනව peachtree කියල accounting සොෆ්ට්වෙයා එකක්.ඒක ලිනක්ස් වල වැඩකරන්නෙ නෑ.ඒකට විසඳුමක් තියෙද?

    ReplyDelete
    Replies
    1. මචන් වයින් කියල සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා, ක්‍රොස් ඕවර් කියලා කොමොර්ශල් වර්ශන් එක තියෙනවා. දාල බලන්න. හැබැයි SQL වගේ ඩේටාබේස් එකක් තියෙනවනම් තත්ත්වෙ බලන්න ඕනේ..

      Delete
  5. it ගැන නොදන්න අයකුට මේක කරගන්නේ කොහොම ද කියල දෙන්න හැකිනම් එය ගොඩක් වටිනවා. රනාට මේ ඇරයුම මේ ගැන අවශ්‍ය උපදෙස් සවිස්තරාත්මකව ලියන ලෙසට

    ReplyDelete
  6. ආයිබෝං ලා,

    කංපීතර් කතංදර ඩිංගකට අමතක කරලා එදිනදා ජීවිතේ එක්ක යන කතාවක් කිව්වනම් සුදුසුයි කියලා හිතනවා උඩ තියන comments වලට පිලිතුරක් විදිහට.

    ඔන්න ඔය මහත්තයා ඉස්කෝලෙ යන කාලෙ ගෑනු ලමයෙක් එක්ක යාලු වෙනවා. මෙයා අදින පලදින විදිහ, කතාබහ කරන විදිහ, ඔයාගෙ යාලුවන්ට කොච්චර දිරවනවද කියන එක ආදී මේකී නොකී අම්බානක් දවල් තමන්ගෙ මතකෙ තියනවා නේද ඔය ළමයා එක්ක සම්බන්දෙ කැඩුනට පස්සෙත්? එහෙමයි‌කියලා ඔය මහත්තුරු ඊලගට යාලුවෙන ගෑනු ළමයගෙන් හැම දේම අර පරණ එක්කෙනාගෙ විදිහට බලාපොරොත්තුවෙන් හිටියොත් කොච්චර කල් අලුත් සම්බන්දෙ තියෙයිද කියලා අමුතුවෙන් විස්තර කරලා දෙන්න ඕනෙ නෑ නෙ? අන්න ඒවිදිහට linux distro එකක් මාසයක් පාවිච්චි කරලා රැල්ලට කියන්න එපා "මමත් උබන්ටු‌ පාවිච්චි කලා නමුත් ඒක වින්ඩෝස් තරම් හරි නෑ නේද" කියලා. වින්ඩෝස් උඩ මෙහෙමයි මේක වෙන්නෙ කියලා කියවන්නෙ බලන්නෙ නැතිව next->next කරගෙන ගියපුවහම දත්ත අතුරුදහන් වෙන එක අරුමයක් නෙමෙයි.

    මිලියන ගනන් වියදම් කරලා හදන ඒවයෙයි නිකං ඒවයෙයි වෙනස තමා මහත්තයෝ ගන්න ඉන්න මනුස්සයට තියන මානසිකත්වය සහ විකුනන මනුස්සයගෙ දක්ෂකම. මහත්තුරු අහලත් ඇති 1930 ගනන් වල ඇමරිකාවෙ dehydrated water කියලා ඇතුලෙ මොකුත් නැතිව බීම කෑන් විකිනුව කතාව. එහෙම අය සාර්ථක වෙන්නෙ අහන් ඉන්න මහත්තුරු සිහිබුද්දියෙන් අහන් ඉන්නෙ නැතිකම නිසා. කසන සල්ලි තියන මහත්තුරුන්ට නම් ඉතිං අවුලක් නෑ වියදං කරන්න. ඇත්තටම ඔය දේවල් උවමනා අයත් හොරෙන් හරි වියදං කරලා හරි තමංගෙ වැඩේ කරගන්න එපෑ. ඔය දෙකටම නැතිව කම්මැලි කමට හොරා කාලා ඒක සාධාරනීකරණය කරන්න උත්සහ කරන එකනම් අයුතුයි මහත්තුරුනේ.

    ඔන්න ඔය විදිහට දන්න කාලෙ ඉදලා වින්ඩෝස් පාවිච්චි කරකර ඉදලා ලිනක්ස් උඩ සතියක් යන්න කලින් "අපෝ ඒක it ඉගනගන්න අයට විතරයි‌හරියන්නෙ" කියලා තමන් කරන්නෙ වෙනස් දේකට තමන්ගෙ තියන ආසා නැතිකම වහගන්න හේතු කියාපෑමක් නෙමයි ද? තමන්ගෙ රස්සාවට උවමනාම කරන මෘදුකාංගයක් තියනවා, ඒක විවෘත මෘදුකාංග උඩ ධාවනයකරන්න බෑ කියන එක සාධ‌ාරණ තර්කයක්. එහෙම අයට foss පාවිච්චි කරන්න කියලා කියන එකේ තේරුමක් නෑ. නමුත් අවංකවම හිතලා බලන්න it නොදන්න අනිත් අය කීයෙන් කී දෙනෙක් browser එකයි office යි ඇරෙන්න වෙන වෙන දවල් කීයක් කරනවද කියලා තමන්ගෙ පරිගණකයෙන්?

    ubuntu software center එක නැත්නම් මෘදුකාංග ස්ථාපණය කරන්න බෑ වගේම තමා appwiz.cpl නැතිනම් වින්ඩෝස් වලටත් ඒ කතාවම තමා. තමන්ට යම්කිසි දෙයක් ගෙන පුද්ගලිකව තියන අකමැත්තක් තියනවනම් ඒක සාධාරණ හේතුවක් ඒ දේ පාවිච්චි නොකර ඉන්න. නමුත් අදුරු කන්නාඩි දාගෙන අහවල් පලතුර අමුයි අහවල් පලතුර හොදා කියන කතා කියන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හිතලා බලන්න තමන් කරන තර්කය කොච්චර දුරට වලංගුද කියලා.

    ReplyDelete
    Replies
    1. අයිබොං.... කී පාරක් කීවඩ next ගහලා ඉන්ස්ටෝල් කරද්දී නෙමේ ඩේටා නැති උනේ. ඉන්ස්ටෝල් කොරලා දවස් තුනක් යස අගේට පාවිච්චි කොරාට පස්සේ..... වෙන එකක් තියා පර්ටිශන් එකෙ තිබුනු
      ඩේටා බාගයක් තියෙනවා බාගයක් නෑ....... ඒකත් එක්ක අහවල් ඩේටා වගයක්, බාගයක් උබුන්ටු එකේම හා හපුරා කිය්ලා බලලා ඉතිරි බාගෙ බලන්න යද්දී සේරම ටික නැති උනු එකක්. එකක්. ඩිලීට් උනු එකක් කියන්නත් බෑ, මොකද ඩීලිට් උනා නම් ඒ ඉඩ ෆ්‍රී ඉස්පේස් විදිහ්ට තියෙන්නෙ එපැයි. එහෙමත් නෑ. නෙක්ස්ට් ගහපු එකක් නෙමේ යකුනේ ...

      Delete
    2. බලන්න ls කොමාන්ඩ් එක පාවිච්චි කරලා ඩේටා තියෙනවද කියලා. තියෙනවනම් අනිවාර්යෙන්ම පන්නනවා. http://www.tecmint.com/15-basic-ls-command-examples-in-linux/

      Delete