Skip to main content

Broadband තාක්ෂණයන් හඳුනාගනිමු





Broadband යන වචයන ඇසූ පමණින් ඔබේ සිහියට නැගෙනුයේ ඔබගේ අන්තර්ජාල සබඳතාවයයි. නමුත් අන්තර්ජාල සබඳතාවයක් යනු broadband තාක්ෂණයේ එක් ප්‍රායෝගික භාවිතයක් පමණි. අද වනවිට ලොව පුරා විශාල වශයෙන් පරිගනක සහ විවිව්ධ ඉලෙක්ට්‍රොනික උපාංග ව්‍යාප්ත වී ඇති අතර එම උපකරණ අතර අන්තර් සබඳතාවයක් පවත්වාගැනීමට විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරනු ලැබේ. Broadband යනු එවන් තාක්ෂණික ක්‍රමවේදයකි.

Broadband තාක්ෂණයේ ක්‍රියාකාරීත්වය,ප්‍රායෝගික භාවිත සහ විවිධ broadband internet සබඳතා පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් විමසා බලමු.


Broadband යනු කුමක්ද?


Broadband යන වචනයෙන් අර්ථවත් වන්නේ “පුළුල් කළාපයක්” යන්නයි. එනම් මෙම තාක්ෂණය මගින් එක් දත්ත සන්නිවේදන මාධ්‍‍යක් තුල පුළුල් කළාපයක් (band) ඔස්සේ දත්ත සන්නිවේදනය කරනු ලබයි. විවිධ සංඛ්යාත පරාසයන්ගෙන් යුත් විද්‍යුත් තරංග එකිනෙක මිශ්‍ර නොවී එකම සන්නිවේදන මාධ්‍යයක් ඔස්සේ සන්නිවේදනය කිරීම broadband තාක්ෂණය ලෙස සරළව හඳුන්වාදිය හැක. මෙහිදී විවිධ සංඛ්යාත පරාසයන්ගෙන් යුත් දත්ත පථ (data channels) කිහිපයක් භාවිතා කරන අතර එක් පථයක් ඔස්සේ ගමන් කරන තරංගයක් එම මාධ්‍යයේම වෙනත් පථයක් ඔස්සේ ගමන් කරන තරංගයක් සමග මිශ්‍ර නොවේ. සම-අක්ෂක රැහැන් (coaxial cable), ඇඹරුනූ කම්බි යුගල (twisted pair cable), ප්‍රකාශ තන්තු (fiber optic cables) මෙන්ම රැහැන් රහිත විද්‍යුත් චුම්භක තරංග මාද්‍යයක් ඔස්සේ වුවද මෙම ක්‍රමයට දත්ත සන්නිවේදනය කලහැක.

ඔබගේ නිවසට දුරකතන සබඳතාවය, රූපවාහිනී සබඳතාවය සහ අන්තර්ජාල සබඳතාවය වැනි විවිධ සබඳතා කිහිපයක්ම එකම රැහැනක් ඔස්සේ එකවර ලබාගතහැකි වන්නේ මෙම broadband තාක්ෂණයේ බල මහිමයෙනි.



දත්ත සන්නිවේදන වේගය


විශේෂයෙන් අන්තර්ජාල සබඳතා පිළිබඳව කතා කිරීමේදී දත්ත සන්නිවේදන වේගය අනිවාර්‍යයෙන්ම සැලකිය යුතු කරුණකි. ඕනෑම අන්තර්ජාල සේවා සපයන ආයතනයක (Internet Service Provider / ISP) වෙළඳ දැන්වීමක් හෝ වෙනත් ප්‍රචාරන කටයුත්තකදී ඔවුන් ලබාදෙන සබඳතාවයේ වේගය පිළිබඳව සඳහන් කරයි. නමුත් බොහෝ පරිශීලකයින්ට ඇති ගැටළුව වන්නේ ඔවුන් එම සබඳතාවය මිලදී ගත් පසු දැන්වීමේ තිබූ වේගය ඔවුන්ට සැබවින්ම නොලැබීමයි. මෙම ගැටළුව ඇතිවන බොහෝ අවථාවන් වලදී සැබවින්ම අදාල සමාගම සතුව කිසිදු වැරැද්දක් නොමැති අතර ගැටළුව ඇත්තේ පරිශීලකයා වෙළඳ දැන්වීම නිසි ලෙස තේරුම් නොගැනීම තුලයි.


bits සහ Bytes හඳුනාගනිමු


 1 Byte = 8 bits 


පරිගනක තුල දත්ත වල විශාලතවය මැනීම සඳහා සම්මත ඒකකය ලෙස “Byte” භාවිතා කරයි මෙය කැපිටල් B අක්ෂරයෙන් සංකේතවත් කරනු ලැබේ. Byte 1024ක් එක් වීමෙන් Kilobyte එකක් (KB) සෑදෙන අතර KB 1024ක් එක් වීමෙන් Megabyte (MB) එකක් සෑදේ. මෙය සරළ පරිගනක දැනුමක් ඇති ඕනෑම පුද්ගලයෙක් හොඳින් දන්නා කරුණකි.

නමුත් බොහෝ විට ඔබ නොදන්නා කරුණ වන්නේ දත්ත සන්නිවේදන වේගය මැනීමට යොදාගන්නා සම්මත ඒකකය Byte නොව bit යන්නයි. bit එකක් යනු Byte එකකින් අටෙන් පංගුවකි. එනම් එක් Byte එකක් සෑදීමට bit අටක් අවශ්‍ය වේ. Megabyte එකක් යනු Megabit 8 කි. bit එකක් ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් b අක්ෂරයෙන් නිරූපණය කරනු ලබයි.

ඔබේ අන්තර්ජාල සේවා සපයන ආයතනය (ISP) විසින් ඔබට ප්‍රකාශ කරනු ලබන වේගය සඳහන් වන්නේ මෙම bit වලිනි. එනම් ඔබේ අන්තර්ජාල සබඳතාවය 1Mbps නම් එයින් අදහස් වන්නේ තත්පරයකට “Megabit” එකක වේගයක් ඇති බවයි. මෙම සබඳතාවය තුලින් 1 Megabyte දත්ත ගොනුවක් භාගත කිරීමට ඔබට තත්පර 8ක කාලයක් ගතවේ.      

මෙම bit වලින් සඳහන් වන වේගය Byte ලෙස වරදවා වටහාගැනීම බොහෝ පාරිභෝගිකයින් විසින් සිදුකරන අතපසු කිරීමක වන අතර bit සහ Byte අතර වෙනස නිසි ලෙස හඳුනාගැනීමෙන් මෙම ගැටළුව සාර්ථකව නිරාකරණය කරගතහැක.



Latency හෙවත් ගුප්තතාවය


ඔබ broadband සබඳතාවයක් මිලදී ගැනීමේදී බොහෝවිට සැලකිලිමත් වන්නේ එහි වේගය ගැන පමණි. නමුත් ගුප්තතාවය හෙවත් Latency යනු ඔබේ broadband සබඳතාවයේ සලකා බැලියයුතු තවත් ඉතා වැදගත් ගුනාංගයකි.

ඔබ broadband සබඳතාවය ඔස්සේ යම්කිසි පණිවිඩයක් (signal) යැවූ විට එය ග්‍රාහක අග්‍රය වෙත ප්‍රවේශ වීමට ගතවන කාලය latency ලෙස හඳූන්වයි. ජාලය ඔස්සේ තත්කාලීන සන්නිවේදනයන් (real-time communication) සිදුකිරීමේදී මෙම ගුප්තතාවය (latency) ඉතමත වැදගත් වන අතර සාමාන්‍යයෙන් හොඳ තත්වයේ real-time connection එකක් පවත්වාගැනීම සඳහා ඔබේ සබඳතාවයෙ latency අගය මිලි තත්පර 250ක් පමණ (250ms) හෝ ඊට අඩු විය යුතුය.

ඔබේ සබඳතාවයේ latency අගය මිලි තත්පර 500ක් පමණ හෝ ඊට වඩා විශාල අගයක් ගන්නේ නම් එය කිසිසේත්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකරන දුරකතන සංවාද වැනි කටයුතු සඳහා සුදුසු නොවේ. ඔබ නිතර skype හෝ වෙනත් එවැනි දුරකතන, video call සේවාවන් භාවිතා කරන අයෙක් නම් ඉතා අඩු latency අගයකින් යුත් broadband සබඳතාවයක් මිලදී ගැනීම කෙරෙහි සැලකිලිමත් විය යුතුය.


Dynamic සහ Static IP address හඳුනාගනිමු


IP ලිපිනය යනු පරිගනක ජාලයක් හෝ අන්තර්ජාලය තුල ඔබේ පරිගනකය හඳුනාගැනීමට භාවිතා කරන විශේෂ වූ ලිපිනයකි. ඔබ broadband සබඳතාවයක් ඔස්සේ අන්තර්ජාලයට පිවිසීමේදී ඔබේ අන්තර්ජාල සේවා සපයන සමාගම (ISP) විසින් ඔබට IP ලිපිනයක් ලබා දේ. ඔබ අන්තර්ජාලයට පිවිසෙන්නේ එම IP ලිපිනය ඔස්සේ ය. නමුත් ශ්‍රී ලංකාවේ නම් බොහෝවිට ඔබේ ISP විසින් ලබාදෙන මෙම IP ලිපිනය ගතික (Dynamic) IP ලිපිනයකි. එනම් ඔබ අන්තර්ජාලයට සම්බන්ද වන අවස්ථාවේ ඔවුන්ගේ ජාලය තුල නිදහස්ව ඇති IP ලිපිනයක් ඔබට ලබා දේ. නමුත් ඔබ සම්බන්ධතාවය විසන්ධි කර (disconnect) නැවත සම්බන්ධ වීමේදී යලිත් ඔබට ලැබෙන්නේ පෙර ලිපිනයම නොවියහැක. නමුත් අන්තර්ජාල තුල වෙබ් පිටු වලට පිවිසෙන සාමාන්‍ය පරිශීලකයෙකුට මෙය එතරම් ගැටළුව නොවේ. ඔවුන්ගේ IP ලිපිනය කුමක්ද කියා දැනගැනීමට තරම් වත් ඔවුනට අවශ්‍යතාවයක් නැත.

නමුත් ඔබ සතුව අන්තර්ජාලයට සම්බන්ධිත සේවා දායක පරිගනකයක් (server) තිබේ නම් Dynamic IP address එකක් ඔබට විවිධ ගැටළු මතු කරනු නිසැකය. වෙනත් පරිගනක පරිශීලකයින් ඔබේ server පරිගනකයට පිවිසෙන්නේ එහි IP ලිපිනය ඔස්සේ බැවින් IP ලිපිනය නිතර නිතර වෙනස් වීම නිසා එම පරිශීලකයින් හට ඔබේ server එක හඳුනාගත නොහැකි වේ.
මීට අමතරව ඇතැම් e-mail server මගින් dynamic IP ලිපින සහිත පරිගනක  වලින් එවන ලද e-mail පණිවිඩ spam ලෙස හඳුනාගැනීම නිසා ද විවිධ ගැටළු ඇතිවිය හැක.

මේ ඔබ ව්‍යාපාරික කටයුතු සඳහා broadband සබඳතාවයක් මිලදී ගන්නේ නම්  dynamic IP ලිපිනයකට වඩා Static IP ලිපිනයක් ඔබට යෝග්‍ය වේ. Static IP ලිපිනයක් ලබාගැනීමට ඔබට ඔබේ ISP වෙත යම් ගෙවීමක් කිරීමට සිදු වන අතර එමගින් ඔබටම අනන්‍ය වූ ස්ථිර IP ලිපිනයක් ලැබේ. එය කිසි විටෙකත් වෙනස් නොවන බැවින් web server, database server වැනි සේවාදායකයන් පවත්වාගෙන යාමට ඉතාමත් පහසු වේ.

එබැවින් ඔබේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන ඔබට අවශ්‍යනම් Static IP ලිපිනයක් සමග ඔබේ  broadband සබඳතාවය මිලදී ගැනීම සැලකිලිඅත් වන්න.

(IP ලිපින සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින් කියවන්න)

ඔබේ IP ලිපිනය, broadband සබඳතාවයේ වේගය සහ latency අගය පිළිබඳ ස්වයං පරීක්ෂාවක් සිදුකරගැනීමට පහත වෙබ් අඩවි යොදාගතහැක.

Broadband Internet


වර්ථමානය වනවිට අන්තර්ජාල සබඳතාවයක් යනු සෑම පුද්ගලයෙකු ම සතු පහසුකමක් බවට පත්වී හමාරය. විවිධ අන්තර්ජාල සේවා සපයන සමාගම් (ISP) විසින් විවිධ තාක්ෂණයන්ගෙන් බලගැන්වූ අන්තර්ජාල සබඳතා වෙළඳපොලට ලබාදේ. මෙම එක් එක් වර්ගයේ සබඳතා තුල භාවිතා වන තාක්ෂණයන් සහ ඔබේ අවශ්‍යතාවයට ගැලපෙනම තාක්ෂණය හඳුනාගන්නා ආකාරය පිළිබඳව කරුණු කිහිපයක් සලකා බලමු.

Mobile Broadband


අද වනවිට බොහෝ දෙනා අතර ඉතා ජනප්‍රිය අන්තර්ජාල සබඳතාවයක් ලෙස mobile broadband හඳුන්වාදිය හැක. විශේෂයෙන් ජංගම දුරකතන සඳහා අද වනවිට මෙම තාක්ෂණය බෙහෙවින් භාවිතා කරන අතර Laptop පරිගනක, tablet පරිගනක සහ වෙනත් විවිධ ජංගම උපාංග වෙත ඉතා පහසුවෙන් අන්තර්ජාල සබඳතාවය ලබාගැනීමට භාවිතා කරයි. මෙහිදී ජංගම දුරකතන ජාල ඔස්සේ දත්ත සම්ප්‍රේශණය සිදු කරණ අතර දුරකතන සබඳතාවයට භාවිතා කරන තරංග සංඛ්‍යාත පරාසයට වඩා පුළුල් සහ ඉහල සංඛ්‍යාත පරාසයන් භාවිතා කරයි.

EDGE, 3G, 4G, WiMax වැනි විවිධ ආකාරයන්ගෙන් ඔබට mobile broadband සබඳතාවයක් ලබාගතහැකි අතර EDGE සබඳතාවයකින් ලබාගතහැකි උපරිම දත්ත සම්ප්‍රේශණ වේගය 236Kbps (Kilobits per second) පමණ වේ. 3G සබඳතාවයක් හරහා තත්පරයකට Megabits කිහිපයක වේගයකින් යුත් සබඳතාවයක් ලබාගතහැකි වන අතර නවතම 4G දත්ත සබඳතාවයක් ඔස්සේ ඔබට මේ සියල්ලට ම වඩා ඉහල වේග වලින් යුත් අන්තර්ජාල ප්‍රවේශයක් ලබාගතහැකි වේ.

ඔබට ඕනෑම තැනක සිට අන්තර්ජාලයට සම්බන්ද වීම ඉතා පහසු වීම mobile broadband සබඳතාවයක ඇති සුවිශේෂීම ලක්ෂණය ලෙස දැක්විය හැකි අතර mobile broadband modem (internet dongle) එකක් භාවිතා කර අවශ්‍ය ඕනෑම පරිගනකයක් හරහා ඉතා පහසුවෙන් අන්තර්ජාල ප්‍රවේශය ලබාගතහැකි වීම ද තවත් එක් වාසියකි.

කෙසේ වෙතත් මෙවන් mobile broadband සබඳතාවයක් ලබාගැනීමට නම් මුලින්ම ඔබ සිටින ප්‍රදේශයට අදාල ජංගම දුරකතන ජාලයේ ආවරණය (coverage) තිබීම අනිවාර්ය කරුණකි. ඔබට ලැබෙන signal ප්‍රභලතාවය (strength) මත ඔබේ mobile broadband සබඳතාවයේ වේගය හා ස්ථාවරත්වය රඳා පවතින අතර වර්ෂාව, ඝණ මීදුම වැනි පාරිසරික සාධක ද ඔබේ signal strength එක අඩු වීම කෙරෙහි හේතු විය හැක.


DSL internet



DSL යන්නෙන් නිරූපනය වන්නේ Digital Subscriber Line යන්නයි. නමුත් අපට වඩාත් හුරු පුරුදු වචයන වන්නේ DSL නොව ADSL ය. ADSL යනු DSL තාක්ෂණයේම එක්තරා ප්‍රවර්ගයක් (category) වන අතර මෙහි A අක්ෂරයෙන් Asymmetric යන්න නිරූපනය කරයි.

Asymmetric යන වචනයෙන් “අසමමිතික” යන අර්ථය නිරූපනය කරන අතර ADSL යනු සැබැවින්ම අසමමිතික DSL සබඳතාවයකි. එනම් DSL සබඳතා තුල දත්ත download වෙගයත් upload වේගයත්  සමාන අගයක පැවතුනත් ADSL සබඳතාවයක දත්ත download සහ upload වේගයන් අතර විශාල පරතරයක් ඇත. බොහෝ විට ADSL සබඳතාවයක දත්ත download වේගය ඉතා ඉහල අගයක් ගන්නා අතර upload වේගය සාපේක්ෂව පහල මට්ටමක පවතී. නමුත් විවිධ සේවාවන් ලබාගැනීමට පමණක් අන්තර්ජාලය භාවිතා කරන පුද්ගලයෙකුට (end user) වඩා වැදගත් වන්නේ download speed එක බැවින් upload speed එක අඩු වීම එවන් පරිශීලකයෙකුට එතරම් වැදගත් නොවේ.

නමුත් ඔබ අන්තර්ජාලය තුලින් විවිධ සේවා සැපයීමට බලාපොරොත්තු වන පුද්ගලයෙක් නම් ඔබේ අන්තර්ජාල සබඳතාවයේ upload speed එක ගැන ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුය. උදාහරනයක් ලෙස ඔබ ADSL සබඳතාවයක් ඔස්සේ වෙබ් සේවාදායකයක් (web server) , දත්ත පාදක සේවා දායකයක් (database server) හෝ වෙනත් එවන් සේවාවක් සැපයීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබට download speed එක කෙතරම් ඉහල අගයක තිබෙන ADSL සබඳතාවයක් වුවත් කිසිසේත්ම නොගැලපේ.

ADSL අන්තර්ජාල සබඳතාවයක් මිලදී ගැනීමට පෙර ඔබ සැලකිලිමත් වියයුතු තවත් කරුණක් වන්නේ ඔබේ අන්තර්ජාල සේවා සපයන සමාගමේ (ISP) ADSL centrel office එකේ සිට ඇති දුරයි. සාමාණ්යයෙන් ADSL සබඳතාවයක් ඉතා හොඳින් ක්‍රියාත්මක වන්නේ central office එකේ සිට 5km දක්වා දුර සීමාවක් තුල පමණි. එම සීමාවෙන් පිටතට යත්ම සබඳතාවයේ වේගය සහ ස්ථාවරත්වය ක්‍රමයෙන් අඩුවේ.
ADSL සබඳතාවය සමග ඔබට “සේවාව සහතික කිරීමේ ගිවිසුමක්” (Service Level Agreement) ද නොලැබෙන බැවින් ඔබ සබඳතාවයක් මිලදී ගැනීමට පෙර මෙම කරුණ පිළිබඳව බොහෝ සැලකිලිමත් විය යුතුය. එසේ නොකිරීමෙන් ඔබට ලැබෙන සබඳතාවයේ සඳහන් කරනලද වේගයන් නොලැබුනොත් සමාගම ඒ වෙනුවෙන් කිසිදු වගකීමක් නොදැරීමටද ඉඩ ඇත.  

කෙසේ වෙතත් පෙර සඳහන් කල mobile broadband වලට වඩා ADSL සබඳතාවයක සුවිශේෂී ගුනාංග කිහිපයකුත් දැකගත හැක. ඉන් ප්‍රධානතම කරුණ වන්නේ ඔබේ ADSL සබඳතාවය ඔබට ලැබෙන්නේ ඔබටම අනන්‍ය වූ රැහැනකින් වීමයි. එනම් සෑම ADSL පාරිබෝගිකයෙකු ම වෙන් වෙන් වූ රැහැන් ඔස්සේ අන්තර්ජාල සේවා සපයන සමාගම (ISP) වෙත සම්බන්ද වේ. මේ නිසා කොපමන පරිශීලකයින් පිරිසක් එකවර සම්බන්ධ වුවත් ඔබේ සබඳතාවයේ වේගය අඩු වීමක් සිදු නොවේ.

ජංගම දුරකතන ජාල තුලත් මේ වනවිට ඉතා විශාල පරිශීලකයින් පිරිසකට එකවර සම්බන්ධ වීමේ හැකියාව ලබාදී තිබුනත් න්‍යායාත්මකව පරිශීලකයින් ක්‍රමයෙන් වැඩි වනවිට එම ජාල අකාර්‍යක්ෂම වීමට ඉඩ ඇත. ඔබට ඕනෑම මොහොතක ඉතාමත් ස්ථාවර අන්තර්ජාල සබඳතාවයක් අවශ්‍ය නම් මෙම ගැටළුවට ADSL ඔස්සේ සාර්ථකව පිළියම් යෙදිය හැක.

වර්ෂාව, මීදුම වැනි පාරිසරික හේතු නිසා සබඳතාවය අකර්මන්‍ය නොවීමම, ඉතාමත් පහසුවෙන් විශාල පරිගනක ප්‍රමාණයකට වුවත් එකවර සබඳතාවය ලබාදීමේ හැකියාවම, ස්ථාවරත්වය, mobile broadband සබඳතාවයකට වඩා වැඩි සහ ස්‍ථාවර සන්නිවේදන වේගයක් පවත්වාගැනීම වැනි කරුණු ADSL සබඳතාවයක ඇති විශේෂතා ලෙස හඳුන්වා දිය හැක.





වෙනත් broadband internet සබඳතා වර්ග


T1 Connection


T1 යනු ශ්‍රී ලංකාව තුල එතරම් ප්‍රචලිත නොවුනත් broadband ක්‍රමයට අන්තර්ජාල සබඳතාවයක් ලබාගතහැකි තාක්ෂණික ක්‍රමවේදයකි. එක T1 line එකක් තුල 64kbps වේගයක් සහිත channels 24ක් ඇති අතර මෙම සියළුම channels එක්ව භාවිතා කරන විට 1.5Mbps දත්ත සම්ප්‍රේශණ වේගයක් ලබාගතහැක. නමුත් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය අනුව මෙම channels වලින් අවශ්‍ය ප්‍රමාණයක් දුරකතන වෙහ්ත සහ තවස් තෝරාගත් ප්‍රමාණයක් අන්තර්ජාල සබඳතාවය වෙත වෙන් වෙන්ව ලබාගතහැක.

මෙහි සුවිශේෂී ලක්ෂණයක් වනුයේ මෙය Asymmetric සබඳතාවයක් නොවීමයි.  එනම් T1 සබඳතාවයක් තුල upload සහ download යන දෙ දිශාවටම දත්ත සම්ප්‍රේශණ වේගයන් සමාන වේ. මීට අමතරව T1 සඳහා “සේවා සහතික කිරීමේ ගිවිසුමක්” (Service Level Agreement) ලබාගතහැකි අතර එහි වේගයේ ස්ථාවරත්වය වෙනුවෙන් ISP විසින් 99.99%ක වගකීම් සහතිකයක් ලබා දේ.

කෙසේ වෙතත් මේවා ADSL සහ mobile broadband වලට වඩා බොහෝ මිල අධික ය. ආයතනික කටයුතු සඳහා වඩා සුදුසු වේ.


Satellite Internet


මෙයත් ශ්‍රී ලංකාව තුල එතරම් ප්‍රචලිත ක්‍රමවේදයක් නොවේ. නමුත් මුහුදු යාත්‍රා, කාන්තාර ප්‍රදේශ, කඳුකර ප්‍රදේශ වැනි ADSL, mobile broadband හෝ T1 සබඳතාවයක් ලබාගැනීමට නොහැකි ප්‍රදේශ වෙත අන්තර්ජාල පහසුකම ලබාගැනීමට satellite internet ප්‍රයෝජනවත් වේ. සාමාන්‍යයෙන් හොඳ දත්ත සම්ප්‍රේෂණ වේගයක් පවත්වාගතහැකි වුවත් satellite internet සබඳතාවයක ඇති ප්‍රධානතම දුර්වලතාවය වන්නේ සබඳතාවයේ ගුප්තතාවය (latency) සාපේක්ෂව ඉහල අගයක් ගැනීමයි. පොළව මතුපිට සිට 35,786km පමණ වූ ඉතා දුරින් කක්ෂගතව ඇති  චන්ද්‍රිකාවක් සමග දත්ත හුවමාරු කිරීමට සිදුවීම මෙයට හේතුවයි. විද්‍යුත් චුම්භක තරංග ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කලත් මෙතරම් විශාල දුරක් ගමන් කිරීමේදී 500ms පමණ වූ latency අගයක් ඇතිවේ. මේ නිසා satellite internet සබඳතා real-time communication සඳහා එතරම් යෝග්‍ය නොවේ.


මෙම T1 සහ satellite internet සබඳතා ADSL සහ mobile broadband වලට වඩා තරමක් මිල අධික බවද මෙහිදී ඔබට සිහිපත් කළයුතුය.
මීට අමතරව තවත් විවිධ වර්ගයේ broadband සබඳතා ලොව පුරා සුවහසක් පරිගනක පරිශීලකයින්ගේ කාර්‍යයන් පහසු කිරීමෙහි ලා ක්‍රියාත්මක වුවත් broadband තාක්ෂණය හඳූනාගැනීමට මෙම කරුණු කිහිපය ඔබට බෙහෙවින් ප්‍රමාණවත් වනු ඇත.

ඔබ අළුතින් broadband සබඳතාවයක් මිලදී ගැනීමට අදහස් කරන අයෙක් නම් ඔබේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන ඊට වඩාත් සුදුසු සබඳතාවය තෝරාගන්න.

ස්තුතියි!


----------------------------------------



මෙම ලිපිය සඳහා ඔබේ අදහස්, යෝජනා, චෝදනා සියල්ල comment හරහා යොමු කරන්න.

මෙම බ්ලොග් අඩවිය තව තවත් සාර්ථක කරගැනීමට ඔබගේ අදහස්යෝජනාචෝදනා සියල්ල අප වෙත 
යොමුකරන්නඔබ වෙනුවෙන් අපගේ e-mail ලිපිනය ඕනෑම අවස්ථාවක විවෘතයි.


මේ ලිපිය වැදගත් කියලා හිතෙනවනම් යාලුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා




තවත් දිනයක මෙවන් තාක්ෂණික ලිපියකින් හමු වෙමු.
අපත් සමග සැමදා රැඳී සිටින ඔබට ස්තුතියි!


( සැ.යු. මේක මම "පරිගනක ලිපි" වෙනුවෙන් ලියන පලවෙනි post එක. අඩුපාඩු තිබුනොත් සමාවෙන්න.)


Comments

  1. මහන්සි වෙලා ලියල තියනව වටිනව.
    ස්තුතියි

    ReplyDelete
  2. Replies
    1. ස්තුතියි. දිගටම අපේ blog එක කියවන්න. ඉදිරියට තවත් මේ වගේ සවිස්තරාත්මක post ගොඩක් ඔයාලට කියවන්න ලැබෙයි.

      Delete
  3. බොහොම ස්තූතියි ! හරිම වටිනවා මේ ලිපිය !

    ReplyDelete
  4. හරිම පැහැදිලි විදියට කරුණු පෙලගස්වල තියෙනවා.ලොකු දැනුමකුත් ලබාගත්තා.

    ReplyDelete
    Replies
    1. ඔහොම කියනකොට හිතට ලොකු සතුටක් දැනෙනව යාලු.
      දිගටම රැඳිලා ඉන්න. ඉස්සරහට තව ගොඩක් දේවල් ඔයාල වෙනුවෙන් තියනවා.
      ස්තුතියි!

      Delete
  5. බොහොම වැදගත් ලිපියක්,
    සුබ පතනවා ආයෙත් පටන්ගත්තට වෙන කෙනෙක් හරි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අයියෙ! ඒත් මේක එක ලිපියක් විතරයි. මං මේ කොහෙන්දෝ පාත් වෙච්ච එකෙක්. මං පටංගත්ත දෙයක් නෑ. මේක හසිත අයියගෙ blog එක. මේක පටන්ගත්තෙ එයා. එදත් අදත් ඉස්සරහටත් මේක එයාගෙ :)

      Delete
  6. anyway bro don't leave this blog we are all ways with you congratulation...

    ReplyDelete
  7. ගොඩාක් වටින පෝස්ටුවක් ජයවේවා.! පැත්තෙත් ඇවිත් යන්න
    http://punchiadaviya.blogspot.com

    ReplyDelete
  8. Bro mata dena ganna ona IP address ekak hack karama api mokada karanna one?

    ReplyDelete
  9. අනේ ඔයාට ගොඩක් ස්තූතියි ...
    අපිට පාසලෙන් කියලා දෙන්නේ නැති දේවලුත් මේ ලිපියේ තියෙනවා .
    මන් මේ ලිපියෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා

    ඔයාට ගොඩක් ස්තූතියි 🙏

    ReplyDelete
  10. අනේ ඔයාට ගොඩක් ස්තූතියි ...
    අපිට පාසලෙන් කියලා දෙන්නේ නැති දේවලුත් මේ ලිපියේ තියෙනවා .
    මන් මේ ලිපියෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා

    ඔයාට ගොඩක් ස්තූතියි. Thank you sooomuch

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Keyman නොමැතිව සිංහල ටයිප් කරන්න -: Keyrep

ආයුබොන් ඔබ හැමෝටම. බ්ලොග් එකට පැමිණෙන, ඔබ සියලු දෙනාටම පළමුවෙන්ම ස්තූති වන්ත වෙමි. මා මෙතෙක් දුරන් පැමිණියේඔබගේ නොමද සහයොගය ඇතුවයි. හැමදාම අලුත් දේවල් ඔබට සොයාදීමට කැපවෙන අපි, අදත් ඔබට අලුත් දෙයක් අරගෙන මේපැත්තට ආවා අලුත් ලිපියකින්. හ්ම්... ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති. මම මේගැන කලින් ලිපියක්ඉදිරිපත් කළා. නොබලපු අය මෙතනින් ඒ ලිපියට යන්න. අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් අපි ලබාගත්තපහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන.  මෙම මෘදුකාංගය වැඩි විස්තරයක් සටහන්ව නැහැ, ඇත්තටම මෙය අපේ පරිගකයට Install කල යුතුත් නැහැ, යෙදවුම් මෘදුකාංගයක් නිසා, EXE එක උඩ දෙවරක් ක්ලික් කර එය විවෘත කරගැනීමේ හැකියාව ති

Ubuntu සදහා සිංහල Install කරමු

වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.

UPS එකක් වැඩි කාලයක් පාවිච්චි කරන්නෙ මෙහෙමයි

ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පඩ ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නව