ෆ්ලෑෂ් සින්දු

ෆ්ලෑෂ් සින්දු බොත්තම බලපු කීප දෙනෙක් මට ඊ මේල් කරල තිබුන පොඩි  අවුලක් ගැන. ඒ මවුස් එක එක පාරකට වැඩිය ජෝතිගෙ රූපෙ උඩට ගෙනාවාම එක උඩ එක වාදනය වෙනව කියල.
ඒකට අපි මෙහෙම කරමු. පොඩි code කෑල්ලක් නැත්නම් පොඩි action script  එකක් ලියමු.

කලින් වගේම පින්තූරයක් ගෙනල්ල F8 ඔබල movie ක්ලිප් එකක් විදියට convert කරමු.කලින් වගේම සිංදුවක් library එකට ඉම්පොර්ට් කර ගන්න. සිංදුව right ක්ලික් කරන්න. linkage  එකේ හිස් කොටු තුන select කරන්න.

ඉන් පසුව අළුත් ලේයර් එකක් ඇරල , අර පින්තූරෙ උඩ හෝ පැත්තකින් පොඩි button දෙකක් ඇඳ ගන්න. ඒ play සහ stop button. play/stop කියල ලිව්වත් කමක් නැහැ. ඉන් පස්සෙ ඒ දෙක වෙන වෙනම F8 ඔබල movie ක්ලිප් හැටියට convert කර ගන්න. instance name එක පිළිවෙලින් " on_btn"  සහ " off_btn" විදියටම දෙන්න.














ඊළඟට දෙවන ලේයර් එකේ 1  frame එකට ගිහින් action select කරල මේ පොඩි action script එක ඒ විදියටම ලියන්න.
 stop():
var my_sound:Sound = new Sound();
my_sound.attachSound("sound_id");

on_btn.onPress = function() {
my_sound.start();
};

off_btn.onPress = function() {
my_sound.stop();

};


 ලියන්න අමාරු නම් copy & paste කරන්න. එච්චරයි. movie එක ටෙස්ට් කරන්න.
වම් පැත්තෙ ත්‍රිකෝණය ක්ලික් කළාම සින්දුව play  වෙයි. දකුණු පැත්තෙ කොටුව ක්ලික් කලාම නවතී.





<

Comments

Popular posts from this blog

ෆ්ලෑෂ් - වීඩියෝ...

ගී සර රංගන

ඩිජිටල් ඔරලෝසු