මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, September 18, 2013

වි(සම)ලිංගික



අපි දෙන්නම හිටගෙන හිටියේ නග්නව.නානකාමරේ කණ්නාඩිය දිහාබලාගෙන.එයාගේ ඔලුවේ ෂවර් කැප් එකක් තිබුනා.ඇගේ හැමතැනක්ම කිරිගරුඩෙන් හැදුවා වගේ ඇත්දලපාටින් දිලිසුනා.මට තිබුනේ ලා කලු පාට සිරුරක්. නිසා මම හිටියේ ඇත්දලපාටට පිස්සු වැටිලා. මම හිමීට එයාගේ බෙල්ලෙ පිටිපස්සේ කොණ්ඩෙට වැහිලා තිබුනු ටැටූ සමනලයා උඩ මගේ සිගරට් නොබී කලුපාට වුන තොල් තියුවා. එයාගේ තොල් රෝසපාටයි.හරියටම දැන්කඩපු පිනි ජම්බු ගෙඩියක් වගේ.ඒත් තොල් වලින් කවදාවත්ම මට ජම්බු රසක් දැනුනේ නෑ.හැමදාම, ලිප්ග්ලොස් එකෙන් එන අරුමෝසම් චෙරි රස.
අපි දෙන්නගේම සිරුරු එක වගේ.එකම විදිහයි.කිසිම දෙයක් අඩු නැතුව දෙන්නටම පිහිටලා තිබුනා.අපි දෙන්නට අපි දෙන්නගේ සිරුරුවල ගවේෂණය කරලා හදුනාගත යුතු දෙයක් තිබුනේ නෑ.මොකද හැමදේම පොදුයි.දෙන්නටම....හැබැයි වර්ණදෙකකින්. එයාගේ පයෝධරතුඩු හිමකදු දෙකක් මුදුනේ හිම හේදිලාගියපු කදු මුදුන් වගේමට පෙනුනා.මගේ පයෝධරතුඩු පයෝධර පැහැයෙන් නොවෙනස් නිසා හදුනාගත නොහැකිව තිබුනා.
සුළු වෙනස්කම් තිබුනට අපි දෙන්නම දැන් එක්කෙනෙක්...
--------------------------------------------------------------------------------------------------------------------------------------
මම කතාවක් ලියුවා. කතාව පොතක් විදිහට පිටවුනා.
"මොනවද ගෑණියේ මේ ලියලා තියෙන්නේ?"එයා තට්ටු ගෙදර බිත්ති හතරටම කණ් වල ඇගිලිගහගන්න තරම් හයියෙන් කෑගහලා කියුවා.
"ගෑණියේ???"ඔව් එයාට පුළුවන් මට ගෑණි කියන්න...එයා මිනිහෙක් හින්දා...මට නැති දේවල් එයාට හුගාක් තියෙනවා.තව ලබාගන්නත් පුළුවන්.
එයාට තියෙනවා මට නොකියා යන විනෝදගමන්,රතුපාට තොල් සායම් සලකුණු සහිත සුබපැතුම්පත්,
ගැහැණු හිසකෙස් සහිත සීට් තියෙන ප්රියස් කාර් එකක්.
මගේ ඇස් ගිනිගත්තා.
"තමුසේ නම්බුකාර අම්මා තාත්තෙක්ගේ ළමයෙක් නේද?මෙහෙම ජාතියක් ජන්මයක් නැති කතන්දර ලියනවද යකෝ?"මගේ කොණ්ඩෙ ,මගේ කලුපාට කොණ්ඩෙ යකඩ අතකින් ඇදෙනවා දැනුනා.ඊට පස්සේ නලල "ඩෝං"ගාලා බිත්තියේ වැදුනා.ඊටත් පස්සේ හැමතැනම රතුපාට ලේ...
"අයිස් ..."කදුළු...
ආයෙමත් එයාගේ කටහඩ...
"මම ඔයාට හැමදේම කියන්නේ ආදරේටයි රත්තරනේ..."එයා මගේ ඔලුව අතගාමින්...මම මුකුත් නොකියා හිටියා."අපේ අම්මලා දැන්ගත්තොත් මොනවා කියයිද?"එයා හීනියට මගේ කණට කෙදිරුවා."ඇත්ත අම්මලා දැනගත්තොත්..."මට හිතුනා...ඔලුව බිත්තියේ වදිද්දී රතුපාට ලේ වලින් මගේ හිත පෙගෙද්දිත් නොදැනුනු බයක් මට දැනුනා."ඔව් අම්මලා දැනගත්තොත්.."
මට ඊටපස්සේ මුකුත් මතක නෑ...
--------------------------------------------------------------------------------------------------------------------------------------
ආයෙමත් කණ්නාඩියෙන් හුගක් ඈත දවසක මම ඉස්කෝලේ ඇරලා එයා එනකල් ඉස්කෝලෙන් එලියේ මගබලාගෙන හිටියා.මට තිබුනා රෝද දෙකේ පුෂ් බයිසිකලයක්.ඒකත් නවත්තගෙන මම එයා එනකල් බලාගෙන හිටියා.රෝස පාට පිනිජම්බු තොල්දෙක ඈත එනවා මම දැක්කා.එයා මාවත් දැක්කා.ඒවුනත් නොදැක්කා වගේ මාව පහුකරගෙන ගියා.
මම එයාගේ පස්සෙන් දුවලා ගියා.
"සදුනි අක්කේ..."
එයා ආපිට හැරිලා බැලුවා."ඇයි මොකෝ..."එයා ඇස්වලින් ඇහුවා. දවස්වලත් එයාගේ ඇගේ ඔය ඇත්දල කිටිපාට තිබුනා.
"නෑ නිකන්" කියලා මම බයිසිකලෙත් තල්ලු කරගෙන එයාගේ පස්සෙන් ගියා.
"බයිසිකලේ අරන් එන්නේ තල්ලු කරන් යන්නද?"එයා ඔලුව ඇදකරලා බලලා ඔලොක්කුවට හිනාවුනා.
"අපි යන්ද ෆිල්ම් එකක් බලන්න?"මම ඒක ඇහුනේ නෑ වගේ ඇහුවා.
"ඊයා ලයිට් නිවනවනේ.."කියලා එයත් එක්ක හිටපු අක්කගේ පිටටත් ගහලා හයියෙන් හිනාවුනා.
---------------------------------------------------------------------------------------------------------------
එයයි මමයි එයාගේ ප්රියස් කාර් එකෙන් ගමනක් යනගමන්.අපි දොරවල් ඇතුලෙන් ලොක් කරගෙන.හදිස්සියේ වහලේ ඉදලා එයාගේ ඔඩොක්කුවට ගෝනුස්සෙක් වැටුනා. රතුපාටයි.රතුම රතුපාටයි.
මම බයවෙලා යටිගිරියෙන් කෑගැහුවා.හැමදාම හීනෙන් බයවුනාම වගේ... ගෝනුස්සා එයාව හැපුවේ නෑ.එයාගේ ඔඩොක්කුවේ ඉදලා මගේ උරහිසට පැන්නා.ඊට පස්සේ මට කෑගහන්න බැරිවුනා. මගේ ඇගේ හැමතැනම දිව්වා.හැබැයි කෑවේ නෑ.තැනින් තැන මාව බයකරන්න වගේ කෙනිත්තුවා.මම බිරාන්තවෙලා බලාගෙන හිටියා."අනේ මූ මාව මරනවා නම්..."කියලා හිතුනා.ඒත් එහෙම වුනේ නෑ. මගේ ඇගේම හිටියා හැබැයි මාව මැරුවේ නෑ.
එයාලගේ අම්මා අපේ ගෙදර නවතින්න ආවා.
එයා වෘශ්චික ලග්නේ...
---------------------------------------------------------------------------------------------------------
"මොනවද මේ ලියලා තියෙන්නේ?"දවසක් ගෝනුස්සා ඇහුවා.මම දවස එනකල් බලාගෙන හිටියා..මම දැනගෙන හිටියා වගේ සුන්දර දවසක් එන බව."ඇදුමක් ඇදගෙන පුළුවන්ද මේවා කියවන්න?"එයා කියුවා."එහෙනම් ඇදුම් ගලවලා කියවන්න නොකිය"මම ඇස් වලට කදුළු පුරෝගෙන බලාගෙන හිටියා.
ගෝනුස්සා මට බැන්නා.මම ගැන නඩුව  එයාටත් කියුවා.එයාගත්තේ ගෝනුස්සගේ පැත්ත.නැතුව ඉතින් නම මසක් කුස හොවා කිරිදී ඇතිදැඩි කර ගෝනුස්සගේ පැත්ත.
මම එයාට කිරිදීලා නෑ.
හැබැයි මහන්සියි කියපු දවසට ඔලුව මසාජ් කරලා කකුල් මසාජ් කරලා එහෙම තියෙනවා.
වගේද DCD නැති කිරි?
-----------------------------------------------------------------------------------------------------------
දැන් මම කතා ලියන්නේ නෑ.එයා දන්නේ නෑ.මම කණ්නාඩියක් ඉස්සරහ නග්නව.
සදුනිගේ තොල් හරිම චෙරි රසයි...

මම හරි හොදයි...

මම කතා ලියන්නේ නෑ....

1 comment: