Wednesday, September 4, 2013

අෂ්ටක මොටද දැන් උඩු බුරපල්ලා!




ඉඩ   කඩ  නිදහසේ ලැබ දොර ඇර    කූඩු
අඩ  නිරුවතින්  උන්නත්  නැත    අඩුපාඩු
හැඩ   වැඩ වී මඟුල් ගමනට     කිරිකෝඩු
ගොඩ වෙති පෝරු මස්තකයට බලු ජෝඩූ

මං   ගල වෙඩිලි තැබුවත් ටයි පටි    එල්ලා
හංගා   ගනීවිද  ඇඳ  වලිගය          බල්ලා
සිංහල   ගී  විරිත  මොන එකටද    අල්ලා
දැන්  අස්ටකය  වෙනුවට උඩු   බුරපල්ලා

_ණ දෙන විටදි මනමාලිය එහා  කොනේ
මනමාලයා   වලිගය   වනනවා    පෙනේ
වන  සා  හෙළ සිරිත් ඔච්චම් කෙරූ දිනේ
මොන  බල්ලාද  ඒ මඟුලට  හිනා  වුණේ

බැඳුණත් නැකතකට ජෝඩුව එකට   ඇලී
පුදුමෙකි නොපෑවොත් හෙම බලු සිරිත යලී
හඳුනමු - දනිමු මහ පාරෙත් කරන   කෙළී
මධූ සමයට මොකට යැව්වද      නුවරඑළී

පිරි  සිදුකමේ තෝතැන්නක් ලෙස    සෑදූ
සිරි  සුභ මඟුල්  අස්ටක බුදු ගුණ       විදූ
සිරි  තට  සිංහලේ කෙරුමකි      අරියාදූ
හිරිකිත   නැද්ද   දුටුවම  මේ  බලු    හාදූ

අටවා  පෝරුවක්  අත   පය     පටලවතී
හෙට පරපුරක් බෝ කෙරුමට කැසකවතී
සට හන් මැකෙයි සිංහලයෙහි පෙර පැවතී
රට බල්ලන් ගෙනත් -  රට බල්ලට යවතී

නරයින් සේම ඉපදුණූ පෙළපතත්   සොයයි
ඉර ණම අනුව බන්දා පෝරුවෙත්      තියයි
වර දක් නොවෙයි හෙළ ගති බල්ලටත් ගියයි
සැර දෙත් එහෙත් බලුනෝනයි   මහත්තයයි


ජී.ඇම්.අජිත්
සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ප්‍ර.ලේකම්



4 comments:

Anonymous said...

dan ratama ballanta gihilla

SilentSahan said...

උපරිමයි කවි ටික... මල් හතයි...

Anonymous said...

කවි ටිකනම් මල් හතයි ජ්‍යෝති.මුන්ට අමුවෙන් අමු කැවිලද මන්දා.

dulshan nawarathne said...

අනේ මන්ද මේ රට යන අත..
ලස්සන නිර්මාණයක්...

Related Posts Plugin for WordPress, Blogger...