Posted by : Shirosh Wednesday, September 29, 2010

ගොඩ කාලෙකට පස්සේ තමයි මම ලියන්නේ. අන්තිමට ලිව්වෙ ගිය මැයි මාසයේ. මාස 4ක පමණ කාලයක් තුල සිදු වු දේ ගොඩක් තියෙනවා. මාස 3ක් තුල මගේ බ්ලොගය යාවත්කාලීන නොකිරීම නිසා සිංහල බ්ලොග් කියවනයෙන්ද කොත්තුවෙන්ද ඉවත් කෙරුණා. නමුත් දැන් ආයෙත් එම බ්ලොග් කියවන දෙකටම එකතු වුණා. ඒ වගේම තවත් සුවිශේෂි දෙයක් තියෙනවා. මම මගේ බ්ලොගයේ නම ටිකක් වෙනස් කළා. ඒ අනුව අලුත් නම තමා රන්දිකගේ සිත් සටහන්. තවදුරටත් රන්දිකගේ Talks නම භාවිතා කළ යුතු නෑ. නම වෙනස් කළේ තේරුමක් ඇතිවයි. ගෙවී ගිය මාස කිහිපයේ මම තීරණය කළා බ්ලොගය හැකිතරම් සරලව ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ සරල චාම් බ්ලොග් අඩවියක් තුළ හොඳ අන්තර්ගතයක් පවත්වාගෙන යන්නයි හිතුවේ. සිංහල බ්ලොගයක් නිසා සම්පූර්ණයෙන් සිංහල සරල නමක් යෙදුවේ ඒ නිසයි.

ඉතින් දැන් ඉතින් මගේ ජීවිතයට බොහොම කාර්යයබහුල කාලයක් උදා වෙලා තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි මම දැන් උසස් පෙළ කරන සිසුවෙක්. ඉතින් උසස් පෙළ කරන ගමන් මගේ බ්ලොග් අඩවියත් පවත්වාගෙන යනවා. හැබැයි අධ්‍යාපනයට මුල් තැන දෙන්න වෙනවා.


තව දෙයක් !මගේ අනුමානය හරිනම්  මගෙ බ්ලොග් අඩවියට මේ මසේදී අවුරුද්දක් පිරෙනවා. බ්ලොගය පටන් අරගෙන ගොඩක් කල්වුනත් සිංහලෙන් පිළිවෙලකට ලියන්න ගත්තෙ ගිය අවුරුද්දේ. ඉතින් හරියට පටන් ගත්ත දිනයක් කියන්න අමාරුයි. කෙසේ හෝ වේවා මෙතෙක් කල් මගෙ බ්ලොගය කියවපු ප්‍රතිචාර එක් කරපු සියලු දෙනාටම ස්තුතියි! ඒ වගේම මේ අවුරුද්දක කලය තුල සිංහල යුනිකෝඩ් භාවිතා කරන සොයුරු සොයුරියන් ගොඩ දෙනෙක් දැන හදුනගත්තා. ඒ හැමෝවම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි!

එහෙනම් නැවත හමුවෙමු෴

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

- Copyright © Shiroshan's Blog -Metrominimalist- Powered by Blogger - Designed by Johanes Djogan -