Sunday, September 1, 2013

ඇහෙන, අහන්න වෙන, අහන සහ හොයාගෙන අහන ගීත

   


මේ පොස්ට් එක ටික දවසක ඉඳල ලියන්න හිතාගෙන හිටියෙ. ඒත් එක එක ​දේවල් නිසා දන්නෙම නැතුව එක මගහැරිල ගියා. කේෂාන් කියන්නෙ එච්චරම ගීත අහන කෙනෙක් නම් නෙමේ. ඒ වුනාට ගීත අහන්න අකමැති කෙනෙකුත් නෙමේ. හිත නිදහස් වෙලාවට වගේම හිතට දුකක් තනි කමක් දැනුනාමත් ගීතයක් දෙකක් අහනව. මුලින්ම කියන්නම්කො මේ දාල තියන මතෘකාව ගැන. මට හිතෙන විදියට තමයි ඔය මම ගීත කොටස් 4කට බෙදුවෙ.

  • අපට ඇහෙන ගීත - අපි පාරෙ යනකොට කඩේක එහෙමත් නැත්නම් අලුතෙන් රේඩියෝ එකක් ගෙනාපු ගෙදරක සද්දෙට දාගෙන අහන ගීත තමයි මේ ගොඩට වැටෙන්නෙ. ඒ ගීත අපිට ඇහෙනව. අපි කැමති නම් නැවතිල අහගෙන ඉන්න පුළුවන්. අකමැතිනම් එතනින් ඈතට යන්නත් පුළුවන්.
  • අපට අහන්න වෙන ගීත - අපි බස් එකක එහෙමත් නැත්නම් ත්‍රී වීල් එකක යනකොට අහන්න වෙන ගීතත් තියනවනෙ. ඒ ගීත වලට අපි කැමති වුනත් අකමැති වුනත් අපිට අහගෙන ඉන්න වෙනව. ඒක තමයි මේ ගීත වල තියෙන විශේෂත්වය.
  • අපි අහන ගීත - ඒ කියන්නෙ අපි ගෙදරට වෙලා ඉන්නකොට රේඩියෝ එකේ... එහෙමත් නැත්නම් ටීවී එකේ යන ගීත. ඒ ගීත අපි අහනව. (කැමති ගීතයක් නම් විතරයි) ඒ වගේම Computer එක දාගෙන කම්මලි කම යන්නත් එකක් අහන ගීත අයිති වෙන්නෙ මේ ගොඩටම තමයි.
  • අපි හොයාගෙන අහන ගීත - මෙන්න මේ කොටසට තමයි අපි වැඩියෙන්ම ආදරය කරන ගීත අයිති වෙන්නෙ. කලින් කියපු එක විදියකට හරි කනට වැටුනු ගීතයක්.. සිතට දැනුනු ගීතක් අපි කොහොම හරි ආපහු හොයාගෙන රස විදිනව. මේ කොටසට අයිති වෙන ගීතයක් අපි එක දිගට 10 වතාවක් වුනත් අහනව. (ගිය සතියෙ දවසක කේෂාන් උදේ 9ට විතර අහන්න ගත්ත ගීතක් දවල් කෑමට යනකන් ඇහුව. දැන් ඉතින් ඒ ගීතය මොකක්ද කියලනම් අහන්න එපා...) 

ඊලඟ දේ තමයි, අපි හැමෝම ගීත අහනව. ඒව රස විඳිනව. ඒත් ගොඩක් වෙලාවට අපි ඉන්නෙ සතුටෙන්නම් අපි ඒ ගීතය රස විඳිනව. ඒ ගීතයේ සංගීතය විඳිනව. ඒත් අපි ඉන්නෙ දුකෙන් නම් අපි ඒ ගීතයෙ පද වල සැබෑ තේරුම තේරුම් ගන්න උත්සහ කරනව. ඒ වෙලාවට ඒ ගීතයෙ එකම එක පදයක් හරි අපේ ඡීවිතයට ගලපගන්න උත්සහ කරනව. ගොඩක් දුරට ඒ ගලපගන්න දරන උත්සහය සාර්ථක වෙනව. අන්න එහෙම වුනාම අපි ඒ ගීතය තුල ඡීවත් වෙනව. ඒ ගීතයට ආදරය කරනව. ඒ ගීත තුල කියන්නට උත්සහ දරන කථාව තුල අපිටත් පොඩි හරි ඉඩක් තියෙන බව අපිට වැටහෙනව. 

(ඒ විදිය ලස්සන ගීත කිහිපයක් ගැන ඉදිරියට ලියන්න තමයි කේෂාන්ගෙ බලාපොරොත්තුව. - ඒ ගීත වල සමහර පද පේලී මම මගේ මූණුපොතේ සඳහන් කරාම මගේ හොඳම යාලුවන්ගෙන් මට මරණීය තර්ඡන ආව ඒව අයින් කරන්න කියල. :D ඒ නිසා මම තීරණය කරා ඒ සඳහා ​සුදුසුම ස්ථානය මගේ blog එක කියල.)

මේ ඉතින් කේෂාන්ට තේරෙන තරම තමයි. ​මේක කියවන අයට මීට වඩා වෙනස් අදහස් තියෙන්නත් පුළුවන්.  ඉතින් ඒ අදහස් පහළින් අකුරු කරන්න ඔබ සැමටම ආරාධනා කරනව.

1 comment:

ටිකක් ඡනප්‍රිය ඒව