සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Monday, August 26, 2013

Dying Slave & Rebellious Slave by Michelangelo- මිය යන වහලා සහ කැරලිකාර වහලා හෙවත් බැඳ දමා ඇති වහලා

Dying Slave & Rebellious Slave-France at Louver
( වහළුන් ගේ මූර්තීන් ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අන්දම) 
පුරුෂ දේහයේ අලංකාරයත් ජව බලයත් මෙම මූර්ති දෙක තුළින්මනාව මූර්තිමත් කෙරේ.පැරණි ග්‍රීක හා රෝම මූර්ති ශිල්පීන්ගේ මූර්තීන්හි ආභාසය ගුරු කොට ගෙන නිර්මාණය වන්නට ඇතැයි සිතිය හැකි මෙම මූර්ති තුළින් මිනිස් සිරුර තුළින් අරුත්බර ප්‍රකාශනයක් මතු කොට දක්වීමට මයිකල් ආන්ජලෝ උත්සාහ දරා ඇත.

Dying Slave-France at Louver (මියයන වහලාගේ මූර්තිය)
සුප්‍රකට මෙන්ම අතිවිශිෂ්ට වූ ප්‍රතිභාපූර්ණ නිර්මාණ ශිල්පියෙකු බවට පත් වන ඔහුගේ ගමන් මගේදී ආන්ජලෝ විසින් අත් දකින ලද දුෂ්කරතාවන් මෙන්ම වේදනා සහගත අති මානුෂීය වූ අත්දැකීම් බොහෝ විය.එසේ ඔහුට මුහුණ දීමට සිදු වූ බාධක වලින් ගහණ වූ මාර්ගය ත් ඉන් මිදීමට ඔහු විසින් දරන ලද ප්‍රයත්නයත් මෙම මූර්ති තුළින් නිරූපණය වන බව බොහෝ කලා විචාරකයන්ගේ මතය බවට පත් වී ඇත.කිරිගරුඬ් පාෂාණයෙන්නෙළන ලද මෙම මූර්ති දෙක අතුරින් මිය යන වහලා මූර්තිය සෙ.මී.229 ක් උස් වන අතර කැරලිකාර වහලා මූර්තිය සෙ.මී.215 ක උසකින් යුක්ත වේ.
Legs of Dying Slave(දෙපාවල පිහිටීම)
Head of Dying slave (මුහුණේ හැඟීම් නිරූපණය)
වහලෙකුගේ කඳ කොටසේ මස් පිඬු වල දැඩි ස්වභාවය හා එය ඉස්මතු කර ඇති අකාරය
අධික ලෙස වැඩ කිරීම නිසා සිරුරේ ඇතිවන මස්පිඬු ඉලිප්පීම් පවා මතු කර ඇති අකාරය
Dying Slave (මිය යන වහලාගේ සම්පූර්ණ රුව)
Dying Slave - backside (පි‍ටුපස පෙනුම)
 එකම වකවානුවකදී නිර්මාණයවන්නට ඇතැයි සැළකෙන මෙම මූර්ති දෙවන ජුලියස් පාප්තුමන්ගේ ඇවෑමෙන් පසුව , එනම් 1513 වර්ෂයට පසු කාලීනව නිර්මාණය වන්නට ඇති අතර මේ තුළින් එකිනෙක හා සම්බන්ධ වූ සංකල්පනාවන් නිරූපණය වෙතැයි සිතිය හැකිය.

වර්තමානයේ මෙම මූර්තීන් මහජන ප්‍රදර්ශනය උදෙසා ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තබා ඇත.

ජායාරූප වැඩි ප්‍රමාණයක් එක් කිරීමේ අභිලාෂය හේතු කොට ගෙන බැඳදමා ඇති වහලා සම්බන්ද රූප සටහන් පහතින් එක කල බව කාරුණිකව සලකන්න.
Rebellious Slave-France at Louver (ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ඇති කැරලිකාර වහලාගේ මූර්තිය)
Rebellious Slave (මූර්තියක් නිර්මාණය කිරීමේදී එය සත්‍ය රුව හා කෙතරම් දුරට සමීප විය යුතුද?)
බැඳ දමා ඇති වරපට මෙන්ම ඇඟ හැරීමේදී සිදුවන සියුම් මස්පිඬු හැසිරීම ගැන පවා ඇතුල්කොට ඇත
ශරීරයේ සෑම අංගයක්ම සියළුම පැතිවලින් සෑබෑ රුවට සමාන ආකාරය(පැති පෙනුම)
පැති පෙනුම
දෙපා පිහිටීම හා ඇඟිලි වල ස්වභාවය
පින්තූර වැඩි ප්‍රමාණයක් ඇතුලත් කිරීම මෙහි අත්‍යවශ්‍ය කරුණකි.එහෙයින් පෝස්ට් එකට මේවා ඇතුලත් කලෙමි. Load වීමේදී අපහසුතාවයක් වේනම් කාරුණිකව සමාව භජනය කරමි
  
                                                                                                               Written by Angel Siththaravi

6 comments:

  1. මේ චිත්‍ර වල නිර්මාපකයා සතුවූ ප්‍රතිභාව ගැන නම් විවාදයක් නොමැත.

    ReplyDelete
    Replies
    1. එය නිහඬව රස විදීමට ඔබ සතුවූ ප්‍රතිභාව මං ගොඩාක් අගය කරනවා ප්‍රගීත්. මම ටිකක් සැකෙන් වගේ මේ පෝස්ට් එක දැම්මේ.කලින් ඩේවිඩ් වගේම මේකත් නිවුඩ් නිසා බලන අය මොනවා හිතයිද දන්නෙ නැහැනේ.පස්සෙ කල්පනා කලා ඕන දෙයක් කියලා....මම හිතන්නේ මේ බ්ලොග් සමාජයේ සැබෑවටම රසවින්දනය තියෙන මිනිස්සු ඉන්නවා......නේද?

      Delete
    2. ඔව් අඩුව ඇත්තේ සැබෑ නිර්මාණ ඒ රසවිඳින්නන් වෙතට ගෙනයන මාධ්‍යයක තමයි.

      Delete
  2. මට මූර්තියක් රස විඳිය හැක්කේ ඒ සමග ඇති විග්‍රහය කියවීමත් සමගය.එසේ නොමැතිනම් එය තවත් පිලිමයක්ම පමනි.ඔබගේ පැහැදිලි කිරීම මගේ රස වින්දනයට අත්වැලකි.

    ReplyDelete
    Replies
    1. මම අරූ අයියගෙ "අහිංසකාවියේ" පෝස්ට් එකට කමෙන්ට් එකක් දැම්මා මතකද?...//නිර්මාණ කරුවෙක් කියන්නේ තමන්ගේ හිතට දැනෙන දෙයක් අනිත් අයගේ හිතට තමන්ගේ වගේ දැනෙන්න නිර්මාණය කරන්න පුළුවන් කෙනෙකුට...//
      නිර්මාණයක් රස විඳින්නත් නිදහස් උනානම් හොඳයි කියන එකයි මගේ හැඟීම.මාතෘකාවක් නැතිව තමන්ට හිතෙන විදියට යමක් දිහා බලන්න......එහෙම සාර්ථකයි නේද?

      Delete
    2. කථාව ඇත්ත.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...