Saturday, August 24, 2013

2013 පහේ ශිෂ්‍යත්ව විභාගයට නිවසින් පිටත්වීමට සුභ නැකැත්.

    

  මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය 2013 අගෝස්තු 25 වෙනි ඉරිදා පැවැත්වේ.මෙම විභාගයට පෙනී සිටින දරුවන් සදහා නිවසින් පිටත්වීමට සුභ නැකැත් වේලා කිහිපයක් පහත දැක්වේ.මෙම වේලාවන් දැක්වීම වේලාසන කල යුතු වුවත් වෙනත් කටයුතු නිසා ප්‍රමාද විය.

      2013 අගෝස්තු 25 වැනිදා උදේ 7.41 දක්වා රේවතී නැකත ඇති අතර ඉන් පසු අස්විද නැකත ලබයි.ඒ අනුව දරුවා නිවසින් පිටත්වන විට දරුවාගේ උපන් නැකතට සුභදායක වේලාවක්  තෝරා ගැනීම වැදගත්වේ.ජ්‍යොතිෂ පුවත්පත් ආදියෙන් ලබා දී තිබුනු නැකැත් වේලාවන් දරුවාගේ උපන් නැකතට සුභදායක වීම නොසලකමින් සූක්ෂම චූල නක්ෂත්‍ර ක්‍රම අනුව සලකමින් දක්වා තුබුනි.ලේඛකයා මෙම ක්‍රමය ප්‍රතික්ෂේප නොකරන නමුත් දරුවාගේ ජන්ම වේලාව අනුව බලමින්(අඩු තරමින් උපන් නැකතට සුභ වන පරිදි) තත්කාලය හෝරාව ආදිය සලකමින් තෝරා ගන්නා සුභ නැකත වඩාත් යෝග්‍ය බව ශාස්ත්‍රීය මතයයි.
ඒ අනුව මෙවර දරුවන්ගේ උපන් නැකැත් වලට ගැලපෙන සුභ වේලාවන් කිහිපයක් දක්වමු.

  කැති,උතුපල්,උත්‍රසල,මුවසිරස,සිත,දෙනට,පුනාවස,විසා,පුවපුටුප හන නැකැත් වලින් උපන් දරුවන්ට රේවතී නැකත අසුභ බැවින් එම නැකැත් වලින් එකක උපන් දරුවන් නිවසින් පිටත් විය යුත්තේ උදේ 7.40 පසුවයි. ඒ අනුව එම උපන් නැකැත් හිමි දරුවන් කාල වේලාවන් අවශ්‍යතාව අනුව
   2013 අගෝස්තු 25 උදේ 7.44 හෝ 8.07  දකුණු දිග බලා නිවසින් පිටත්වීමත් ඉහත දැක්වූ නැකැත් නවයෙන් වෙනස් නැකතක උපන් දරුවන් උදේ 7.12 දකුණ බලා නිවසින් පිටත්වීමත් ප්‍රතිඵලදායකය.

* විභාගයට පිටත්ව යාමට පෙර ආගමික චාරිත්‍ර සිදු කොට දෙමාපිය වැඩිහිටියන් දෙපා වැද ආශීර්වාද ලබා පිටත් වන්න.

1 comment:

ayilas said...

නැකතට පිටත් උනාම විභාගේ ගොඩ යනවද? දන්නේ නැති නිසා ඇහුවේ.

Related Posts Plugin for WordPress, Blogger...