සිතුවම් සිතැත්තවුන්ගේ ශිල්ප තක්සලාව

Tuesday, August 13, 2013

Moses by Michelangelo - මෝසෙස් ප්‍රතිමාව (1505-1513)

මෝසෙස් ප්‍රතිමාව (1505-1513) - Moses by Michelangelo


පුනරුද යුගයේ ශ්‍රේෂ්ඨතම මූර්ති ශිල්පියා ලෙස මයිකල් ආන්ජලෝ හැඳින්වීම අවිවාදාත්මක කරුණකි.දෙවන ජුලියස් පාප් තුමන්ගේ සොහොන් ගෙය පාප්තුමන්ගේ මරණයට පෙර ක්‍රි.ව.1505 දී මුලින්ම ආන්ජලෝ විසින් සැලසුම් කළත්,ක්‍රි.ව.1513දී පාප් තුමන්ගේ මරණයත් සමඟ ඉන් පසු පත් වුණු පාප්වරුන්ගේ විවිධ කාර්යය නිම කිරීමට සිදු වීමත් නිසා



කිහිප වරක් සැලසුම් ඇඳීමෙන් පසු ප්‍රමාද වූමෙහි කටයුතු සපුරා නිම කරන ලද්දේ ක්‍රි.ව.1545දී බව කියවේ.පාප් තුමාගේ අවශ්‍යතාවය වූයේ සිය සොහොන් ගැබ කිරිගරුඬ ප්‍රතිමාවලින් අලංකාර කර ගැනීමයි.ඒ සඳහා කිරිගරුඬ සපයාගැනීමේ කටයුත්තද මයිකල් ආන්ජලෝ හටම පැවරිණි.

ඒ සඳහා ඔහු මාස ගනන් ගල් වළවල කල් ගෙවීය.අවසානයේ පාප්තුමන්ගේ අභිමතය පරිදි එහි කටයුතු නිමාවට පත් කෙරිණි.මෙම ස්මාරකයේ ප්‍රධානතම නිර්මාණය නම් සුප්‍රකට මෝසෙස් ප්‍රතිමාවයි.







මෙම මූර්තිය තුළින් දෙවන ජුලියස් පාප්තුමන්ගේ ත් මයිකල් ආන්ජලෝගේත් චින්තනයන් සංකලනාත්මකව නිරූපණය වන සේ නිර්මාණය කොට ඇතැයි බොහෝ විචාරකයන් ගේ මතය වී ඇත.මෙයින් අදහස් කරන්නේ සුභසාධනය පිළිබඳව පාප්තුමන්ගේ ගෞරවනීය අපේක්ෂාවන්ය.සරල මෙන්ම චාම් වූ මෝසෙස් රුව තුළින් තම ශක්තිමත් ප්‍රහිභාව නිරූපණය කිරීමට ආන්ජලෝ තැත් කොට ඇති බව මැනවින් පැහැදිළි වේ.හිස වමට හරවා සිටින සේ දක්වා ඇති මෙම පිළි රුවේ තෙදවත්, ප්‍රතාපවත් ගති ලක්ෂණ පැහැදිළිව දක්වා ඇත. කිරිගරුඬ පාෂාණයෙන් නිම කරන ලද මෙම මෝසෙස් පිළිරුව රෝමයේ ශාන්ත පීතර දෙව් මැදුරේ දැනට තබා ඇත.
                                                                                                                  Written By Angel Siththaravi

4 comments:

  1. මම මේ බ්ලොග් එක රස විඳින්නෙමි

    ReplyDelete
    Replies
    1. එය මට සිහින් අභිමානයක් එක් කරනබව සඳහන් කරනු කැමැත්තෙමි.

      Delete
  2. මේ බ්ලොග් එක ඉතාම හොඳ‍යි. ඔබට ජ‍ය !
    පුලුවන්නම් ඩැනී විමලසිරි ශිල්පි‍යාගේ චිත්‍ර ටිකක් දාන්න. පින්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...