අවසන දෙනෙත් විදහා...මෙතෙක් සඟවාලූ සියල්ල වදන් කර ගතිමි..
ඉඳින්...
ඔබ නෙතු දිලිහුනාවේ...ඒ ඇසිල්ලේ මා නිවෙන්නම්...
ඔබ සිත උදම් ඇනුවාවේ...ඒ ඉසව්වේ මා රැඳෙන්නම්...
ඔබේ සිත මගේ සිත උනාවේ...සිතින් සියවර කවි පද බඳින්නම්...
මගේම වූ මගේ අවිහිංසක සිහිනයේ සදා ඔබම දකින්නම්...!
කවිකාරි
ආදරය එහෙම තමයි. ප්රකාශිතවත් ආදරය කරන්න පුළුවන්. ඒවගේ ම අප්රකාශිතවත්. අප්රකාශිත ආදරය මාරයි. ඒක හරිම නිර්මාණශීලීයි. අප්රකාශිත ආදරය ලෝකේ මාර නිර්මාණ ගොඩක් බිහිකරලා තියෙනවා. ඒත් ඒක ප්රකාශිත තලයට ආවට පස්සේ ගොඩාක් බොළද කරගන්නවා. ඊට පස්සේ අනෙකා වෙනුවෙන් කැපකිරීම් කරනවා විතරයි. අනෙකාට පේන්න හැමදේම කරනවා විතරයි. ඒකේ නිර්මාණශීලීත්වය දෙදෙනාට සීමා වුණ ආත්මාර්ථකාමී ගතියකින් යුක්තයි. ඒත් සැගවුණු ආදරය සහ පරාජය වූ ආදරය විවෘතයි. නිර්මාණශීලීයි. ඒ වගේ ම බෙදා හදා ගන්න පුළුවන්. ඒ මගේ හැගීම් සහ දැනීම්.
ReplyDeleteතුෂාර විතාරණ
කුරැටු ගෑ ගී පවුරෙන්
එකඟයි.නමුත් වටහා ගැනීම සමඟ මුසුවුණු ප්රකාශිත ආදරය අර්ථවත් එකක් වේවි.ටිකක් අමාරු වේවි.නමුත් බුද්ධිමත් වුනොත් සොයා ගන්න හැකි වේවි.මගේ විශ්වාසය...!
ReplyDeleteකමෙන්ටුවට ගොඩාක් වටිනවා යාලුවේ.ආයෙත් ඇවිත් යන්න එන්න.
ස්තූතියි.