ගෙවී ගිය ඒ දිනය…
ගගන මට කන් දෙන්න
එපා හෙට ගොරවන්න
ඔවරන්න, කලු වෙන්න
ඇඟිලි ගණිමින් නොතොර
දුටු සිහින මල් කැකුළු
සුපිපෙනා සුභ දිනය
හෙට තමයි ඒ දිනය
සුළඟ මට කන් දෙන්න
එපා හෙට සැඩ වෙන්න
සිසිල් මද පවන් වැද
කෙහෙ රැල්ළ ලෙලවන්න
මැව් සිහින මල් පුසුඹ
විඳ ගන්න සුභ දිනය
හෙට තමයි ඒ දිනය
දිනිඳු මට කන් දෙන්න
හනික හෙට නැඟ එන්න
එපා යළි බැස යන්න
මා තුරුලේ සතපාන
ඈ සමඟ තනි වෙන්න
සිහින මැව් සුභ දිනය
හෙට තමයි ඒ දිනය……….