ලෝකයා ඔබව මනින්නේ…

     "ලෝකයා ඔබව මනින්නේ ඔබට කළ හැකි දේ අනුව නොව ඔබ කර ඇති දේ අනුවයි." 

     මට මතක නැහැ කවුද එහෙම කිව්වෙ කියලා; කවුරු වුනත් සම්පූර්ණ ඇත්ත කතාව.  ඒ අනුව ලෝකයා මාව මනිනවා ඇත්තෙ නිකමෙක් විදිහට.  මට එහෙම හිතුනෙ ඊයෙ හවස ආව කෝල් එකක් නිසා.  මගෙ හිතවතෙක් එයාගෙ වැඩකට පොඩි උපදෙසක් ගන්න කතා කළ ගමන් ටිකක් වෙලා කතාවට වැ‍ටුනා.  ඒ කතා කරන ගමන් තමයි කිව්වෙ "කෝ ඔයාගෙ සිංහාවලෝකනේ...? පටන් ගත්ත විතරනෙ, මොනවත් ලියන්නෙ නැහැනෙ."  කියලා.  මම ඉතින් සාමාන්‍යයෙන් කවුරුත් කරන විදිහට කෙටි නිදහසට කාරණා දෙක තුනක් කියලා කතාව ඉවර කළා.  ඒත් ඒ කතාව මට වැදුනා.  ඇත්තනෙ... මම සිංහය වගේ මේ බ්ලොග් එක පටන් ගත්ත විදිහට මමත් හිතාගෙන හිටියෙ අනිත් බ්ලොග් වලට ඉඩ මදි වෙනකම් ලියයි කියලා.  ඉතින් ඇයි මම ලියන්නෙ නැත්තෙ?  ඇයි මම එක තැන ගල්වෙලා...

     ඒකට ප්‍රධානම හේතුව ලෙස මා දකින්නෙ මගේ පළවෙනි විචාරකයා මමම වීම සහ ඒ විචාරකයා අනුකම්පා විරහිත, නිර්දය හා ඉතා ඉහල රුචිකත්වයක් ඇති කෙනෙක් වීම.  ඊළඟ හේතුව විචාරකයා හරස් දන්ඩ ඉහළ දමන හැම විටකම ඊට ඉහලින් පනින්නට හැකි වනු පිණිස වඩාත් ඈතට ගොස් දුවගෙන එන්නට තරම් උට්ඨාන වීර්යයක් ලේඛකයාට නොතිබීම.  සරලව කියනවානම් ලේඛකයා කම්මැලි වීම.  "උඹට හොඳ නැත්නම් මටත් එපා" කියල බාගෙට ලියපුව මකලා දාල වෙන වැඩක් පටන් ගන්න එක දැන් කී වතාවක් සිදුවෙලා ඇත්ද?  මගේ වින්දන ශක්තියේ තරමට මගේ නිර්මාණ ශක්තිය දියුණු වෙලා නෑ.  ඒකටත් හේතුව කම්මැලි කමම තමයි... 

      මම දන්නවා මේක මට විතරක් තියන ප්‍රශ්ණයක් නෙවෙයි.  තමන්ගෙම කොලිටි කොන්ට්‍රෝල් එක භාර ගන්න හැමෝටම තියන ප්‍රශ්ණයක්.  අද මම ලියන්න ගත්තෙ මොනවා ලියවුනත් පළ කරනවා කියලා හිතාගෙන. හොඳම දෙයක් ලියවෙනකම් ඉන්නෙ නැතුව මොනවා හරි ලියනවා...  ඒක කියවන්නත් මේ ලෝකෙ කවුරු හරි ඇතිනෙ...

7 comments:

  1. ලියලා තියන ඒවා ටිකක් බර වැඩියි ඒත් කියවන කට්ටිය ඔන කරං ඉන්නවා[කවුරැ නැතත් මං කියවනවා හි හි]. ඒහින්දා දිගටම ලියන්න

    ReplyDelete
  2. හැමදාම මාත් වැප් කිව්ව දේ කියනවානේ..
    ලියහං බං, ලියහං...
    අපි බලනවා...

    ReplyDelete
  3. දිගටම ලියන්න, අපිනම් බලනව ඕං ...

    ReplyDelete
  4. ලියන්න ලියන්න..ඔයා කොලිටි කන්ට්‍රොල් කරන්න යනන් එපා ඔයා ලියන දේවල්..
    අපිත් මේ බ්ලොග් ලියන්නේ , ලොකු ලොකු දේවල් නෙමෙයිනෙ..

    මම නම් ලියන සමහ ඒවා පිස්සුම විකාර..හික්ස්..ඒත් ලියනවා.. ;-)

    ReplyDelete
  5. ලෝකයා ඔබව මනින්නේ ඔබට කළ හැකි දේ අනුව නොව ඔබ කර ඇති දේ අනුවයි." මේක නම් වටිනා කියන කියමනක්.....

    ReplyDelete
  6. ඕක ඉතින් අපි කාටත් තියෙන ප්‍රශ්නයක්නෙ. තමන්ට මොනව හිතුණත් අපි ලියන දේ කියවල ඉගෙනගන්න ගොඩක් අය ඉන්නවා. මොකුත් නොලියම ඉන්නවට වඩා පොඩි හරි දෙයක් ලියන එක වටිනවා.
    අපි නං ඉතින් ඕං හැමදාම මේ බ්ලොග් එක කියවලා ලොකු දෙයක් ඉගෙන ගන්නවා. දිගටම ලියමු!

    ReplyDelete
  7. @වැප්
    බොහොම සන්තෝසයි ඇවිත් කතා කරල ගිය එක ගැන... මම ලියන ඒවා බරවැඩියි කියලා හිතෙනවද? මගෙ අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රමයේ අඩුපාඩුවක් වෙන්නැති. කියන දෙයක් තවත් සරළව කියන්න උත්සාහ කරන්නම්. දිගටම ඇවිත් කියවන්න.
    @පිස්සා
    නම පිස්සා නොවුනත් මාත් එක විදිහක පිස්සෙක් නිසා උඹ වගේ අය ඇවිත් යන එක ලොකු හයියක්. ඉදිරියටත් මාත් එක්ක හිටපන්...
    @සාරංග
    තැන්කූ... අපි දිගටම එකට ඉම්මු...
    @LG
    අපේ පිස්සු අපිට හොඳයි...! තැන්කූ දුන්න හයියට...
    @පන්හිඳ
    ඇත්තටම ඔව්. මුලින්ම දැකපු දවසෙම මටත් ඒ කියමන වැදුනා...
    @ තමීර
    මගෙන් මොනවද ඔයාට ඉගෙන ගන්න තියෙන්නෙ...? මමනම් වටිනාකම කියල නිම කරන්න බැරි තරම් දේවල් ටිකක් ඔයාගෙන් ඉගෙන ගෙන තියනවා... බොහොමත්ම ස්තුතියි දිගටම මට දුන්න අත දීමට...

    ReplyDelete