තනා දෙනු මැනවි මට පුතනුවකු, ස්වාමීනි...!

මම දෙතුන් වතාවක්ම කිව්ව මගෙ කවි උල්පත හිඳිල ගිහින් කියල.  ඒත් මම නිකමටවත් බැලුවෙ නැහැනෙ බිංදුවක් වත් ඉතිරි වෙලා තියද කියල.  ඔය අතරෙ මට අහම්බෙන් නෙත ගැ‍ටුනා General Douglas A. MacArthur ලියපු Build Me a Son කියන කවිය.  මම ඔය කවිය අවුරුදු ගනනාවකට පෙර මුලින්ම කියවපු දවසේ ඉඳලම මට හදවතට වැදිල තිබුනෙ.  ඉතින් මට හිතුනා ඒක සිංහලට පරිවර්තනය කරන්න.  මගේ උත්සාහය සාර්ථකද කියල කියවලා බලන්න...
දුබල වී සිටින විට
එබව වැටහෙන තරම් සවිමත්වු
බියට පත්වූ විටක
තමාටම මුහුණ දෙන්නට තරම් එඩිතරවු
සබෑ පැරදුම අසළ
උදාරව නැගී සිටිනට හැකිවු
මුදු ජයක් ලද විටක
නිහතමානීව පිලිගත හැකිවු
පුතනුවකු මට තනා දෙනු මැනවි, ස්වාමීනි...!

කොඳු ඇටය තිබිය යුතු තැනෙහි සිය
පපු ඇටය පිහි‍ටුවා නොතිබෙනා
ස්වාමීනි, ඔබව හඳුනන සේම
තමා කවුදැයි කියා හැඳිනීම
දැනුමෙ පදනම බවත් වැටහෙනා
පුතනුවකු මට තනා දෙනු මැනවි, ස්වාමීනි...!
සුව පහසු මං පෙතක් දිගේ නොව
කම් කටොලු අභියෝග පිරී ඇති
මගක් දිග ඔහු ‍රැගෙන යනු මැනවි
කුණා‍ටුව හමාගෙන එන විටක
කෙලින් සිටිනට ඔහුට දෙනු මැනවි
ඇද වැටෙන කවුරු හෝ දු‍ටු විටක
දයාවෙන් ඔහු ළතෙත් කළ මැනවි...!
අන් අයව මෙහෙයවන්නට කළින්
තමාවම මෙහෙයවා ගෙන සිටින
සිනාසෙන්නට ඉගෙන ගත් නමුදු
වැළපෙනා අයුරු අමතක නොවන
අනාගතයට ළඟා වන නමුදු
අතීතය මතකයෙන් නොගිළිහෙන
පුතනුවකු තනා දෙනු මැනවි මට...!
මේ සියලු දේ ලබා දුන් පසුව
දෙනු මැනවි ඔහුට හස‍රැල් බිඳක්
ගැඹුරු ලෙස සිතන්නට හැකි වුවද
සීමාව ඉක්මවා නොයන ලෙස…
සැබෑවූ උසස් බව තුළ තිබෙන සරල බව
සැබෑවූ නැණ නුවණ ‍රැ‍ඳෙන විවරවු මනස
සැබෑවූ සවි බලය සමග එන මුදු ගුණය
සැමවිටම ඔහුට සිහි වනු පිණිස
නිහතමනී කමද දුන මැනවි...!
එවිට ඔහුගේ පියාවූ මෙමට
හැකිවේය කොඳුරා කියන්නට
මගෙ දිවිය ඵල රහිත නොවන බව...!
මහසෙනෙවි ඩග්ලස් මැක්ආතර්

2 comments:

  1. Muito bem.
    www.penichelivre.blogspot.com

    ReplyDelete
  2. Nice translation man..
    I like the first paragraph of this poem...

    Build me a son, O Lord,
    who will be strong enough to know when he is weak,
    and brave enough to face him self when he is afraid;
    one who will be proud and unbending in honest defeat,
    and humble and gentle in victory.

    ReplyDelete