තනිකම…

අද මම තනියම...!  අදින් පසුවත් තව කොච්චර කාලයක් මට තනියම ඉන්න වෙයිද දන්නෙ නෑහැ.  ජීවිතේ අවසාන මොහොත දක්වාම තනියම ඉන්න වුනත් එහෙම ඉන්න පුලුවන් කියල මට විශ්වාසයි.  තනිකම කියන්නෙ මට අලුත් දෙයක් නෙවෙයිනෙ.  මගෙ හොඳම නිර්මාණ මා අතින් බිහිවුනේ තනියම හිටපු දවස් වල.  එක අතකින් මම තනිකමට කැමතියි.  තනිකම කියන්නෙ නිදහසට තවත් නමක් කියල මට හිතෙනව.  හැබැයි නිදහස කියන්නෙ වල් බූරු නිදහස නම් නෙවෙයි...  නිදහස තමුන්ටත් අනුන්ටත් කරදරයක් නොවෙන විදිහට භුක්ති විඳින්න අපි යම් සීමාවන් ටිකක් හදා ගන්න ඕනෙ.  එතකොට නිදහස තරමක් දුරට ඇහිරෙනව තමයි.  ඒත් සංවිධානාත්මක සමාජයක ජීවත් වන, ඒ සමාජය තුලින් ලැබෙන බොහෝ ප්‍රතිලාභයන් භුක්ති විඳින අපිට 100% ක නිදහසක් නෑ.  සමාජානුයෝගී වීම පිණිස අපි අපේ නිදහසින් යම් ප්‍රතිශතයක් කැප කරන්න ඕනෙ. ඒ කැපකළ යුත්තේ මොනවද කියන එක ලැජ්ජාව, භය සහ හෘද සාක්ෂිය විසින් අපිට පෙන්වා දෙනවා.  ඔය කියපු මාර්ගෝපදේශකයන් තිදෙනාට කීකරු නැති කෙනෙකුට නිදහස ලැබීම ඒ පුද්ගලයාටත් සමාජයටත් මහත් හිරිහැරයක් මෙනම අවදානමක්.  එහෙම අයට නිදහසේ තනියම ඉන්න ඉඩ දෙන එක බොහොම භයානකයි.

මම කියන්න පටන් ගත්තෙ මගෙ තනිකම ගැන.  ඒත් නැවතුනේ වෙන තැනකින්.  කමක් නෑ.  තනිකම ගැන මම ලියපු (මට)ලස්සන කවි පෙලක් තියනවා.  ඒක මම ඊලඟ පෝස්ට් එක්කට දාන්නම්.

4 comments:

  1. මට දවසක්දා අපේ LG ඔය තනිකමයි, පාළුවයි අතර වෙනස කියලා දුන්නා.. මට දැන් මතක නෑ, ඕෂෝගේ පොතක තිබිච්ච එකක්..

    ගනං ගන්න එපා.. ඕවා ඔහොම තමයි..
    ඕනෙවට වඩා හිතන්න ගියාම හැම දෙයක්ම කචල් නේ...

    ReplyDelete
  2. @පිස්සා
    පිස්සුද බං... කවුද ඕව ගනන් ගන්නෙ... මට පාලුත් නෑ, තනිත් නෑ... ආතල් නිදහසක්... එච්චරයි! අත නොහැර මගෙ බ්ලොග් එක කියවනවට උඹට තැන්කූ...

    ReplyDelete
  3. හුද"කලාව" , කලාවක් කර ගන්න අපේ පිස්සා සහෝ වගේ ;-)

    ReplyDelete
  4. මේ වනවිට මගෙ තනිකම ඉවරයි. 'නොතනියට' කෙටි විරාමයක් ලැබුනා. එපමනයි...!
    @LG
    පහුගිය දවස් දෙක තුන ටිකක් කාර්ය බහුල වුනා. ඔයාගෙ කමෙන්ට් එකට ස්තුති කරන්න පමා වුනේ ඒකයි. ගෙදර වැඩයි, රස්සාවයි, බීමයි අරවයි මේවයි මැද්දෙ බ්ලොග් කෙරුවාව කරන්නෙ හරිම අමාරුවෙන්...

    ReplyDelete