Friday, August 2, 2013

වෙබ් පිටු වෙනුවට එරර් මෙසෙජස් Part - 1

අන්තර්ජාලය තුළින් වෙබ් අඩවි පෙන්වන්නේ නැති වේලාවල් වලදී ඊට හේතුව වශයෙන් පණිවිඩයක් පෙන්වයි...එරර් මෙසේජ් ලෙස හදුන්වන මෙම පණිවිඩ මගින් පමාවීමට හේතු විස්තර කරයි...මේවා පෙන්වනු ලබන්නේ යම්කිසි අංකයක් මගිනි...එම එරර් මෙසෙජ් අංකයෙන්ද යම්කිසි වැටහීමක් ලබා ගත හැකි අතර හතරේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මෙසෙජස් ලැබෙන්නේ වැරදි ලෙස වෙබ් බ්‍රව්සර භාවිතා කිරීම නිසාය..පහේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මෙසේජස් ලැබෙන්නේ අන්තර්ජාල සේවා සපයන සවර්වල ඇති වරදක් හෝ අනතර්ජාල සම්බන්ධතාවයේ ඇති වරදක් නිසාය...මේවා වර්ග 8ක් ඇත.එවැනි එරර් මෙසේජස් වලින් කියැවෙන දේ පහත සදහන් වන අතර ක්‍රියාකල යුතු ආකාර ද  මෙහි සදහන් වේ..ප්‍රථම වශයෙන්ම මා කතා කරන්නේ 4ක් ගැන පමණි..මුලින්ම අපි අද 400 යන එරර් මෙසේජය ගැන කතා කරමු...

400 Bad Request
මෙමගින් අදහස් කෙරෙන්නේ අන්තර්ජාලය වෙතින් පරිශිලකයා ‍ඉල්ලා ඇති වෙබ් අඩවියට අදාල වෙබ් ලිපිනයෙහි යම් වරදක් තිබෙන බව හෝ වෙබ් ලිපින තීරුවේ ටයිප්කල වෙබ් ලිපිනයට ගැලපෙන වෙබ් අඩවියක් මෙතෙක් අන්තර්ජාලයට ස්ථාපිත කර නොමැති බවය..මෙවැනි පණිවිඩ ආ විට ප්‍රථමයෙන්ම කල යුත්තේ වෙබ් ලිපින තීරුවේ සටහන් කල වෙබ් ලිපිනයෙහි නිරවද්‍යතාව තහවුරු කර ගැනීමයි..විශේෂයෙන්ම වෙබ් ලිපිනයේ සංකේත,ඉලක්කම් ආදී දේ පිළිබද සැලකිලිමත් විය යුතුය...


401 Unauthorized
මින් අදහස් කෙරෙන්නේ පරිශිලකයාට අවශ්‍ය වෙබ් පිටුවට හෝ අඩවියට ඇතුළුවීමට අවසර නොමැති බවය...මෙම වෙබ් අඩවිවලට ඇතූළුවිය හැක්කේ පරිශීලකයාගේ තොරතූරු ඇතුලත් කොට එහි ලියාපදංචි වී ඉන් පසු ලැබෙන යූසර් නේම් සහ පාස්වර්ඩ් යොදා ගැනීමෙනි...


403 Forbidden
මෙයින් අදහස් කෙරන්නේද ඉහත සදහන් කල දේමය..මෙහිදීද තම තොරතුරු සපයමින් ලියාපදිංචි වී ඉන්පසුව ලැබෙන යූසර් නේම් හා පාස්වර්ඩ් භාවිතා කිරීමෙන් ඇතුළු විය හැක..


404 Page Not Found
මින් කියවෙන්නේ පරිශීලකයාට ලබා ගැනීමට අවශ්‍ය වෙබ් අඩවිය හෝ පිටුවට සම්බන්ධ කිරීමේ යම් තාක්ෂණික අපහසූතාවයක් පිළිබදවය..මෙවැනි අවස්ථාවලදී කල යුත්තේතමන් පෙර සිටි වෙබ් පිටුව වෙත ගොස් නැවත ඔබට අවශ්‍ය අඩවිය හෝ පිටුව ඉල්ලුම් කිරීමයි...තවද රී‍ෆ්රෙෂ් කිරීමෙන්ද මෙම වරද නිවැරදි කරගත හැකිය..
පරිශීලකයා විසින් වෙබ් ලිපිනය ටයිප් කල විට මෙම එරර් මෙසෙජය ලැබෙන්නේ නම් වහාම කල යුත්තේ වෙබ් අඩවියේ ලිපිනය පරීක්ෂා කිරීමයි..වෙබ් ලිපිනයේ යම් වෙනසක් කොට තිබීම,වෙබ් පිටු මකා තිබීම,වෙබ් අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් කර තිබීම වැනි හේතු නිසාද මෙම එරර් මෙසෙජය ලැබිය හැක..


ඉහත සදහන් කල එරර් මෙසෙජස් සහ තොරතුරු  මෙහි සදහන් වන්නේ සුළු ප්‍රමාණයකි..මෙහි ඉතිරි එරර් මෙසෙජස් වල තොරතුරු අප ඔබට රැගෙන එන්නම්...දෙවන කොටසද කියවන්න...නැවත දෙන කොටසේදී හමුවෙමු!!...

වැදගත් උනා නම් කොමෙන්ටුවක් දාලම යන්න. ඔබේ අදහස්, අවවාද, තර්ක අපිට ගොඩක් වටිනවා.

Comment එකක් දාන්න