blog එකට Google+ page එකක්, Google+ comment සහ Google+ followers

මෙ ලඟදි මට email එකක් ආවා Blogger Team එකෙන්. ඒ Blogger වලට ආපු අළුත් gadget එකක් ගැන. ඔයාල blog එකට google+ page එකක් පවත්වාගෙන යනව නම්, මේ gadget එක පාවිච්චි කරල ඔයාල ගෙ followers ල වැඩිකරගන්න පුලුවන්.
ඔයාලට google+ page එකක් නැත්නම් google+ account එකට ගිහින් වම් පැත්තෙ තියන Home tab එකට ගියහම ඔයලට රූපෙ පෙනෙන විදිහෙ menu එකක් ලැබෙවි.


ඒ menu එකෙ Pages tab එකට ගියහම ඔයාලට google+ page එකක් හදාගන්න පුලුවන් වේවි. මටත් හරියටම මතක නැ. මොකද මම page එක හදල දැන් ගොඩක් කල්.
ඔයා page එක හැදුවට පස්සෙ, ඔයාට blogger account එකට ගිහින් Google+ tab එකට ගියහම රූපයෙ පෙන්නනව වගේ ඔයාගෙ page එක තොරන්න පුලුවන්. ඒ රූපෙම ඔයාලට පෙන්නෙනව ඇති දකුණු පැත්තෙ check box දෙකක් tick කරල තියෙනව. ඒව වලින් ඔයාලගෙ blog post එක google page එකෙ page එකේ නමින් post කරගැනීමටත්. google+ comments ( Facebook comments වගෙ ) බ්ලොග් එකට ලබාගැනීමටත් පුලුවන්.


දැන් ඔයාලට පුලුවන් Blogger page එකේ Layout tab එකට ගිහින් Add a gadget link එකක් click කරල Google+ Followers gadget එක add කරගන්න.

Comments

Popular posts from this blog

Calendar Control එකෙ date disable කරමු.

HTML Microformats ගැන දැනගනිමු

මොකටද මෙ HTML meta tags - 2 (Description meta tag)