Sunday, July 21, 2013

පාපොච්ඡාරණය




නේරංජන ඉවුර මෙපිට
අවසඟ වී  දෙපය බරින
ආපහු නුඹ වෙතින් හැරුන
රාත්‍රිය මතකද

දිය ඇති නැති ගං වැල්ලට
මෙපිටහ ගංබඩ ඉඳඟෙන
කෙළෙස් කදක් උර තියාන
සුබ ගමන්ය යැයි පතන්න
කුහක උනා මං

සියෙරාමෙස්ට්‍රාවේ
කඳු බෑවුම් ගානේ
පාරමිතාදම් පුරාපු
චේ දැකලා නැත

ස්වාර්ථය බිම පාගා
පාරක් පාරක් ගානේ
දහදියරට ලේ හරවන
උඹ දැකලා ඇත


2 comments:

  1. මේ වෑයම කාවෙනුවෙන් කා උදෙසාද?

    ReplyDelete
  2. ඒ උනාට බං ඌ බළල් හස්තයනේ.උඹනේ මහමොළකාරයා..හෙඃ හෙඃ

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...