වෙබ් සයිට් එකක අපිට අවශ්‍ය දේ විතරක් ප්‍රින්ට් කරගන්නේ මෙහෙමයි..

print what you like by comeege dinapotha
කොහොමද කට්ටියටම..? ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නේ තවත් වැදගත් දෙයක් ගැන මේක මෘදුකාංගයක් නම් නෙවේ මේක වෙබ් අඩවියක් නිකම්ම නිකම් එකකුත් නෙවේ වටිනා වෙබ් අඩවියක් මේකේ වටිනාකම කිව්වොත් අපිට වෙබ් පිටුවක දෙයක් ප්‍රින්ට් කරගන්න ඕනි කියලා හිතන්න එතකොට අපිට ඕනි දේයි එපා දෙයි ඔක්කොම ප්‍රින්ට් වෙනවනේ ඒ කියන්නේ වෙබ් පිටුවේ තියන සියලුම දේ ප්‍රින්ට් වෙනවා කියන එකනේ. මේක ඉතින් කරදර වගේම නැතිනම් අය ඒක භාගෙන සංස්කරනය කරලා ප්‍රින්ට් කරන්නනේ වෙන්නේ. මෙන්න මේ කරදර ඔක්කොටම විසදුම තමා අද කියන්නේ මේ අඩවියේ නම තමා PrintWhatYouLike.Com. මේකට ගිහින් ඔයාට ප්‍රින්ට් කරන්න ඕනි අඩවියේ ලිපිනය දීලා අවශ්‍ය කොටස් පමනක් ප්‍රින්ට් වෙන්න දෙන්න ඉතා ලේසියෙන් හදාගන්න පුලුවන්. ලේසියි කියන්නේ අවශ්‍ය දේ තෝරලා අයින් කරන්න හරිම ලේසියි ගිහින්ම බලන්න කොච්චර ලේසිද කියලා වර්ඩ් වලට වඩා ලේසියි කියලා හිතෙයි ඔයාලට. මේක නොමිලේ දෙන සේවයක් ඔයාලට දවසක වැදගත් වෙයි ඒ නිසා දිනපොතයි මේ අඩවියයි Bookmark එකක් දාලා තියාගත්තට පාඩුවක් නම් වෙන් නැතිවෙයි ඔන්න. එහෙනම් මෙන්න අදාල අඩවිය


PrintWhatYouLike.Com


එහෙනම් ඔක්කොමට ජය වේවා...! දිනපොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමන් ගිහින් එන්නම්.



Post a Comment

0 Comments