Monday, July 8, 2013

මෙරට දෛනික දුම්රිය ගමන්වාර 325ක් පමණ ක්‍රියාත්මක වුවත් අද එය වාර 10කට සීමා වුනා


වැටුප් විෂමතා විසදා දීම බලධාරීන් විසින් දිගින් දිගටම ප්‍රමාද කිරීමින් අවුරුදු 78ක සිට ආණ්ඩුව විසින් සිදුකළ දුම්රිය සේවකයින් රැවටීමේ ප්‍රතිපළයක් ලෙස ඊයේ දුම්රිය ශ්‍රේණිගත එකමුතුව (7) මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹි පැය 48ක දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයට සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සමිතියේ උපරිම සහාය ලබාදෙන බව එහි ලේකම් සුමතිපාල මානවඩු මහතා පවසයි.


මේ සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුරියැදුරන්නියාමකවරු ඇතුළු දුම්රිය අධීක්‍ෂණ කළමනාකරණ සේවයට අයත් සියලු සේවකයන් සහභාගි වී සිටින බවත් ඒ මහතා පැවසීය.
කෙසේ නමුත් අද (08) සවස 2.30ට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත වුවත් දුම්රිය බලධාරීන් වර්ජනය අතහැර ඊට එන්නැයි කී නිසා සාකච්ඡාවට නොයන බව බවද ඔහු පැවසීය.

වර්ජනය ඇරඹී ලතවූ පැය පැය 8ක කාලය තුළ ධාවනය වී ඇත්තේද දුම්රිය 10ක් පමණක් බවත් මානවඩු මහතා තවදුරටත් පැවසීය. දෛනිකව මෙරට  දුම්රිය ගමන්වාර 325ක් පමණ ක්‍රියාත්මක වන තත්වයක් තුලයි අද දින ගමන් වාර 10කට සීමා වූයේ.

දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු සිදුකිරීමට ප්‍රමාණවත් තරම් සේවකයින් නොමැති බවත් ඊයේ රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමට සිදුවූ බවත් දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඊයේ රාත්‍රී සිට මගී ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටි බවත් වාර්තාවේ.
වර්ජනය අතහැර සාකච්ඡාවට එන්නැයි කළ ඉල්ලීම පිළිනොගන්නා බවත් වර්ජනය ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන බවත් දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කරයි. 

No comments:

Post a Comment